දවසක් එක මනුස්සයෙක් ගමනක් යනකොට ඇතෙක්ව දකිනවා.මූ ලොකු ඇතෙක් උනත් බැඳලා තිබ්බේ හිතා ගන්නවත් බැරි තරම් ශක්තියෙන් අඩු කඹයකින්. ඉතින් මේ මනුස්සයා මේක දැකලා පුදුම හිතිලා ඒ ලඟ හිටපු ඇත්ගොවුවාගෙන් අහනවා.
"මෙච්චර ලොකු ඇතෙක් වෙලත් ඇයි එච්චර ශක්තියෙන් අඩු කඹේකින් බැඳලා තියෙන්නේ ? දම්වැලකින් බැඳලා දාන්න තිබ්බා නේ ?" අර මනුස්සයා ඇත්ගොවුවාගෙන් අහනවා.
"මෙහෙමයි මහත්තයෝ ! මේ ඇතා පොඩි කාලේ ඉදලම ගැටගහලා තිබ්බේ මේ ජාතියෙම කඹේකින්. ඒ කාලේ නම් කඹේ කඩාගෙන යන්නත් හැදුවා. ඒත් ඌට ඒ කාලේ කඹේ කඩාගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ. ඉතින් ඌ ලොකු ඇතෙක් උනත් උට තාම විශ්වාසයි තමන්ට මේ කඹේ කඩාගෙන යන්න බෑ කියලා. ඒ නිසා මුට පුලුවන් උනත් මූ කඹේ කඩාගෙන යන්නේ නෑ." කියලා ඇත්ගොවුවා කිව්වා.
අර මනුස්සයා විස්මය පල කරලා එතනින් යන්න ගියා.
කතාවේ ආදර්ශය - තමන්ට කොයි දේත් බෑ කියලා හිතන්නේ නැතුව තමන්ට තියෙන හැකියාවන් අඳුන ගන්න ඕනා.
-----------------------------------------------------------------------
ප.ලි.- වැඩ කරන අතරේ ලැබුන පොඩි විවේකය අතරතුරේ කියවපු පුංචි කතාවක් සිංහලයට පරිවර්ථනය කළා.
හොඳා හොඳා කතා පොඩ්ඩ...
ReplyDeleteය(ර්)ස් අයි කැන්....!!
ReplyDeleteදැන් ඉන්න අලි නං දම්වැල් නෙමේ ඊට වඩා දේවල්වත් දාලා නවත්තන්න බැහැ, පුදුම කඩාගෙන පැනිලි නෙව පනින්නෙ .....
ReplyDeleteමං දන්නවා ඔයාට පුලුවන්...
ReplyDeleteලස්සන කතාව අයියා
මාත් ඕක කලින් අහල තියනවා. පොඩි කතාවක් වුනාට ඒකෙ ගන්න ලොකු දෙයක් තියනවා.
ReplyDeleteසුට්ටන් වුනාට කතාවෙන් කියන්නෙ ලොකු දෙයක් තමයි !
ReplyDeleteඅලියට කඹේ කඩාගන්න පුළුවන් බව ඌ නොදන්නවා නෙවෙයි.
ReplyDeleteඑහෙම කඹේ කඩාගත්තොත් ඊ ළගට මොකද කරන්නෙ කියල ඌ දන්නෙ නෑ. අවුල තියෙන්නෙ එතන...
අලියට කඹේ කඩාගන්න පුළුවන් බව ඌ නොදන්නවා නෙවෙයි.
ReplyDeleteඑහෙම කඹේ කඩාගත්තොත් ඊ ළගට මොකද කරන්නෙ කියල ඌ දන්නෙ නෑ. අවුල තියෙන්නෙ එතන...
අර්ථවත් කතාවත්.. ස්තූතියි බෙදාගත්තට.. :)
ReplyDeleteහොද ආදර්සමත් කතාවක්..
ReplyDelete"ඔව් මට පුළුවන්.."
