26 July 2011

වාසනාවන්ත මරණයක්

කාටහරි හිතෙන්න පුලුවන් මරණයක් වාසනාවන්ත වෙන්නේ කොහොමද කියලා. මරණයක් වාසනාවන්ත මරණයක් වෙන විදිහක් තියෙනවා. අපි හිතමු කෙනෙක් ගොඩාක් ලෙඩවෙලා එකතැන් වෙලා ඉන්නවා කියලා. හරියට කෑමක් බීමක්වත් කන්න බැරුව වැසිකිලි යන්නවත් දොට්ට පිලට යාගන්න බැරුව ඉන්නවා නම් ඒක ඒ කෙනට කොච්චර නම් දුකක්ද.

ඒක ගෙදර අයටත් කොච්චර දුකක්ද. එතකොට ඒ ලෙඩවෙලා ඉන්න කෙනා උනත් හිතන්නේ ඉක්මනට මැරෙනවා නම් හොදයි කියලා. මොකද හොද කරන්න බැරි ලෙඩක් හැදිලා එකතැන් වෙලා දුක් විඳිනවට වඩා මරණය සැපතක්.අන්න එහෙම ජරාවට පත්වෙලා මැරෙන එකට තමයි අවාසනාවන්ත මරණ කියලා කියන්නේ.

සමහරු මැරෙනවා ඒ මරණේ ගෙදර අය දන්නෙත් ඒ කෙනා මැරිලා ටික වෙලාවකට පස්සේ. උදාහරණෙකට අපේ අම්මැයි ආච්චිඅම්මා උදේ කෑම කාලා ගේ එහෙම අතුගාලා මහන්සියට පුටුවක හාන්සි උනා ලු. එහෙම්ම පණ ගිහින්. අතේ තිබ්බ කොස්ස බිමට වැටෙන සද්දෙට තමයි ගෙදර කට්ටිය ඇවිත් තියෙන්නේ. අන්න එහෙම ඒවා තමයි වාසනාවන්ත මරණ කියන්නේ. ගෙදර අයටවත් තමන්ටවත් කරදරයක් නෑ. එහෙම මැරෙන්න හැමෝටම බෑ. ඒකට පින් කරලා තියෙන්න ඕනේ.

ගිය ආත්මේ කරන පින් පවු අනුව ඒවගේම මේ ආත්මේ කරන කියන දේ අනුව දුක් විඳලා මැරෙනවද නැද්ද කියන එක තිරණය වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ.

මට මේ දේවල් ලියන්න හිතුනේ අපේ ගෙවල් ලඟ කෙනෙක් ඔහොම දුක් විඳලා මැරුනා.ඒ කෙනා මැරෙන්න කලින් ලෙඩ වෙලා එකතැන් වෙලා ඉන්නවා කියලා අපේ අම්මා කිව්වාම මම ගත් කටටම කිව්වේ "ඒ කෙනා මැරෙන එක හොදයි" කියලා. කාටවත් මෙහෙම කියන්න හොද නෑ. නමුත් ඒ කෙනා දුක් විඳින හැටියට මැරෙන එක සතුටක් කියලා මට හිතුනා.

අපි ඊලඟ ආත්මේ හොද තැනක ඉපදෙන්න කියලා පින් කරගන්න බැරිනම් අඩුම තරමේ මේ ආත්මේ ගෙදෙර උන්ට කරදරයක් නැතුව මැරෙන්නවත් පින් කරගමු !!!! මොකද මරණේ කියන්නේ කාටත් පොදු දෙයක්. කවුරුත් මැරෙනවා. මැරෙන්නේ නැති කෙනෙක් නෑ.

65 දෙනෙක් අදහස් පලකලා .:

නදී said...

හ්ම්...එක තැන් වෙලා දුක් විදලා මැරෙනවට වඩා ක්ශණික මරණයක් සැපයි කියල තමා මමත් හිතන්නේ.එක් තැන් වෙලා කාලයක් ඉද්දි තමන්ට වගේම අනිත් අයටත් එපා වෙනව.

එහෙම කිව්වට ඉතින් අපේ මරණේ කොයිවෙලේද,කොහොමද කියල කාටද කියන්න පුලුවන්.කාගෙත් බලාපොරොත්තුව ශාන්ත මරණයක් තමා.

පූසා said...

ඒත් මට මතකයි හාමුදුරු කෙනෙක් දවසක් රේඩියෝ එකේ දේශනා කළා එහෙම එකපාරට මැරුණට ඒවට වාසනාවන්ත් මරණ කියන එක වැරදියි කියලා. අනේ මන්දා

පිස්සු පුසා said...

මාත් කියන්නේ දුක් විදලා මැරෙනවට වඩා එකපාරටම(ක්ශණිකව)මැරෙන එක හොදයි කියලා.ඒ අනිත් අයට කරදරයක් නැති නිසා

පිණිබිඳු... said...

අනිත් මිනිසුන්ට වදයක් නොවී එකපාරින්ම මැරිලා යන එකයි මම නම් පතන්නෙ.

ක්සැන්ඩර් | Xander said...

