09 December 2011

ඇතා සහ කඹය

දවසක් එක මනුස්සයෙක් ගමනක් යනකොට ඇතෙක්ව දකිනවා.මූ ලොකු ඇතෙක් උනත් බැඳලා තිබ්බේ හිතා ගන්නවත් බැරි තරම් ශක්තියෙන් අඩු කඹයකින්. ඉතින් මේ මනුස්සයා මේක දැකලා පුදුම හිතිලා ඒ ලඟ හිටපු ඇත්ගොවුවාගෙන් අහනවා.

"මෙච්චර ලොකු ඇතෙක් වෙලත් ඇයි එච්චර ශක්තියෙන් අඩු කඹේකින් බැඳලා තියෙන්නේ ? දම්වැලකින් බැඳලා දාන්න තිබ්බා නේ ?" අර මනුස්සයා ඇත්ගොවුවාගෙන් අහනවා.

"මෙහෙමයි මහත්තයෝ ! මේ ඇතා පොඩි කාලේ ඉදලම ගැටගහලා තිබ්බේ මේ ජාතියෙම කඹේකින්. ඒ කාලේ නම් කඹේ කඩාගෙන යන්නත් හැදුවා. ඒත් ඌට ඒ කාලේ කඹේ කඩාගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ. ඉතින් ඌ ලොකු ඇතෙක් උනත් උට තාම විශ්වාසයි තමන්ට මේ කඹේ කඩාගෙන යන්න බෑ කියලා. ඒ නිසා මුට පුලුවන් උනත් මූ කඹේ කඩාගෙන යන්නේ නෑ." කියලා ඇත්ගොවුවා කිව්වා.

අර මනුස්සයා විස්මය පල කරලා එතනින් යන්න ගියා.

කතාවේ ආදර්ශය - තමන්ට කොයි දේත් බෑ කියලා හිතන්නේ නැතුව තමන්ට තියෙන හැකියාවන් අඳුන ගන්න ඕනා.
-----------------------------------------------------------------------
ප.ලි.- වැඩ කරන අතරේ ලැබුන පොඩි විවේකය අතරතුරේ කියවපු පුංචි කතාවක් සිංහලයට පරිවර්ථනය කළා.

57 comments:

  1. හොඳා හොඳා කතා පොඩ්ඩ...

    ReplyDelete
  2. ය(ර්)ස් අයි කැන්....!!

    ReplyDelete
  3. දැන් ඉන්න අලි නං දම්වැල් නෙමේ ඊට වඩා දේවල්වත් දාලා නවත්තන්න බැහැ, පුදුම කඩාගෙන පැනිලි නෙව පනින්නෙ .....

    ReplyDelete
  4. මං දන්නවා ඔයාට පුලුවන්...

    ලස්සන කතාව අයියා

    ReplyDelete
  5. මාත් ඕක කලින් අහල තියනවා. පොඩි කතාවක් වුනාට ඒකෙ ගන්න ලොකු දෙයක් තියනවා.

    ReplyDelete
  6. සුට්ටන් වුනාට කතාවෙන් කියන්නෙ ලොකු දෙයක් තමයි !

    ReplyDelete
  7. අලියට කඹේ කඩාගන්න පුළුවන් බව ඌ නොදන්නවා නෙවෙයි.
    එහෙම කඹේ කඩාගත්තොත් ඊ ළගට මොකද කරන්නෙ කියල ඌ දන්නෙ නෑ. අවුල තියෙන්නෙ එතන...

    ReplyDelete
  8. අලියට කඹේ කඩාගන්න පුළුවන් බව ඌ නොදන්නවා නෙවෙයි.
    එහෙම කඹේ කඩාගත්තොත් ඊ ළගට මොකද කරන්නෙ කියල ඌ දන්නෙ නෑ. අවුල තියෙන්නෙ එතන...

    ReplyDelete
  9. අර්ථවත් කතාවත්.. ස්තූතියි බෙදාගත්තට.. :)

    ReplyDelete
  10. හොද ආදර්සමත් කතාවක්..

    "ඔව් මට පුළුවන්.."