We are champions! :-D
ReplyDeleteහොඳ කථාවක්, ඒත් මටත් මතක් වෙන්නෙ 'පන්සල් හංදිය' කියපු දේමයි.
ReplyDeleteකතාව පොඩි උනත් හොඳ ආදර්ශයක්
ReplyDeleteඅන්න එහෙම තමා ඉන්න ඕනේ හැමවෙලේම බෑ බෑ නොකියා.
ReplyDeleteහොද කතාවක්....
ReplyDeleteඑකනේ.... එකනම් මාර වටිනවා... අපේ ර-- වගේ අලියෙක්
ReplyDeleteඅලියො විතරක් නෙවෙයි බල්ලොත් ඔය වගේ තමා. අපේ බල්ලගෙ කරට ඔලුවෙන් ගලවන්න පුලුවන් විදිහට තොන්ඩුව හදලා දැම්මත් ගලවගන්නෙ නෑ දැන්. ඇයි ඉස්සර හිරට දාපුවාම ගලවගන්න බැරි වුන ඒවා මතකනේ.
ReplyDeleteඒ කියන්නේ අලින්ට හොඳට මතක තියනවා කියන කතාව ඇත්ත.:D
ReplyDeleteපොඩි කාලෙ හිතට දාන අදහස්වලින් අපි ජීවිත කාලෙම නිදහස නැති කරගන්නවා..ලස්සන අදහසක්..
ReplyDeleteහැම අලියම ඔහොම තමයි බං...තමන්ට කරන්න පුළුවන් දේවල් , බැරි දේවල් දන්නේ නෑ...ඕව කියවලාවත් හැදෙනවා නම් ඉතින්...
ReplyDeleteThink Difference කියලා තමා කියන්න වෙන්නේ ;)
ReplyDeleteමමත් මේ කියන්න ගියා විතරයි බෑයි කියලා බෑ කියලා :D
ReplyDeleteඅලිත් එක්ක මෙච්චර තරහා මොකද මන්දා.. වන ජීවී එකේ අයත් තරහයි, ගම් වල මිනිස්සුත් තරහයි, මලින්ද මාමත් තරහයි, අපි නම් හරි ආදරෙයි, අපි කොහොම හරි අලි බේරගන්නවා..
ReplyDeleteඅපොයි... අලියට අලි සයිස් මොලයක් නෑ කියන්නේ ඇත්ත තමයි එහෙනම්!
ReplyDeleteඒ උනාට ඇතාට ඇත්ත තේරුන වෙලාවට මධුරංග අය්ය කපෝති....!!
ReplyDelete@සයුරි :
ReplyDeleteඑහෙනම් පරිවතනය කලාට පාඩු නෑ වගේ. :)
@තාරක Dilsh@n :
යේස්. යු කැන් !!! :)
@පන්සල් හංදිය :
ඒක හරි. මොනා කරලා නවත්තන්නද දන්නේ නෑ.
@පිස්සු පුසා :
ReplyDeleteමම් ඇන්කර් නම් බොන්නේ නෑ. :)
@Kasun :
මාත් පොඩි වැඩවලට ගොඩක් ආසයි නේ.
@Weni :
ඔවු වෙනී අයියා. සුට්ටන් කතාවක ලොකු ආදර්ශයක්.
@Anonymous :
ReplyDeleteඑහෙම වෙන්න ඇති . ඒකම වෙන්නැති ඌ කඹේ කඩාගෙන යන්න හදන්නේ නැත්තේ. ගොඩක් ස්තුතියි අදහසට.
@නන්දු :
මගේ පරිවර්තනයක් කියෙව්වට ස්තුතියි.
@Dinesh :
මම් දන්නවා ඔයාට පුලුවන් කියලා.
ජය වේවා මල්ලි !!!!