ගොඩක්ම හරි මල්ලි ඔයාගේ කතාව. මට වෙච්ච දෙයක් මම කොමෙන්ට් එකක් විදියට දාන්නම් මෙතන.. මම ඉස්සර කොලඹ වැඩ කරන කාලේ උදේ පාන්දර තමයි සදුදා ගෙදරින් එන්නේ. පාන්දර 3 බස් එක අල්ලගන්න බලාගෙන. කොහොමහරි දවසක් මම 3 බස් එකේ කොලඹ එන්න අවාම බස් එකේ තව අවුරුදු 50 ක් වගේ පෙනුමේ අන්කල් කෙනෙක් මට එහා පැත්තේ ඉදගෙන හිටිය. උදේම සීතල නිසා බස් එකේ ගොඩක් දෙනා කරන්නේ මුල්ලක් අල්ලාගෙන නිදාගන්න එක. අර අන්කල් කරෙත් බස් එක කඩුගන්නාව හරියට කිට්ටුවෙද්දී නිදාගත්ත එක. කොහොම හරි මේ අන්කල් කොලඹට එනකල් හොදටම නිදි. බස් එක කොටුවේ නවත්තල ඔක්කොමල බහිද්දීත් මෙයා නිදි. අන්තිමට ඒවෙලාවේ අපි එයාව නැගිට්ටවන්න ට්‍රය් කරද්දී තම දැනගත්තේ ඇත්තටම එය එවෙද්දීත් මේ ලෝකේ අතරල ගිහින් කියල.. බොහොම සාමකාමී මරණයක්. හ්ම්ම් කියල සද්දයක් ආවේ නෑ.. වාසනාවන්තයි එයා නම් කියල මට හිතුනේ යුද්දේ කාලේදී නිකම් ඉදල අතපය හිටන් කඩාගෙන බෝම්බ වලට අහුවුණ මිනිස්සුයි පන පිටින් කෝච්චියට යටවෙලා මරුන මිනිස්සුයි මම ඇස් දෙකෙන් දැකල තියන හින්ද..

``` Outsider``` said...

මරණය ළඟදි නැතත් මේ රටේ ගොඩක් ඉන්නෙ ගොඩක් දුක් විඳින මිනිස්සු. ඉතින් ඒ ඔක්කොමත් මැරෙනවනම් හොඳයි දුක් විඳිනවට වඩා. :)

prasanna86k said...

හ්ම්... මල්ලි කියන කතාව හරි. ඒත් කොහොමද බං එහෙම කරන්නේ? දැනටම කරගෙන තියෙන පිංකං ගෙවෙන්න තව ආත්ම ගානක් යයි බං.

අසනි said...

මරණය කියන්නේ අපි ඉපදෙනකොට ලියවිලා තියෙන දෙයක්නේ..පුදුමෙකට වගේ අපි ඊයේ ඔය ගැන කතා කරා..

මොකද අපේ මමා කෙනෙක් පිලිකාවක් නිසා ගිය අවුරුද්දේ මිය ගියා අවාසනාවන්ත විදියට..ඒ සිද්දිය වෙලා දැනට අවුරුද්දක් වුනා ඒකයි ඒ ගැන විශේෂයෙන් අපි කතා කලේ..ඇත්තම කිව්වොත් එයා වෙනුවෙන් ඉඩකඩම්, වාහන පවා විකුනන්න සිද්ධ වුනා..ඒ විතරක් නෙමේ..ණය තුරුසුත් එමටයි..ඒ පවුලට

ඉතින් මගේ යාලුවා කිව්වා වගේ ඉන්න ඈයොන්ටත් වදයක් වෙලා හරි, කරදර ගොඩකට ඇදලා දාලා හරි අවසාන හුස්ම ටික අරිනවට වැඩිය,කාටවත් හොරා, රහසෙම මේ ලෝකෙන් සමු ගන්න පුලුවන්නම් හොදයි කියලයි මාත් හිතන්නේ..

රොෂාන් said...

විඳවන් නැතුව මැරුණොත් හොඳයි.තරමක් හරි සිතුවිලි යහපත්,ප්‍රසන්න කරගෙන මැරෙන්න පුළුවන්

Gimhani said...

අනේ මාත් ප්‍රර්ථනා කරන්නේ කාටවත් කරදරයක් නැතුව මිය යන්න.මැරෙනකොට දවස් ගනන් පන අදින ලෙඩ්ඩු දැකලා තියනවා. දරුවෝ එතනට වට වෙලා අඩ අඩා බලන් ඉන්නවා. ඒත් දරුවන්ටත්
එවෙලාවට හිතෙනවා ඇති ඉක්මනට මැරෙනෙවානම් හොදයි කියලා මේ දුක් විදින හැටි බලන්න බෑනේ.

මහේෂ් නිශාන්ත said...

ඇත්තටම මධුරංග , මරණය කියන්නේ අපිට යම් දවසක උරුම වූ “සිදුවිය යුතු“ දෙයක් , විභාගය සමත්විම , විවාහය වගේම මරණය කියනදේ ගැනත් මේ තරම් මධ්‍යස්ථව හිතන්න පුළුවන් නම් කොයි තරම් සුන්දරද ? එහෙම හිතුවොත් මේ ආච්චි අම්මාගේ මරණය වාසනාවන්ත මරණයක් , වෙනත් කෙනෙකුට වද නොදී , වැඩි දුකක් නොවිද , සමාජයට අපෙන් වෙන්න ඕන යුතු කම් ඉටු කරලා යම් වයසකදි හිත නිදහසේ මැරෙන්න තියේනම් ඒක කොයි තරම් දෙයක්ද?

යසයා said...

මරණය.. ගොඩක් අය කතා කරන්න අකමැති මාතෘකාවක්නෙ.. මොනා උනත් හිතට දුකක් දැනුනම හිත හදාගන්න තියෙන එකම විදියත් ඒක.. මං කවද හරි මැරෙනවනෙ කියල හිතල හිත හදාගන්න පුලුවන්. මමත් කැමති ඒ වගෙ මරණය්කට.. මොකද කාටවත්ම කරදරක් වෙන්න හොද නෑ.. වැදගත් ලිපියක්

ආගන්තුකයා said...

ඔය වගේ එකතැන් වෙලා දුක් විදින ලෙඩ්ඩු නම් මමත් සෑහෙන්න දැකල තියනවා. සමහරුන්ව නම් දැක්කාම කොහොම ඉවසන් ඉන්නවදත් කියලා හිතෙනවා! පිට පුරාම pressure sores කියන තුවාල හැදිලා. ඒ ඔක්කොටම හපන් සමහරුන්ට තමන්ගේ දුක කාටවත්ම කියන්න බැරි වෙන්න කතා කරන්නත් බැරිවෙලා.