    ReplyDelete
  11. We are champions! :-D

    ReplyDelete
  12. හොඳ කථාවක්, ඒත් මටත් මතක් වෙන්නෙ 'පන්සල් හංදිය' කියපු දේමයි.

    ReplyDelete
  13. කතාව පොඩි උනත් හොඳ ආදර්ශයක්

    ReplyDelete
  14. අන්න එහෙම තමා ඉන්න ඕනේ හැමවෙලේම බෑ බෑ නොකියා.

    ReplyDelete
  15. එකනේ.... එකනම් මාර වටිනවා... අපේ ර-- වගේ අලියෙක්

    ReplyDelete
  16. අලියො විතරක් නෙවෙයි බල්ලොත් ඔය වගේ තමා. අපේ බල්ලගෙ කරට ඔලුවෙන් ගලවන්න පුලුවන් විදිහට තොන්ඩුව හදලා දැම්මත් ගලවගන්නෙ නෑ දැන්. ඇයි ඉස්සර හිරට දාපුවාම ගලවගන්න බැරි වුන ඒවා මතකනේ.

    ReplyDelete
  17. ඒ කියන්නේ අලින්ට හොඳට මතක තියනවා කියන කතාව ඇත්ත.:D

    ReplyDelete
  18. පොඩි කාලෙ හිතට දාන අදහස්වලින් අපි ජීවිත කාලෙම නිදහස නැති කරගන්නවා..ලස්සන අදහසක්..

    ReplyDelete
  19. හැම අලියම ඔහොම තමයි බං...තමන්ට කරන්න පුළුවන් දේවල් , බැරි දේවල් දන්නේ නෑ...ඕව කියවලාවත් හැදෙනවා නම් ඉතින්...

    ReplyDelete
  20. Think Difference කියලා තමා කියන්න වෙන්නේ ;)

    ReplyDelete
  21. මමත් මේ කියන්න ගියා විතරයි බෑයි කියලා බෑ කියලා :D

    ReplyDelete
  22. අලිත් එක්ක මෙච්චර තරහා මොකද මන්දා.. වන ජීවී එකේ අයත් තරහයි, ගම් වල මිනිස්සුත් තරහයි, මලින්ද මාමත් තරහයි, අපි නම් හරි ආදරෙයි, අපි කොහොම හරි අලි බේරගන්නවා..

    ReplyDelete
  23. අපොයි... අලියට අලි සයිස් මොලයක් නෑ කියන්නේ ඇත්ත තමයි එහෙනම්!

    ReplyDelete
  24. ඒ උනාට ඇතාට ඇත්ත තේරුන වෙලාවට මධුරංග අය්ය කපෝති....!!

    ReplyDelete
  25. @සයුරි :
    එහෙනම් පරිවතනය කලාට පාඩු නෑ වගේ. :)

    @තාරක Dilsh@n :
    යේස්. යු කැන් !!! :)

    @පන්සල් හංදිය :
    ඒක හරි. මොනා කරලා නවත්තන්නද දන්නේ නෑ.

    ReplyDelete
  26. @පිස්සු පුසා :
    මම් ඇන්කර් නම් බොන්නේ නෑ. :)

    @Kasun :
    මාත් පොඩි වැඩවලට ගොඩක් ආසයි නේ.

    @Weni :
    ඔවු වෙනී අයියා. සුට්ටන් කතාවක ලොකු ආදර්ශයක්.

    ReplyDelete
  27. @Anonymous :
    එහෙම වෙන්න ඇති . ඒකම වෙන්නැති ඌ කඹේ කඩාගෙන යන්න හදන්නේ නැත්තේ. ගොඩක් ස්තුතියි අදහසට.

    @නන්දු :
    මගේ පරිවර්තනයක් කියෙව්වට ස්තුතියි.

    @Dinesh :
    මම් දන්නවා ඔයාට පුලුවන් කියලා.
    ජය වේවා මල්ලි !!!!