@විසිතුරු | visituru :
ReplyDeleteකතාවේ මොරාල් එක වැඩි උනාද මන්දා. ඔවු මල්ලිත් චැම්පියන් කෙනෙක් :)
@Observer :
මාමත් හරි. කල්හාර අයියත් හරි. :)
@නලින්-සමනලුන්ට වෙඩිතියන්න :
අනිවාර්යෙන්ම. ලස්සන කතාවක්.
ඇයි සමනල්ලුන්ට වෙඩි තියන්න කියන්නේ ? අපරාදේ උන්ඩ ටික
@නදී :
ReplyDeleteඒක හරි. බෑ කියලා බෑ. :)
@අකීකරු හිත :
ස්තුතියි. මමයි පරිවර්ථනය කලේ.
@රහස් පරික්ෂකයා :
හා හා. කට !!! කට !!!
මට හැංගිලා ඉන්න වෙයිද මන්දා. :)
@නිසුපා :
ReplyDeleteඔය එහෙනම් අක්කා අත්දැකීම් වලින්ම දන්නේ... හෑ. අක්කලාගේ ගෙදර බල්ලෙක් ඉන්නවද ? අම්මෝ :)
@Podi Kumarihami :
ඔවු පොඩ්ඩි අක්කේ. තිරිසන් සතුන්ගෙන් අලියන්ට හොද මතකයක් තියෙනවා කියලා අහලා තියෙනවා.
@රූ.... :
ඒ නිසා පොඩි කාලෙදි හොද දේවල් හිතට දාන්න ඕනේ.
@රවින් :
ReplyDeleteඅනේද කියන්නේ. ඕවා කියලාවත් හැදෙනවා නම් ....
@ChammA :
එහෙමවත් කියමු ඉතින්.
@සීතල අයියා :
බෑයි කියලා බෑයි කියලා බෑ.
මතකයි නේද මල්ලි මේ සිංදුව. ටයි මාමව මතක් වෙනෝ.
@sAm (සෑම්) :
ReplyDeleteමම නම් ඔය කොයි සතා එක්කත් තරහා නෑ. :)
@ලහිරු :
අලි ඇඟක් තිබ්බට අලි මොලයක් නෑ.
@වින්චැට්කිරිල්ලි. :
මම ගියේ නෑ හලෝ ඒ පැත්තේ. අම්මෝ යන්නෙත් නෑ. කඩාගෙන ආවොත්. හික්ස් :)
හැම දේකටම මුල් වෙන්නෙ හිත නේද? බෑ කීවොත් බෑ ම තමයි..
ReplyDeleteදොස්තර හොඳහිතේ වගේම තමයි..
හම්....
ReplyDeleteඅලියා ව ඒ තත්වෙට පත්කලේ මනුස්සයාම නේද?.ඕකට තමා කියන්නේ මනුස්සයාගේ ඉන්ද්‍රිය ගෝචර වෙන විදිහට මිනිසා පරිසරය හදා ගන්නවා කියලා..
සුට්ටං බට්ටං ෂෝයි කතාවක් ..මරු!
හ්ම්ම්ම්ම්ම්! කෙටි නමුත් හොඳ කතාවක්
ReplyDeleteසෝක් කතාව.ලොකු ආදර්ශයක් තියෙනවා ජීවිතේට ගන්න..
ReplyDeleteඔන්න දැනුයි මම දැක්කේ අදත් අප්ඩේට් වෙලා නැහැ. පස්සේ මම අආපහු ඔන්න හදාගත්ත එක.
ReplyDeleteහ්ම්ම් ලස්සන කතාව :)))
ඔය කතාව අපිට කියන ගමන් උඹත් ආදර්ශෙට ගන්න ඈති කියලා හිතනවා....
ReplyDeleteශෝයියන් කතාව අනේ..
ReplyDeleteශා... නියම පුංචි හුරතල් කතාවක් අයියේ.. පුංචි වුනත් ආදර්ශය නම් විශාලයි...
ReplyDelete@Roshan Herath :
ReplyDeleteමටත් දොස්තර හිත හොද කතාව මතක් උනා.