සමහර රටවල් වල නම් එහෙම හොඳකරන්න බැරි අයට තමංගේ කැමැත්තෙන් මැරෙන්න පුලුවන් විදියට euthanasia කියන දේ නීතිගත කරලා තියනව. ඒත් අපේ රටේ තියන සංස්කෘතියත් එක්ක ඒ වගේ දේවල් මෙහේට එන්න තව සෑහෙන කල් යාවි....

සාතන් said...

මරණය කියන්නෙත් සෑහෙන ලොකු මාතෘකාවක් බලන් යද්දි...

චතුර.... said...

උහුල ගන්න බැරි තරම් දුක් වින්ඳින අය දැක්කම සමහර වෙලාවට ඕක හොඳයි කියලත් හිතෙනවා ,ඒත් ලෙඩක් දුකක් හැදිලා ඉන්ඳිනේ දරුවෙකුට අම්මෙකුට තාත්තෙකුට රෙද්දක් හෝදලා දීලා නාවල කරලා පිනක් කර ගන්න පුළුවන්,එක පාරටම නැති වුනාම මට ඒ දේවල් කරන්න බැරි වුනානේ කියන දුක ඇතිවෙන්න පුළුවන්, ඇත්තටම එහෙම හිතෙනව මොකද සනීපෙන් ඉන්න කිසිම අම්මෙක් තාත්තෙක් දරුවන්ට ඔය දේවල් කරලා දෙන්න උත්සාහ කරනවා මිසක් දරුවන්ගෙන් ඔය දේවල් කරව ගන්නේ නැහැනේ.
මගේ ආච්චි අම්මා අවුරුදු පහක් සනීප නැතුව ඉඳලා තියෙනවා, අපේ අම්මා රැකියාවෙනුත් අයින් වෙලා තමයි ආච්චි අම්මට තමන්ගේ අතින් සාත්තු සප්පයම් කරලා තියෙන්නේ, අදටත් අපි ඒ දේවල් දැකලා නැතත් අහන හැම කෙනෙක්ම කියනවා අපේ අම්මා වගේ අම්මෙක් වෙනුවෙන් කැපවුන දරුවෝ හොයා ගන්න නැහැයි කියලා.පොඩ්ඩකට හිතන්න ඒ වගේ වෙලාවකට ඇතිවෙන හැඟීම කොයිවගේද කියලා..

Kasun said...

අම්මෝ මාත් ප්‍රාර්ථනා කරන්නෙ නින්දෙදි මැරිල යන්න කියල, කාටවත් කරදරයක් නොවී. මට හරියට මතක නම් නෑ, මට මතක විදියට සැපවත් මරණයක් කියන එක මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස වලිනුත් එකක්. ඒ කියන්නෙ නින්දෙන් මැරෙන එක වගේ. එහෙම වුනාම කිසි තමන්ටත් කිසි කෙනෙක්ටත් කරදරයක් නෑ නෙ. ඒකට පින් කරල තියෙන්න ඕන. හැබැයි ඉතින් එහෙම වුනාම ඉන්න අයට දුක වැඩියි. ඒ වෙනස හොඳට බලාගන්න පුලුවන් එකපාරට නැතිවෙච්ච කෙනෙක්ගෙ සහ ගොඩක් කාලයක් එක්තැන් වෙලා මරණය පෙනි පෙනී ඉඳල නැති වෙච්ච කෙනෙක්ගෙ මල ගෙවල් දෙකක් සංසන්දනය කලොත්. එක පාරට නැති වුන කෙනා අවසන් කටයුතු වලට ගෙනියන කොට ගෙදර මිනිස්සු අඬල මැරෙන්න හදනව. ඒත් එක්තැන් වෙලා කාලයක් හිටපු කෙනෙගෙ පෙට්ටිය එලියට ගේනකල් සමහර වෙලාවට එලියෙ ඉන්න අයවත් දන්නෙ නෑ. මට ඒක හොඳටම මීටර් වෙලා තියනව. අපි කවුරුත් පෘටහ්ජන මිනිස්සු නෙ, ඒකෙ වරදක් කියන්න බෑ ඉතින්.

Kasun said...

@සාතන්
එහෙනම් මරණය ගැනත් සිරීස් එකක්ම ලියමුද? :D

නිම්ශා said...

මමත් නම් පතන්නේ බොහෝම නිදහස් මරණයක්...දුක් විදලා මැරෙන්න කවුද එත් කැමති..හැමෝටම එහෙම වෙනවා නම් හොදයි..එත් එහෙම වෙන්නේ නැනේ..කවුද දන්නේ අපි කොහොම මැරෙයිද කියලවත්..

Nisupa said...

කසුන්ගෙ කතාව ඇත්ත එක පාරටම කෙනෙක් මැරුනොත් එයාගෙ ලඟ හිටිය, එයාට ආදරේ කරන අයට දුක වැඩියි. ඒත් මාත් බලාපොරොත්තු වෙන්නෙ නම් විදවන්නේ නැතුව හොඳ චුති සිතකින් අනික් අයට කරදර නොකර මැරෙන්න..:)

නදීර සඳරුවන් ලියනගේ said...

හ්ම් ! මරණය නේද? ලොකු මාතෘකාවක්.

මකුළුවා..... said...

විඳවනවට වඩා මැරෙණ එක නම් ඇත්තටම සැපයි....ඇත්තටම කිව්වොත් මරණය කියන්නේ නිමාවක් නෙමේ...අළුත් ආරම්භයක්.....

තාරා said...

හ්ම්ම්.... ඔයාගෙ කතාව ගොඩක් දුරට හරි.. හොදින් පින් කරපු අයට වාසනාවන්ත මරණයක් හිමි වෙනව ඇති. ඒත් මරණය වෙන මොහොතේ ඇතිවන චේතනාව තමයි ගොඩක්ම වැදගත් ඒක වාසනාවන්ත මරණයක්ද අවාසනාවන්ත මරණයක්ද කියන්න...

ආගන්තුකයා said...

හ්ම්ම්..මටත් හිතෙන්නේ එහෙම තමයි, දුක් විඳින්නේ නැතුව මැරෙන්න පුළුවන් නම් ලොකු දෙයක්..හැබැයි තව පැත්තක තියෙනවා..කොච්චර දුක් වින්දත් තමන්ගේ අම්ම,තාත්ත වගේ ගොඩක් ආදරේ කරන කෙනෙක්ට එහෙම වෙන්න දෙන්න,ඉක්මනට මැරෙන්න දෙන්න කව්ද කැමති? එහෙම මැරුණත් ගොඩක් දුක වැඩි නේ දරුවොන්ට..
හැමදේකම වගේ මේකෙත් දෙපැත්තක් තියෙනවනේ.?

චාටර් කොල්ලා said...

