24 December 2011

නත්තල් සීතල

පහුගිය අවුරුදු හතරම වගේ දෙසැම්බර් මාසෙම වගේ ගෙවුනේ පේරාදෙණියේ නේවාසිකාගාරයේ. ඒ නිසා නත්තල් සීතල උපරිමයෙන්ම වගේ අත්විඳින්න ලැබුනා.මේ කාලෙට තමා අපිට විභාග ලියන්න වෙන්නේ. සීතලට පාඩම් කිරිල්ල කෙසේ වෙතත් හොදටම නින්ද නම් යනවා.

මෙදාපාර නත්තල් සීතල කොළඹටත් හොදින්ම දැනෙනවා කියලා අද ප්‍රවෘත්ති වලටත් කිව්වා. කොළඹ උෂ්නත්වය 25ට අඩුවෙලා නුවර එළියේ උෂ්නත්වේ සෙල්සියස් 5 වෙනකම්ම අඩුවෙලා. මේ සීතලට අපේ පැත්තේ අය නම් කියන්නේ නත්තල් සීතල කියලා. මේ නත්තල් මාසේ නේ !!!

නුවර එළියේ මේ දවස්වල පොඩි පොඩි හිම කැට හිටන් වැටෙනවා කියලා ආරංචි උනා. අපිට ඉතින් හිම වැටෙනවා දකින එක අරුමයක් නේ.

එක වතාවක් මල්ලිත් එක්ක නුවර එළියේ ඇවිදින්න ගිය ගමනකදි නම් පොඩි පොඩි හිම කැට දැක්කා. ඒවායේ පින්තූරයක් ගන්න නම් බැරි උනා.

මෙන්න මට මේල් එකකින් ආපු පින්තූර ටිකක්. (මේ නුවරඑළියේ රේස් කෝස් පිට්ටනියේ දර්ශන )







ප.ලි. - සීතල දවස්වල කරන්න තියෙන හොද වැඩේ තමයි ඉහේ ඉදන් රෙද්දක් පොරවගෙන නිදාගන්න එක. නිදාගන්නවා ඇරෙන්න වෙන සැපතක් මේ මිහිපිට තියෙනවා යෑ. :)

36 දෙනෙක් අදහස් පලකලා .:

රූ.... said...

මොනවා වුනත් අර ප/ලි කෑල්ලට නම් මාත් 100%ක් එකඟයි...ඒත් අම්මගෙන් බැනුම් ඇහුවොත් අපි නෑ ඔන්න...

ලස්සන පින්තූරු ටිකක්..

අකීකරු හිත said...

//සීතල දවස්වල කරන්න තියෙන හොද වැඩේ තමයි ඉහේ ඉදන් රෙද්දක් පොරවගෙන නිදාගන්න එක. \\
අම්මපා ඒක නම් සහතික ඇත්ත...

සයුරි said...

ප. ලි. එකේ කියලා තියන කතාවනම් සහතික ඇත්ත :) මාත් මේ දවස්වල ඒක තමයි කරන්නේ...

Podi Kumarihami said...

පින්තූරු ටික, හරිම ලස්සනයි. යුරෝපේ සහ උතුරේ රටවල් ඔක්කොම නම් හිමත් එක්කම ලස්සන නත්තලක රස විඳින්ට ලෑස්ති වෙනවා.

හිම වැටෙන සීතලේ, ගිණි උදුනක් ඉස්සරහා ඉඳගෙන, ලස්සන ගීයක් අහන ගමන් කෝපි කෝප්පයක් බොන එක, පොතක් කියවන එක නිදාගන්නවට වඩා සනීපයි...:D

prasanna86k said...

ඇත්තටම බං කතාව තියෙන්නේ ප.ලි යේ. මාත් හෙන ආසයි හිම ජුංඩක් පාගන්න....

ලහිරු said...

අපිටත් විභාගේ වැටෙන්නෙත් ඔය කාලෙම තමයි, ඒත් වෙලාවට මේ සැරේ නෑ, නිදාගන්න පුළුවන් නියමෙට! මේ දවස්වල කරන්නෙත් ඒක ම තමයි! !!!!

හඟුරා said...

