25 September 2016

හිරු බට නිම්නය කොත්මලේ

සෑහෙන කාලයකට පස්සේ හොඳ පොතක් කියවන්න ලැබුණා. මේ පොත ලියලා තියෙන්නේ පේරාදෙණි සරසවියේ මහාචාර්ය වරයෙක්ව කටයුතු කරපු අනුරාධ සෙනෙවිරත්න මහත්මයා.

එතුමා කොත්මලේ ගැන කරපු පර්යේශණ වලින් තමයි මේ පොත ලියලා තියෙන්නේ. කොත්මලේජන ජීවිතය ගැන, කොත්මලේ ආගමික පසුබිම ගැන වගේ විවිධ පැති කිහිපයක් ගැන මේ පොතේ සදහන් වෙනවා.

පොතේ තිබුන ජනප්‍රවාද කතාවක පොඩි කොටසක් පහලින් ලියලා තියෙනවා.

" එකමත් එක කාලෙක, යකැදුරෙ කඳු මුදුනක් කරා වැටී තිබුණු අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමනක් යමින් සිටියේ ය. කන්ද මුදුනට ළඟා වූ ඔහු විස්මයට  පත් වූයේ පොළොවෙන් පැන නැඟුනු රන්වන් ආලෝකයක් වැනි යමක් දැකීමෙනි.

එය රන් කොතක් යයි කල්පනා කළ යකැදුරා කෙසේ හෝ එය ලබා ගනීමට වෙර දැරීය. ප්‍රීතියෙන් පිනා ගිය ඔහු සිය බෙරය වාදනය කරද්දී ආලෝකය එතැනින් අතුරුදහන් ව වෙනත් ස්ථානයකින් මතු වූයේ ය. එහෙත් එය එතැනද දිගු වේලාවක් පැවතුණේ නැත. බෙර වාදනය ඇසූ ගම්මු ද මෙම සිද්ධිය කුමක්දැයි සෝදිසි කර බැලීම සදහා කන්දට ආහ.

රන්කොත ගිනිදැල්ලක් මෙන් තෙවැනි වරටත් අතුරුදහන් වනු දුටු ඔවුන්ගෙන් එක් අයෙකු, පසුව 'කොන්තනාඹේ මුදුයන්සේ' යන නමින් ප්‍රසිද්ධියට පත් විය. එදා සිට මෙම ප්‍රදේශය කොත්මලේ නමින් ද, කන්ද කොත්තුණුගොඩ නමුන්ද ප්‍රසිද්ධියට පත් විය.
"
( පිටු 19 -20 )

සාහිත්‍යය මාසයේ ඉඩක් ලැබුනොත් මේ පොත හොයාගෙන හරි කියවලා බලන්න. මේ පොත මුලින්ම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එකක්. පරිවර්තනය කරලා තියෙන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්න මහත්මිය. සරසවි ප්‍රකාශනයක් !


5 comments:

  1. හෝඩුවාවට ස්තූතියි, සංකල්ප. කොත්මලේ ඉතිහාසයම මෙහි සදහන්ද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔවු... ගොඩක් කරුණු තියෙනවා.

      Delete
  2. මේ වගේ අමුතු සිද්දි තියෙන ලංකාවේ පොත් කියවන්න මම හරි කැමතියි.. කොත්මලේ මහ සෑය හදද්දී මම එක සැරයක් ගියා.. හැදුවට පස්සේ තාම යන්න බැරි වුණා..

    ReplyDelete
  3. මේ වගේ අමුතු සිද්දි තියෙන ලංකාවේ පොත් කියවන්න මම හරි කැමතියි.. කොත්මලේ මහ සෑය හදද්දී මම එක සැරයක් ගියා.. හැදුවට පස්සේ තාම යන්න බැරි වුණා..

    ReplyDelete
  4. මේ පොත කොහෙන්ද ගන්න පුලුවන්?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.