අනේ මන්ද කුමක් කියන්නද කියල..මමත් කැමති මටත් හොරෙන් මම මැරෙනවට :)

චේජනා said...

කවුරුත් නොදැන කාටවත් කරදරයක් නැතිව සිද්ද වෙන මරණැයක් වාසනාවන්තයි කියන අදහසේ තමයි මම ත් ඉන්නේ

මි හරක් පිඩියා said...

ආච්චි අම්මා මියගිය විදිහට මියයන්න මමත් කැමතියි...ඒත් ජිවිතේ කොයිවෙලේ දාලා යන්න වෙයිද දන්නේ නෑ.අනික මෙච්චර දවස් කරගත්ත පින් ඇති වෙයිද දන්නෑ ඒ විදිහට මිය යන්න.සමහර විට මිය යන්නේ හෙට,දැන් වෙන්නත් පුලුවන්...ඒක හින්දා ඉක්මනට පන්සල පැත්තේ යන්න ඕනි...

විසිතුරු said...

මමත් ඔය අදහසට එකඟයි. තව දෙයක් එකතු කරන්නම්. යහපත් සිහියෙන් යුතුව මැරෙන්න ලැබෙනවා නම් එයයි වැදගත්ම. තමන් කරපු යහපත් දෙයක් සිහියට නඟා ගෙන මැරෙන කෙනාගෙ ඊළඟ භවය හොඳ එකක් වෙන බවයි බුදු දහමේ සඳහන් වෙන්නෙ. නමුත් ගොඩක් මිනිස්සු තණ්හාව පිරුණු හිතකින් තමයි මෙලොව දාලා යන්නෙ

sithuwam said...

ඔය දෙකම මමනම් අත්විදල තියෙනවා.අපේ ආච්චි අම්ම අංශබාගේ හැදිල අවුරුදු 7ක් ගිහිල්ල තමයි මැරුනේ.හැබැයි එයාට යන්න එන්න පුළුවන්කම තිබුනා.අන්තිම කාලෙදි තමයි එකතැන් වෙලා හිටියේ.අපේ අම්ම තමයි සාත්තු සප්පායම් කරේ.කොහොම උනත් කවදාවත් අපිටනම් ආච්ච් අම්මව කරදරයක් බරක් හැටියට දැනුනෙ නෑ.හැබැයි මැරෙන මොහොතෙදි කිසිම වේදනාවක් තිබුනෙ නෑ.එක පාරටම තමයි මැරුනෙ.ඒ වගේම තමයි අපේ සීයා හොඳ සරීර සෞඛ්‍යයෙන් ඉදල හදිසියේම සෙම හැදිල හොස්පිටල් ඇඩ්මිට් කරා විතරමයි මැරුනා.හැබැයි 2නම මැරෙන මොහොතෙදි වේදනාවක් වින්දෙ නෑ.නමුත් ආච්චි අම්ම මැරෙන්න කලින් හෙන දුකක් වින්දා..
සමහර විට එයා සංසාරෙ කරපු පවක් ගෙවලා නිදහසේ මැරෙන්න ඇති.

ඒත් අපිට පුළුවන්ද අපේ මරණය මෙහෙම එකක් වෙන්න කියා ප්‍රර්තනා කරන්න.ගොඩක් වෙලාවට අපි අනුන්ට දුකක් දෙනවට වඩා ඒ තුලින් තමන් විදින වේදනාවට බයේ තමයි එහෙම ඉක්මන් මරණයක් ප්‍රර්ථනා කරන්නේ.
නමුත් මරණය කියන එක අපේ අවසානය නෙවී ඒ නිසා ඒ ගැන උපේක්ශාවෙන් බලන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

සෝරෝ said...

අපේ ගෙදර ළග කෙනෙකුත් ඔය වගේ දුක් විදලා මැරුනා හපොයි ඒ මනුස්සයා විදපු දුකක්....

දේවා ගේ අඩවිය said...

අනිවා මැරෙනවා නම් මැරෙන්න ඕනෙ එහෙමම තමයි මට නම්..... දුක් විද විද ජිවත් වෙනවට වඩා මැරෙන එක හොදයි කියන අය ගොඩාක් මට හම්බ වෙලා තියනවා

දිල් said...

මම එක පාරක් මැරෙන්න උත්සාහ කරපු කෙනෙක්. මරණය ලඟා වෙද්දී දැනෙන වේදනාවට මම මූණ දීල තියෙනවා වගේම මධූ මල්ලි.....මම මේ දවස්වල මරණය පේන ඉසව්වක ඉන්නවා. ඒ මගෙ පුංචි මිනූ නංගා ලඟ.....

මරණය කොයි විදිහටද සිද්ධ වෙන්න ඕනෙ කියලා මම කවදාවත් හිතලා නෑ. මරණයේ තියෙන භයානක කම මට දැනිලා තියෙනවා.....තවමත් දවස ගානෙ මම ඒක විඳිනවා.... අපි කවුරුත් කතා කරනවට වඩා ඒ තත්වය වෙනස් මල්ලි. ඒක හුඟාක් වෙනස්....

ChammA said...

අපේ දොස්තර මහතා කිව්වා වගේ අපි අනිත් හැම දේම වගේ මරණය කියන එකත් මද්‍යස්ථව හිතන්න ඕන..දුක් විද විද අනිත් අයට කරදරයක් නොවී මැරෙන්න තියෙනවනම් ඉතින් එකත් වාසනාවක්..

සමහර රටවල ඔය දුක් විදින ලෙඩ්ඩුන්ට පවුලේ ළගම අයගේ කැමැත්තෙන් මරණය නෛතික ආකාරයට ලං කරගන්න පුළුවන් කියලා මම අහල තියෙනවා..

අප්පා අද මට අය්යාගේ ලිපිය කියවලා කමෙන්ට් කරන්න පරක්කු උනානේ..අද දවසෙම පට්ට විදියට වැඩ... :)

ලකී said...

මට හිතුනේ මේ කියන්නේ ප්‍රබාකරන් මරපු එක ගැන කියල....

මධුරංග said...

@නදී :
අනිවාර්යෙන්ම අක්කේ. දුක් විඳිනවට වඩා ක්ෂණික මරණයක් කියන්නේ ලොකු සැපක්. කවුරුත් පතන්නේ එහෙම මරණයක් නේ.

@පූසා :
ඒක හරි පූසයියා. ක්ෂණිකව මැරෙනවට වාසනාවන්ත මරණයක් කියල කියන්න නම් හොද නෑ. ඒ උනාට ඒක ගොඩ කට්ටියට කිසි කරදරයක් නෑනේ.