badulle apitath me dawaswalanam hodata oya sitala danenawa. apith itin ප.ලි. tamai.

``` Outsider``` said...

ප.ලි. තීරුවට කොන්දේසි විරහිතව එකඟයි. :)

Kasun said...

ගොඩක් අය වගේ මාත් කැමතිම ප.ලි. කෑල්ලට.:) අනිත් එක හිමේ දඟලන්න නම් මටත් මාරම ආසාවක් තියනවා.

පොඩි මෑන් said...

ලාවට බියර් එකක් ගහල සෙට් වෙලා සිංදුවක් කියන්න අදහසක් නැද්ද එදෙමත් දවසක... හැමදාම නිදාගන්න පුලුවන්ද බං අයියෙ... චික් කම්මැලියා...

සුදු හංසි said...

ම්ම්ම්ම් ඔයාට අපේ දිහා එන්න තිවුනේ මල්ලි ඔය හිම උදේ පාන්දරට හැමතැනම.... ඒත් වැටෙන්නේ හිම වැස්සක් වගේ නෙවෙයි.. තණකොල පිට්ටනි වල තියෙන පිනි බින්දු ගල් වෙලා හැදෙන හිම.. හරිම ලස්සනයි බලන්න...

දිනුක ජයකොඩි said...

අපෝයි සීතල ගැන කතා කරන්ඩ එපා.අපි පහුගිය දවස් ටිකේ තංගල්ලෙ ගියා මිත්‍රයෙකුගෙ ගෙදර.අර්ධශුෂ්ක කලාපෙ උනාට ඉහේ ඉඳන් පොරවගෙන නිදා ගත්තෙ සීතලට.ඒ මදිවට වැස්ස නවතින්නෙම නෑ.මගෙ මිත්‍රයත් සෑහෙන දවසකින් ගමේ ගියේ ඌට පාරවල් හොයාගන්නත් අමාරුයිලු.ඌ කළුන් පාර එනකොට දුඹුරු පාටට තිබ්බ හැම තැනම දැං කොළ පාට වෙලා හින්දා.

නාකියා said...

අනුරාජපුරේටත් සීතලයි..
කොල්ලො කෙල්ලොත් ප.ලි කෑල්ලට කැමතිනම් නාකියා ගැන කවර කතාද...!!

න දී said...

@නාකියෝ ඔව් ඔව් මෙහෙත් හෙනට සීතලයි දැන්.ඔයා කොහෙ ඉන්නෙ?

න දී said...

මේ සීතල අල්ප දයන්න ගහල නිදාගන්ඩ නම් ශෝයි.අනික ඇදට වෙලා පොත් කියවන්න.මරුම දේශගුණේ.

කපිකේකි said...

අන්න ඔයාගෙ ෆලොවර්ස්ලා 300ක් වෙලා සුබ පැතුම් ඈ!

Observer said...

හීතට මලකුත් ඇදලම ගිනි තැප්ප නං මොකද?

මහි said...

අම්මෝ....සීතලේ බැරුවා...... මං ආස ම නෑ සීතලට....
මාත් මේ දවස්වල ගොඩක් ම කරන්නේ, අර ප.ලි. තීරුවේ කියලා තියෙන දේ තමා...... :)))))

හරී said...

අපේ පැත්තට නම් තාම සීතල ඇවිත් නෑ... බලමු බලමු හෙට අනිද්දට එයිනෙ...

ක්සැන්ඩර් | Xander said...

මෙහෙත් පට්ට සීතලයි.. කාන්තාරේ උනාට සීතල කාලෙටත් එහෙමමයි. 16 - 17 අතරේ සීතල.. දවල් 12 ටත් 20 වෙනකොට හිතන්නකෝ රෑ??? හුළඟත් එක්ක.. සැප කනේ..

අසරණයා said...

මේ ලොව කොතෙකුත් සැප තිබුනත් නින්දේ සැප තරම උතුම් සැපක් නැත.

හිතුවක්කාරි said...

අම්මෝ... මාත් ආසයි හෆ්ෆා,.. සීත්ලට ඉහේ ඉඳන් පොරවගෙන නිදාගන්න...:D රෑ වෙද්දි පුදුම සීතලයි.. පාන්දරට ඊට හපන්...:D උදේට නැගිටිනවා කියන්නෙ මහ කරුමයක් කියල හිතෙන්නෙ මෙහෙම දවස් වලට තමා..:D

ඉන්දික උපශාන්ත said...

කුමාරිහාම්ගෙ වගේ ලක්ෂරි එව්ව නෙමේ, ඒත් ඉතින් උණු වඩයක් එක්ක ප්ලේන්ටියක් ගගහ කියෝ කියෝ ඉන්න එක, එහෙම නැත්තං බියර් එකක් බීල සින්දුවක් කියන්න, ඊටත් එහා නං පොඩි බීෆ් කෑල්ලක්, කෙබාබ් කූරක් පුච්චං කන ගමං වොඩ්ක ටිකකුත් බිබී ඔෆිස් එකේ ලොක්කංට බනින්න...අන්න සීතලට අපි කරන එව්ව.

රහස් පරික්ෂකයා said...

මේ හිම වැටෙන සුන්දර පරිසරයේ එයත් එක්ක ආයි ඇවිදින්න යන්න ඇත්නම්..!!

නදීර සඳරුවන් ලියනගේ said...

මම ඉන්නෙ බදුල්ලෙ මෙහෙත් ඔහොම තමයි.

පැණි දොඩම් said...