    ReplyDelete
  28. @විසිතුරු | visituru :
    කතාවේ මොරාල් එක වැඩි උනාද මන්දා. ඔවු මල්ලිත් චැම්පියන් කෙනෙක් :)

    @Observer :
    මාමත් හරි. කල්හාර අයියත් හරි. :)

    @නලින්-සමනලුන්ට වෙඩිතියන්න :
    අනිවාර්යෙන්ම. ලස්සන කතාවක්.
    ඇයි සමනල්ලුන්ට වෙඩි තියන්න කියන්නේ ? අපරාදේ උන්ඩ ටික

    ReplyDelete
  29. @නදී :
    ඒක හරි. බෑ කියලා බෑ. :)

    @අකීකරු හිත :
    ස්තුතියි. මමයි පරිවර්ථනය කලේ.

    @රහස් පරික්ෂකයා :
    හා හා. කට !!! කට !!!
    මට හැංගිලා ඉන්න වෙයිද මන්දා. :)

    ReplyDelete
  30. @නිසුපා :
    ඔය එහෙනම් අක්කා අත්දැකීම් වලින්ම දන්නේ... හෑ. අක්කලාගේ ගෙදර බල්ලෙක් ඉන්නවද ? අම්මෝ :)

    @Podi Kumarihami :
    ඔවු පොඩ්ඩි අක්කේ. තිරිසන් සතුන්ගෙන් අලියන්ට හොද මතකයක් තියෙනවා කියලා අහලා තියෙනවා.

    @රූ.... :
    ඒ නිසා පොඩි කාලෙදි හොද දේවල් හිතට දාන්න ඕනේ.

    ReplyDelete
  31. @රවින් :
    අනේද කියන්නේ. ඕවා කියලාවත් හැදෙනවා නම් ....

    @ChammA :
    එහෙමවත් කියමු ඉතින්.

    @සීතල අයියා :
    බෑයි කියලා බෑයි කියලා බෑ.
    මතකයි නේද මල්ලි මේ සිංදුව. ටයි මාමව මතක් වෙනෝ.

    ReplyDelete
  32. @sAm (සෑම්) :
    මම නම් ඔය කොයි සතා එක්කත් තරහා නෑ. :)

    @ලහිරු :
    අලි ඇඟක් තිබ්බට අලි මොලයක් නෑ.

    @වින්චැට්කිරිල්ලි. :
    මම ගියේ නෑ හලෝ ඒ පැත්තේ. අම්මෝ යන්නෙත් නෑ. කඩාගෙන ආවොත්. හික්ස් :)

    ReplyDelete
  33. හැම දේකටම මුල් වෙන්නෙ හිත නේද? බෑ කීවොත් බෑ ම තමයි..
    දොස්තර හොඳහිතේ වගේම තමයි..

    ReplyDelete
  34. හම්....
    අලියා ව ඒ තත්වෙට පත්කලේ මනුස්සයාම නේද?.ඕකට තමා කියන්නේ මනුස්සයාගේ ඉන්ද්‍රිය ගෝචර වෙන විදිහට මිනිසා පරිසරය හදා ගන්නවා කියලා..
    සුට්ටං බට්ටං ෂෝයි කතාවක් ..මරු!

    ReplyDelete
  35. හ්ම්ම්ම්ම්ම්! කෙටි නමුත් හොඳ කතාවක්

    ReplyDelete
  36. සෝක් කතාව.ලොකු ආදර්ශයක් තියෙනවා ජීවිතේට ගන්න..

    ReplyDelete
  37. ඔන්න දැනුයි මම දැක්කේ අදත් අප්ඩේට් වෙලා නැහැ. පස්සේ මම අආපහු ඔන්න හදාගත්ත එක.
    හ්ම්ම් ලස්සන කතාව :)))

    ReplyDelete
  38. ඔය කතාව අපිට කියන ගමන් උඹත් ආදර්ශෙට ගන්න ඈති කියලා හිතනවා....

    ReplyDelete
  39. ශෝයියන් කතාව අනේ..

    ReplyDelete
  40. ශා... නියම පුංචි හුරතල් කතාවක් අයියේ.. පුංචි වුනත් ආදර්ශය නම් විශාලයි...

    ReplyDelete
  41. @Roshan Herath :
    මටත් දොස්තර හිත හොද කතාව මතක් උනා.