දුක් විඳින කොට ගෙදර අයට වගේම දුක් විඳින එකාටත් කරදරයක් නේ. ඒ හාමුදුරු නම කියපු දේත් හරි.

@පිස්සු පුසා :
ඒක හරි කෙලින්ම ඔන්ද ස්පොට් වෙන එක සැපතක්.

@පිණිබිඳු... :
අනිවා පිණිබිඳු. එහෙම මැරෙන්න පින් කරන්න ඕන. සමහරු ජීවත් වෙලා ඉන්නැද්දි කරන පස් පව් නිසා විඳවලා නේ මැරෙන්නේ.

ප්‍රාර්ථනා said...

හ්ම්ම්... ඔව් ඉතින් , එක තැන් වෙලා අනිත් අයගෙන් යැපෙනවට වඩා මරණය වාසනාවන්තයි ඒ වගේ වෙලාවට..

මධුරංග said...

@ක්සැන්ඩර් | Xander :
අයියගේ අදහසුත් මාත් එක්ක කමෙන්ට් එකක් විදිහට බෙදා ගත්තට අයියට ස්තුතියි. මාත් අයියා කියන විදිහේ කෝච්චි බස් වලට යටවෙලා මැරෙන සීන් දැකලා තියෙනවා. අම්මෝ ඒවෙලාවට කොයි තරම් නම් මරණ බයක් දැනෙනවා ඇත්ද !!!!

@ ``` Outsider``` :
ඒ කතාව ඇත්ත සහෝ. ගොඩක් දෙනෙක් ජීවත් වෙනකොට මැරි මැරි ඉපදෙනවා. ඒක ඉතින් මේ ක්‍රමයේ හැටිනේ.

@prasanna86k :
එහෙනම් අයියා දැන්වත් පිනක් කොරන්ට හදහන් !!! :)

@අසනි :
අනිවාර්යෙන් යාලු. ගෙදර අයට කෙසේ වෙතත් තමන්ට ඒක කොච්චර දුකක් ද යාලු. එහෙම දුක් විඳින්න කවුරුත් කැමති යෑ.
අම්මෝ එපාමයි !!!!

මධුරංග said...

@රොෂාන් :
මැරෙන වෙලාවේ සිතුවිලිත් යහපත් වෙලා තියෙන්න ඕනා. නැත්නම් ක්ෂණිකව මලා කියලා වෙනසක් නෑ !!!!

@Gimhani :
ඒක හරි යාලු. එහෙම දුක් විඳින එක ගොඩක් ම වේදනාවක්. බලන් ඉන්න අයට එච්චර දුකක් නම් පණ අඳින කෙනාට කොච්චර වේදනාවක් ද නේ.

@මහේෂ් නිශාන්ත :
ඒක හරි මහත්තයෝ !!! හැමදෙයක්ම මධ්‍යස්ථව සිද්ද වෙන එක ගොඩක් හොදයි. අපේ අම්මලෑ ආච්චි අම්මගේ මේ මරණේ තමයි මම් අහපු එකම කරදරයක් නැති මරණේ. අපේ සීයා මැරෙනකොට මාරම දුකක් වින්ඳා.

@යසයා :
ඒක හරි. අපි මැරෙන මිනිස්සුනේ කියලා ජීවත් වෙනකොට ගොඩක් ඉඩම් ප්‍රශ්න අසල්වැසි ප්‍රශ්න වගේ ඒවා ගොඩක්ම අඩු කරගන්නත් පුලුවන්.

අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි said...

සහතික ඇත්ත කතාව බන්...මට ඕවට හොදට experince තියෙනවා ඇඩෙනවා....

මධුරංග said...

@ආගන්තුකයා :
මම් දැකලා තියෙනවා සමහරු මැරෙනකොට හිතේ තියෙන දුකවත් පිට කරගන්න බැරුව කතා කරන්න බැරි වෙනවා. දුක් විඳිනවා කියලා කියමුකෝ. නමුත් ඒ දුක කාටවත් කියාගන්න බැරි නම්....

ඔය ඇඳ වණ නැති කරන මෙට්ට ජාතියක් නම් තියෙනවා කියලා මම් මල්ලිගෙන් අහලා තියෙනවා.

@සාතන් :
ඒකනේ අයියා. සීරිස් එකක් ලීව හැකි. ලියමුකෝ එහෙනම්.

@චතුර.... :
උබ හිතන විදිහත් වැරදි නෑ මචෝ. එහෙම උනත් එයාලා දුක් විඳ විඳ ඉන්නකොට රෙදි ටික උනත් හෝදලා දෙනකොට දුකක් නේ. ඊට වඩා හොදයි හොදින් ඉන්නකොට සලකගන්න තියේ නම්..

@Kasun :
අඩේ එහෙනම් අද ඉදන්වත් මාත් මඓත්‍රි භාවනාව කරන්න ඕනේ. කවුරු උනත් කැමති ක්ෂණික මරණයක් නේ. දුක් අඩු මරණයක්. එහෙම මැරෙන්න තියෙනවනම් ගොඩාක් හොදයි නේ.

ආහ්.. එහමත් මම් දැකලා තියෙනවා. එකපාර මැරෙනකොට ඒ දුක එකපාරයි. නමුත් දුක් විඳලා මැරෙනකොට ඒ දුක ගොඩ කාලයක් තියෙනවා. එතකොට නම් පෙට්ටිය ගන්නකොට අඬන එක අඩුවෙයි. මොකද අඩන්න ඕන එක කලින්ම අඩලනේ.

මධුරංග said...

@නිම්ශා :
ඒකනේ නංගි ප්‍රශ්නේ. අපට අපේ මරණය වෙන විදිහ තිරණය කරන්න බෑ. ඔන්න දිවි නහගත්තොත් නම් ඔය ක්‍රමේ වෙනස් වෙනවා.

@Nisupa :
ඉතින් අක්කම හිතන්නකෝ මාස දෙකක් දුක් විඳලා මැරෙනකොට ඒක කොච්චර නම් දුකක්ද කියලා. නමුත් එකපාරම මැරෙනකොට ඒ දුක එකපාරයි. දැන් කොයි දුක ද වැඩි කියලා කියන්නකෝ !!!!

@නදීර සඳරුවන් ලියනගේ :
නැතුව නැතුව ලොකු මාතෘකාවක් නේන්නම් !!!!!

@මකුළුවා..... :
ඒක හරි මල්ලි. මැරෙනවා කියලා කියන්නේ ඊලඟ ජීවිතයේ ආරම්භය !!!!

මධුරංග said...

@තාරා :
ඒක හරි තාරා. ඒක ඉතින් ඒ කෙනාට අදාල දෙයක් නේ. මරණයක් වෙනකොට මැරෙන කෙනාගේ හිතේ තියෙන ආකල්ප නැවත හොද තැනක උපදින්න එක හේතුවක් වෙනවා.