කියල වැඩක් නෑ.. මමත් ගිය සතියෙ නුවරඑළියෙ.. විස්තරේ දාන්නංකෝ...

මධුරංග said...

@රූ.... :
පලි කෑල්ලට අක්කත් කැමතියි වගේ.

@අකීකරු හිත :
ඔයාලට ඉතින් සීතලේ අරුමයක් නෑ නෙව. නුවර එළියට කිට්ටුව ඉන්න කට්ටියනේ. හික්ස් :)

@සයුරි :
ඔයාලට නම් හිම වැටෙනවත් ඇති නේද අක්කා. මාත් ආසයි හිම චුට්ටක් පාගන්න.

මධුරංග said...

@Podi Kumarihami :
අපට කොහෙන්දෑ ගිනි උදුන්. අපි ඉතින් දුම් මැස්සටවත් කිට්ටු වෙන්න තියෙන්නේ.

@prasanna86k :
වෙලාවක අපි යන්ද එක්සෙල් වර්ල්ඩ් එකටවත්. එහෙට හිම වැටෙනවලු. මරු වෙන් ටෑ.

@ලහිරු :
එහෙනම් මගෙනුත් සුබ පැතුම්. දිගටම කරගෙන යන්න.
හැබැයි නිදියෑවා වගේ නෙමේ පාඩම් කරලා නැති උනොත්.....

මධුරංග said...

@හඟුරා :
එහෙනම් එල.
අඩේ බදුල්ලේ පැත්තේ ගියපු කාලයක් මතක නෑ.

@``` Outsider``` :
බලාගෙන ගියහම අපි ඔක්කොම එක බෝට්ටුවේ නෙව.

@Kasun :
අඩේ ලංකාවේ හිම ටිකක් වැටෙන පලාතක් නෑ නෙ. තිබ්බා නම් මරු.

මධුරංග said...

@පොඩි මෑන් :
අඩේ බියර් එකක් ගහනවා නම් මාත් ඕන දිල්ලියකට එනවා. දැන් කොහාටද කට්ටිය සෙට් වෙන්න ඉන්නේ. උදේම හිස් බඩම නවා ගත්තනම් සීතල දෙපිටින් යනවා.

@සුදු හංසි :
ඒකනේ අක්කා. අපට කොහෙන්ද එහෙම වාසනාවක්. අපිට ඉතින් මෙහෙම ෆොටෝ කෑල්ලකින් දකින දෙයක් විතරයි. ඔන්න එක වතාවක් එහෙ ආපු වෙලාවක නම් හිම ටිකක් දැක්කා.

@දිනුක ජයකොඩි
ඒ තරමටම වෙනස් වෙලාද. ඒ කියන්නේ ඒ පැත්තට සරුයි වගේ නේ. මාත් කාලයක් නුවර ඉදලා ගෙදර ආවම ගෙවල් හොයාගන්න ටිකක් අමාරු උනා. මොකෑ මම් ආවේ රෑ වෙලානේ.

මධුරංග said...

@නාකියා :
උදෙම්ම කෂියා පාරක් ගහලා නිදි වෙන්ටෑ. වයසට ගියාම ආයෙ උදෙම්ම නැගිටලා මොනව කියලා කරන්නද බොල. :)

@න දී :
මාත් ආසයි ඇඳට වෙලා රෙද්දක් පොරවගෙන පොතක් බලන්න. ඒ උනාට ටික වෙලාවක් යනකොට නින්ද යන එක තමා වැඩේ.

@කපිකේකි :
සුබ පැතුම් වලට ස්තුතියි නංගි.

මධුරංග said...

@Observer :
අපි ඉතින් තණමල්විල නෙමේ නේ මාමේ.
ඒ පැත්තේ හිටියා නම්....

@මහි :
සීත දේශගුණේ මරු. මම ආස කරන්නේ එහෙම දේශගුණේකට.

@හරී :
උබලා ඉන්නේ කොහේද බං. මොකෑ එහෙට සීතල නැත්තේ ?

මධුරංග said...

@ක්සැන්ඩර් | Xander :
මාත් අහලා තියෙනවා කාන්තාර වලට සීතල දේශගුණේ අනිත් තැන් වල වගේ නෙමෙයි දරාගන්න හරිම අමාරුයි කියලා.

@අසරණයා :
අනිවාර්යෙන්ම. ඒක ඇත්ත කතාව.

@හිතුවක්කාරි :
ඒ දවස්වල මාත් උදෙම්ම ඇහැරෙන්න හරිම කම්මැලියි. දැන් නම් නැගිටින්නේ කාට හරි බැනගෙන.

මධුරංග said...

@ඉන්දික උපශාන්ත :
පුදුම වැඩනේ සීතලට කරන්නේ. ඒක නෙමේ ඔය කෙබාබ් කූරක් කියලා කියන්නේ මොන වගේ කෑමක්ද කියලා දැනගන්න කැමතියි.

@රහස් පරික්ෂකයා :
මාත් මාරම ආසයි එහෙම පරිසරයක ඇවිඳින්න.

@නදීර සඳරුවන් ලියනගේ :
අඩේ ඒ පැත්තේ යන්න තිබ්බා නම්. මල්ලිලෑ කැම්පස් එකත් බලා කියාගෙන එන්න තිබ්බා.

මධුරංග said...

@පැණි දොඩම් :
ඒ ටික ඉක්මනටම ලියන්න.
මාත් මේ බලාගෙන ඉන්නේ ඒක ලියනකන්.

ela kollek said...

mehe patta seethalai machan supiriyatama!!!!!

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.