    @ඹාලු ෆිට් එක :
    අම්මෝ බර වචන දානවා මේ සරල විදිහට ඉන්න කොල්ලගේ ඔලුවට :)
    මමයි පරිවර්තනේ කලේ. :)

    @දිල් :
    හේ. :) ස්තුතියි අපේ අක්කා :)

    ReplyDelete
  42. @නදීර සඳරුවන් ලියනගේ :
    අනිවාර්යෙන්ම. ඒ නිසා අපට තියෙන්නේ ඒ ආදර්ශය ගන්න :)

    @වර්ණා :
    අප්පටසිරි. මාර ලෙඩක් නේ. ඔය පෝස්ට් අප්ඩේට් වෙන ලෙඩේ නම් ගොඩක් අයට තිබුනා. ඒකට හරි විසදුමක් තාම නැති හැටි.

    @prasanna86k :
    මේක කමෙන්ට් කරපු එකාටත් පොදුයි මේ කාරණාව.:)
    අනිවාර්යෙන්ම අයියා.

    ReplyDelete
  43. @අසනි :
    ඔවු අනේ. :)

    @හිතුවක්කාරි :
    කතාවේ හිටපු අලියට ලැජ්ජ හිතෙයිද මන්දා :)

    ReplyDelete
  44. හොඳ කතාවක් . ඒ කතාවෙන් දීපු ආදර්ශය නම් හෙන වටිනවා . උගන්වන වෙලාවේදී ළමයින්ට කියන්න මේ කතාව මතක තියාගත්තා මම .

    ස්තූතියි කීවා

    ReplyDelete
  45. ම්ම්..අලියට ඒක කරන්න බැහැ කියල හිතන් ඉන්න මනුස්සයත් මෝඩයි..අලියා ගියාම තමයි තේරෙන්නෙ..හි හි..

    අදමයි මේ පැත්තට ආවේ..හිමීට අනිත් පොස්ට් ටිකත් කියන්න ඕනෙ..

    ReplyDelete
  46. හෙහ්.. ඌට තාම මද කිපිල නෑ එහෙනං.

    අන්න බලන්න ඒ කතාවෙන් මම ගත්තු දේ...

    ReplyDelete
  47. පුංචි උනත් නියම කතාවක්නේ.. ලස්සන උපදේශයක්.. :)

    ReplyDelete
  48. ඇත්තටම හිතන්න දෙයක් ඉතුරු කරපු කථාවක්.. පොස්ට් ගොඩාක් මග හැරිලා වගේ අය්යේ... මේ දවස් වල වැඩ ගොඩ ගැහිලා... නිවාඩු පාඩුව එන්නම්කෝ කියවන්න

    ReplyDelete
  49. ආදර්ශය නම් උතුම්...

    කාලෙකින් අවේ බන්.. තරහ වෙන්න එපා...

    ජය වේවා...

    ReplyDelete
  50. ම්ම්ම් අපේ ගොඩක් අය ඔය ඇතා වගේ තමයි...

    ReplyDelete
  51. එක වෙන්නේ අපේ සමජන්ම නේද?.දෙයක් කරද්දී ඊකෙ වැරැද්ද විතරයි අපිට කියන්නේ අපි ඒ කරපු දේ කොච්චර සාර්ථකද කියල කියනවනම් අපි ධනත්මව වෙනවා නේද ?මේ මට හිතෙන විදිය

    ReplyDelete
  52. මගේ ඔෆිස් එකේ මේසේ කොනක මම ලියල අලවල තියනවා යස් අයි කැන් කියල..

    ReplyDelete
  53. මටත් මගහැරුණනෙ මේක.

    ReplyDelete
  54. onema wal aliyek lehesiyenma alla ganna kramayak thiyanawa harima lehesii

    ReplyDelete
  55. පුංචි ලස්සන කතාවක් මධුරංග අයියේ..

    ReplyDelete
  56. අනධ්‍යන අංකල්ලගේ වැඩවර්ජන නිසා අපිටත් පොඩි නිවාඩුවක් ලැබුනා, නිදහසේ බ්ලොග් කියවන්න..

    ආදර්ශමත් කථාව...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.