එක හේතුවක් විතරයි !!!! හොද ආකල්ප තියෙද්දිත් මැරිලා නරක තැන්වල උපදින්න පුලුවන් ඒ අය ඉන්නකන් කරපු පින් පවු අනුව !!!

@ආගන්තුකයා :
අනිවාර්යෙන්ම ඕනදේක දෙපැත්තක් තියෙනවා. අම්මා තාත්තා උනත් ලෙඩක් හැදිලා ගොඩක් දුක් විඳිනවනම් ආදරනීය පුත්තු හැටියට සුබ මරණයක් පතන්න ඕනා. මොකද මරණය කියලා කියන්නේ අපේ අවසානය නෙමේ නේ. අපි තව තැනක උපදීවී. ගොඩක් වෙලාවට හොද තැනක. මොකද අම්මලා පවු කරන අය නෙමේ නේ. ගෙදර බුදුන් වෙන්න උනත් සුදුසු කට්ටියනේ.

ඉතින් හොද තැනක උපදින එක ඉක්මන් උනාම මොකෝ. ඔයාගේ අදහසටත් මම ගරු කරනවා.

@චාටර් කොල්ලා :
උබට හොරෙන් උබ මැරෙන්නේ කෝමද බං. එහෙනම් මැරිලම තමා පෙන්නන්න වෙන්නේ. එහෙම උනහම මටත් කියන්නකෝ. :)

@චේජනා :
ඇති යාන්තන් චේජනා අක්කවත් මගේ පැත්තට ඉන්නවා.

මධුරංග said...

@මි හරක් පිඩියා :
අනිවාර්යෙන්ම ඉක්මනට පන්සල පැත්තේ යමු. හිටහන් මාත් එන්නම්.

@විසිතුරු :
අනිවාර්යෙන්ම මල්ලි. මැරෙනකොට ඒ වෙලාවේ හිතේ තියෙන චේතනාව තමයි ගොඩක් වැදගත්. ඒක හොද එකක් නම් ක්ෂණික මරණයක් උනත් කමක් නෑ.

@sithuwam :
සාත්තු කරන අයට දුකක් නෙමේ උනත් දුක් විඳින කෙනාට ඒක දුකක් නේ. ඔයාලෑ ආච්චි අම්මට අඩුම තරමේ යන්න එන්නවත් පුලුවන් කම තිබ්බනේ. ඒකම ගොඩක් වටිනවා. එක තැන් උනාම තියෙන දුක ඔයිට වඩා දුකක්.

@සෝරෝ :
ඒකනේ අයියා. ඒක ගොඩක් දුකක් !!!

මධුරංග said...

@දේවා ගේ අඩවිය :
ඒකනේ යාලුවා. මාත් පතන්නේ ක්ෂණික මරණයක්. ඒක අනිත් අයට දුකක් නෑනේ.

@දිල් :
ඒක හරි අපේ අක්කා. ඒ නංගිට ඉක්මන් සුව පතනවා අපේ අක්කේ. ඒ නංගිට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි. ඉක්මනින් හොදවෙයි අපේ අක්කේ.

@ChammA :
හරි මල්ලි. මල්ලි හිතපු විදිහ හරි. සමහර රටවල් වල මරණයේ වෛද්‍යයවරයා (Doctor of Death) කියලා කෙනෙක් ඉන්නවා කියලා අහලා තියෙනවා.

@ලකී :
අපෝ ඒ පවුකාරයාව නම් මම මතක් කරන්නවත් කැමති නෑ. !!!! රටට විනාසයක් කරපු කාලකණ්ණියෙක් !!! ශික් !!!

ADK කොලුවා said...

හොද පොස්ට් එකක් මචන්... මමත් ප්‍රර්ථනා කරන්නේ ලබන ආත්මේ බල්ලෙක් උනත් කමක් නෑ, මේ ආත්මේ දුක් විදින්නේ නැතුව, කාටවත් කරදරයක් දෙන්නේ නැතුව ලස්සනට මැරෙන්න ලැබේවා කියල.

මධුරංග said...

@ප්‍රාර්ථනා :
ඒක හරි නංගි. දුක් විඳිනවට වඩා මරණය සැපක් වෙන වෙලාවල් තියෙනවා. ඒකනේ කට්ටිය කියන්නේ "උන්න විදිහට මලා මදැයි" කියලා

@අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි :
අනිවාර්යෙන්ම. ඔය ඉන්නේ අත්දැකීම් තියෙන කට්ටිය

@ADK කොලුවා :
අපෝ එහෙම හිතන්න එපා බං. ඊලඟ ආත්මේ සතෙක් උනාම ආයේ මනුස්සයෙක් වෙන්න අමාරුයි නේ. මනුස්ස ආත්මයක් ලබන්න අමාරුයි කියලා තියෙනවනේ. ඊලඟ ආත්මේත් මනුස්සයෙක් වෙමු. මීට වඩා සමාජයට යහපතක් කරන්න පුලුවන් එකෙක් වෙන්න බලමු !!

ADK කොලුවා said...

මේ ආත්මේ කරදරයක්, වදයක් නැතුව මරුන කියන්නේ ලබන ආත්මේ බල්ලෙක් වෙන්නේ නෑ බං කොහොමත්. ගිය ආත්මේ කරපු පිං වලින් මේ ආත්මේ හැම තත්පරයක්ම ගොඩ දාගන්න බෑ.. අපි හැමෝම කොලු කමට කතාවට ඔහොම කිව්වට, කවද හරි අපේ ආගමට අනුව මේ නරකාදියෙන් එගොඩ වෙන්න දෙයක් කරගන්නවා කියන එක යටි හිතේ තියනව....

මධුරංග said...

@ADK කොලුවා :
අම්මෝ මේ කොලුවගෙන් තමයි බේරෙන්න බැරි. හරි යාලු. අපි කවුරුත් උත්සහ කරන්නේ හොද විදිහට මැරිලා කවදහරි හොද තැනක උපදින්න තමයි.

ඔන්න මම සුදු කොඩි දැම්මා. වෙඩි තියන්න බෑ ඕං !!!! :)

(විහිලුවට කීවේ හොදේ !!!!)

නලිනි චන්දිමා said...

මැරෙන එක අනුන්ට කරදරයක් වෙන විදිහට අනුන්ගෙන් යැපෙන්නට සිදු නොවී, තමන්ටත් දුක් විඳින්නට සිදු නොවී වෙනවනම් තමයි හොඳ.