@ඹාලු ෆිට් එක :
අම්මෝ බර වචන දානවා මේ සරල විදිහට ඉන්න කොල්ලගේ ඔලුවට :)
මමයි පරිවර්තනේ කලේ. :)
@දිල් :
හේ. :) ස්තුතියි අපේ අක්කා :)
@නදීර සඳරුවන් ලියනගේ :
ReplyDeleteඅනිවාර්යෙන්ම. ඒ නිසා අපට තියෙන්නේ ඒ ආදර්ශය ගන්න :)
@වර්ණා :
අප්පටසිරි. මාර ලෙඩක් නේ. ඔය පෝස්ට් අප්ඩේට් වෙන ලෙඩේ නම් ගොඩක් අයට තිබුනා. ඒකට හරි විසදුමක් තාම නැති හැටි.
@prasanna86k :
මේක කමෙන්ට් කරපු එකාටත් පොදුයි මේ කාරණාව.:)
අනිවාර්යෙන්ම අයියා.
@අසනි :
ReplyDeleteඔවු අනේ. :)
@හිතුවක්කාරි :
කතාවේ හිටපු අලියට ලැජ්ජ හිතෙයිද මන්දා :)
හොඳ කතාවක් . ඒ කතාවෙන් දීපු ආදර්ශය නම් හෙන වටිනවා . උගන්වන වෙලාවේදී ළමයින්ට කියන්න මේ කතාව මතක තියාගත්තා මම .
ReplyDeleteස්තූතියි කීවා
ම්ම්..අලියට ඒක කරන්න බැහැ කියල හිතන් ඉන්න මනුස්සයත් මෝඩයි..අලියා ගියාම තමයි තේරෙන්නෙ..හි හි..
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවේ..හිමීට අනිත් පොස්ට් ටිකත් කියන්න ඕනෙ..
හෙහ්.. ඌට තාම මද කිපිල නෑ එහෙනං.
ReplyDeleteඅන්න බලන්න ඒ කතාවෙන් මම ගත්තු දේ...
පුංචි උනත් නියම කතාවක්නේ.. ලස්සන උපදේශයක්.. :)
ReplyDeleteඇත්තටම හිතන්න දෙයක් ඉතුරු කරපු කථාවක්.. පොස්ට් ගොඩාක් මග හැරිලා වගේ අය්යේ... මේ දවස් වල වැඩ ගොඩ ගැහිලා... නිවාඩු පාඩුව එන්නම්කෝ කියවන්න
ReplyDeleteආදර්ශය නම් උතුම්...
ReplyDeleteකාලෙකින් අවේ බන්.. තරහ වෙන්න එපා...
ජය වේවා...
ම්ම්ම් අපේ ගොඩක් අය ඔය ඇතා වගේ තමයි...
ReplyDeleteඑක වෙන්නේ අපේ සමජන්ම නේද?.දෙයක් කරද්දී ඊකෙ වැරැද්ද විතරයි අපිට කියන්නේ අපි ඒ කරපු දේ කොච්චර සාර්ථකද කියල කියනවනම් අපි ධනත්මව වෙනවා නේද ?මේ මට හිතෙන විදිය
ReplyDeleteමගේ ඔෆිස් එකේ මේසේ කොනක මම ලියල අලවල තියනවා යස් අයි කැන් කියල..
ReplyDeleteමටත් මගහැරුණනෙ මේක.
ReplyDeleteonema wal aliyek lehesiyenma alla ganna kramayak thiyanawa harima lehesii
ReplyDeleteපුංචි ලස්සන කතාවක් මධුරංග අයියේ..
ReplyDeleteඅනධ්‍යන අංකල්ලගේ වැඩවර්ජන නිසා අපිටත් පොඩි නිවාඩුවක් ලැබුනා, නිදහසේ බ්ලොග් කියවන්න..
ReplyDeleteආදර්ශමත් කථාව...