එහෙම නැතුව කලක් ලෙඩ වෙලා හිටියහම, අර කියන විදිහට බලන්නට පුළුවන් වුණත්, ඒක එක්කො ඒ බලන අයට කරදරයක්. එහෙම නැත්නම් බලා සිටිය නොහැකි දුකක්. එකවරම මැරුණහම දෙපාර්ශ්වයටම දුකක් නැහැ. අපට පින් රැස් කරගැනීමටයයි කියා, දෙමවුපියන්ට/ ආදරණීයයන්ට එහෙම එක්තැන්ව දුක් විඳීමට සිද්ධ වෙන එක හොඳය කියා මටනම් හිතෙන්නෙ නැහැ. ඒක දෙගොල්ලන්ටම දුකක්ම මිස. අනුන්ට කරදරයක් වීමට හෝ විඳව විඳව, පණ විතරක් නමට ඇදගෙන යාමට මම කැමති නැහැ.

deeps said...

හ්ම්ම්...දුක් විදිනවාට වඩා මරණය හොඳයි . එත් මිනිස්සු මේක තේරුම් ගන්නේ හරිම අඩුවෙන්. අපේ අම්මා නැති වුන වෙලාවේ මම මල්ලී, තාත්තා කවුරුවත් දුක් වුනේ නැහැ. ඒ අපි දන්නා නිසා මරණය අම්මාට සැපක් කියලා. ඒ වුණාට සමහරු මුණ නොරෝක්‌ කරගෙන හිටියා අපි තුන්දෙනා හොටු පෙරාගෙන අඩුවේ නැත්තේ අපි අම්මට ආදරේ නැහැ කියලා හිතලා. තව කට්ටියක් මට පස්සේ දවසක බැන්නත් එක්ක අඩන්න තිබ්බා කියලා

JHOTHISHALANKA said...

කාටවත් කරදරයක් නැතිව මැරෙන්න මමත් කැමතියි.අර ආච්චි අම්මා මැරුණා වගේ.

♣ආසියා♠ (♥AseS♦) said...

මරණේ වාසනාවන්ත හරි අවාසනාවන්ත හරි වෙන්නේ මැරෙන මොහොතේ ඇතිවෙන සිතුවිල්ල නිසා තමයි යාළු..

කොහොම වෙතත් උබේ කීමට මමත් එකගයි ඒ වගේ මරණයක් ජීවත් වෙන අයට නම් වාසනාවන්ත වෙනවා තමයි..

ආයේ හොද තැනක ඉපදෙන එක කෙසේ වෙතත් ඉක්මනටම මේ කුප්ප කුජීත ලෝකෙන් වාශ්ප වෙන්න පින් කරපන් යාළු..

ආපු පළවෙනි දවසෙම මෙහෙම කියුවට තරහ අවසර යාළු..

අදයි මේ පැත්තෙ ආවේ වැදගත් කියවන්න වටින දේවල් ගොඩක් තියෙනවා වගේ..වෙලාවක් තිබුනොත් මගේ කුනු බක්කිය පැත්තෙත් ඇවිත් යන්න වරෙන් යාළු..

හිස් අහස said...

මේ ඉන්න ටිකේ මමනම් කැමති සතුටෙන් ජොලියෙන් ජීවත් වෙන්න මැරෙනවා වගේ දේවල් ගැන මම යන්තමින්වත් හිතන්නේ නෑ . මැරෙන්නේ නෑ කියලා හිතාන ඉන්නවා නෙවේ . මැරෙන දවසට මැරියං කියලා හිතලා නිහඬව ඉන්නවා ..

ප්‍රසංග said...

මතු භවයක උපත පිනිස චුති සිතත් බලපානවලු..සමහර කුසල හා අකුසල කර්ම විපාක යටපත් කරන්නත් මේ සිත ප්‍රභලයිලු..ඉතිං යහපත් මරණයක් ලැබෙන්නෙ මැරෙන මොහොතෙ යහපත් චුති සිතක් ලබාගත්තොත් නේද..මැරෙන්නෙ කොයි වෙලේද දන්නෙ නැති නිසා හැම මොහොතකම අන් අයට දයාව කරුණාව මෛත්‍රිය පතුරුවගෙන ලැබෙන දේ හොඳයි කියල ඉන්න එක තමා වඩාත් සුදුසු...

sansarasidu said...

මැරෙන එක අනුන්ට කරදරයක් නැතිව තමනුත් විඳවන්නේ නැතිව වෙනවානම් තමා හොඳ‍... ඒත් අර කිව්වත් වගේ ඕකට බලපාන්නේ අපි කොරපු සහා කරන පින් පවු තමා... ඒත් මං නම් වාසනාවන්ත මරණයක් කියල විශ්වාස කරන්නේ අර බුද්ධ දර්ශනයේ එන විදිහේ පහන් සිලක් නිවිල යන ආකාරයේ මරණයක් ! මං කිව්වේ නිර්වාණාවබෝධයත් සමඟ සිදුවන මරණයක් !

පන්සල් හංදිය said...

අපේ ආච්චිත් අවුරුදු ගානක් ඇඳේ ඉඳලා දුක් විඳලා තමා නැති වුනේ හැබැයි ආච්ච නැති වෙන වෙලාවෙ මම ආච්චිට ඇහෙන්න පිරිත් කියෙව්වා ......

ආච්චි මැරෙනකං කරන්න පුලුවං උප‍රිමෙන් අපි සාත්තු සප්පායම් කලා....

මල්ලිගේ අදහසට මම එකඟයි .......

සරත් ලංකාප්‍රිය said...

මමත් පතන්නේ කාටවත් කරදරයක් නැතිව අඑහෙම යන්න ලැබේවා කියලයි අපේ තාත්ත ගියේ එහෙමයි අවුරුදු අනුවේදී හොඳට නැගිටලා ඇවිදලා ගිහින් හන්සිපුටුවේ වාඩිවෙලා නංගී දුන්න තේ කෝප්පේ දිහා බලල හිනා උනා. හිනාව එහෙමම තිබුන නිසා තාත්ත කියල ඇඟට අත තිබ්බම තාත්ත ගිහින්.. අම්ම නම් එච්චර පහසු ගමනක් ගියේ නැහැ. තාත්ත ගියාට පස්සේ අම්ම බෙහෙත් ගැනීම නතර කරලා තියෙනවා අපි කවුරුත් නොදැන. අමාරු උනාම රෝහලට යන අතරේ සිහිය නැතිවෙලා රෝහලේදී තමයි ඇස් පියාගත්තේ.. අන්තිමට කිවුවේ මගේ නම්. ඒ නිසා මට තාමත් වේදනාවෙන් මිදෙන්න බැහැ..

- නිල් අහස - said...

මටත් කරන්නම බැරි දේ ..මම හින්දා අනිත් අය දුක් විදිනවා, කරදර වෙනවා, බලන් ඉන්න බැරි එකයි.
ඒ හන්දා.. මම පතන්නෙත්, කාටවත් කරදරයක් නොවී, ජීවත් වෙන්නත්..මැරෙන කොට හොද සිහියෙන් ක්ෂණික මරනයක් සිදු වෙන්නත් කියා...තමයි ..මල්ලී.

චතූ...... said...

දුක් විදලා මැරෙන එක මහ අවාසනාවන්ත මරනයක් තමා..ඒත් අපිට AL physics කරපු සර් (අපි රනයා කියන්නේ ආදරේටනේ) කියන විදියට නම් ඔය එක පාරටම මැරෙන අය හරි නින්දෙන්ම මැරෙන අය හරි අත්විදින්නේ වාසනාවන්ත මරනයක් නෙවේ...
මොකද ගොඩක් වෙලාවට ඒ අය මැරෙන්නේ හාර්ට් ඇටෑක් එකකින් වගේනේ..
ඉතින් එහෙම මැරෙනකොට සිහිය නෑනේ...
අපේ සර් කියන විදියට නම් එහෙම මැරුනහම ඊලග ආත්මේ තමා අප්සෙට් යන්නේ....
වාසනාවන්ත මරනයක් නම් හොද සිහියෙන් මැරෙන්න ඕනා..
හැබැයි දුක් විදින්නෙත් නැතුව...!!!!!!!!

පූසා said...

උඹ සඳරුට මල්ලි කියලා මට අයියා කියන එකට මගේ බලවත් විරෝධය!
මොකද අපි දෙන්නම එක වයසෙ :D

මධුරංග said...

@නලිනි චන්දිමා :
ඒක හරි දොස්තර නෝනා. දෙමව්පියන්ට සලකන්න ඕනේ කියලා ඒ අය දුකේ තියාගෙන බලලා වැඩක් නෑ. ඒක එයාටත් දුකක්. සලකන අපටත් දුකක්. මම් කලිනුත් කීවා වගේ මරණය කියන්නේ නැවතීමක් නෙමේ නේ.

@deeps :
ඒක හරි නංගි. දුක් විඳිනවට වඩා මරණය සැපක් වෙන වෙලාවල් තියෙනවා.

@JHOTHISHALANKA :
එහෙම මරණ නම් වාසනාවන්තයි අයියේ. කවුද දන්නේ අපි කෝම මැරෙයිද කියලා.

@♣ආසියා♠ (♥AseS♦) :
තරහා වෙන්නේ මොකටද. කමෙන්ට් කරනකොට හොද විතරක්ම කමෙන්ට් කරන්න කියලා නියමයක් නෑනේ. ඒ නිසා තමන්ගේ මතයත් ඉදිරිපත් කරන එක හොදයි.
ඔන්න මාත් කුණුබක්කිය පැත්තේ ගියා. :)

මධුරංග said...

@හිස් අහස :
අඩේ මල්ලි මාත් ආසයි බොලව් ජොලියේ ජීවත් වෙලා ජොලියෙන්ම මැරිලා යන්න.කොයි !!! අපට එහෙම ඉඩක් තියෙනවා යෑ.

@ප්‍රසංග :
කතාව සහතික ඇත්ත. හැමෝටම මෛත්‍රි කරන්න ඕනේ. මොකද අපි මැරෙණ වෙලාව කාටවත් කියන්න බැරි හන්දා.

@sansarasidu :
නිවන් අවබෝධ කරගෙන මැරෙන්න තියෙනවනම් මාත් කමතියි. ඒත්... මේ ලෝකේ ඉදන් ඒක කරන්න පුලුවන් වෙයිද කියන සැකය නම් තියෙනවා. අඩුම තරමේ ඊලඟ ආත්මේ මනුස්ස ආත්මයක් කරගෙන ඒකෙදිවත් පින් කරගන්න බලමු.

@පන්සල් හංදිය :
මම් දවසක් දොරමඩලාවෙත් අහලා තියෙනවා ඔහොම පිරිත් අහ අහා ඉදලා නැති උන පුතෙක් ගැන. එහෙම මැරෙන්න තියෙනවනම් මාරම පිනක්. මොකද මැරෙන වෙලාවේ සිතේ තියෙන්නේ යහපත් සිතුවිලි නේ.

මධුරංග said...

@සරත් ලංකාප්‍රිය :
ඒක හරි අයියේ. දෙමව්පියෝ නැතිවෙන දුක කොහොමත් නැති කරන්න බෑ අයියේ. ඔයාව හදපු වඩපු දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමු !!!! අපිට කරන්න තියෙන්නේ එච්චරයි නේ.

@- නිල් අහස - :
ඒකනේ අයියා. අපි දුක් විඳිනකොට ඒක අනුන්ට වගේම තමන්ටත් ලොකු කරදරයක් නේ.

@චතූ...... :
අම්මෝ හාර්ට් ඇටෑක් එකකින් මැරෙනකොට කොහොමද වාසනාවන්ත මරණයක් වෙන්නේ. ඒකත් දුකක් නේ. අර කිව්වත් වගේ හොද හිතකින් මැරෙන්න තියෙනවනම් එච්චරයි ඕනේ.

@පූසා :
අඩඩා !!! කවුද දන්නේ පූසයි සදරුයි එකම වයසේ කියලා. මම් හිතන් හිටියේ පූසා මට අයියා වෙනවාය කියලා.
එතකොට දෙයියනේ මට අයියලා ඇත්තෙම නැද්ද !!!! :(

හිතුවක්කාරි said...

අනේ.... මාත් කැමති එහෙම කාටවත් කරදරයක් නැතිව, දුක් විදින්නෙ වේදනා විදින්නෙ නැතිව මැරෙන්නයි.... ඒකට පින තියෙන්න ඕනෙ කියනෙකනම් ඇත්ත...මේ ආතමෙනම් මං පිං කරනවා :ප් ඒත් ගිය අත්මෙ මොනා කරලාද දන්නෙ නෑනෙ.. :(
කොහොමහරි කමක් නෑ.... වාසනාවන්ත මරණයක් කියන්නෙ මම නම් හිතන්නෙ දුක් විදින්නෙ නැතිව මැරෙනෙකයි :)

අපරාජිතයා :::: Aparajithaya said...

අනිවා බං මමත් මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා අමරෙට දුක් විඳ විඳ මැරෙන මිනිස්සු.

ඒ ගොඩාක් උන් ජිවත් වෙන කාලේ කුහක කම් කර කර හිටි මිනිස්සු... මෙච්චර දේවල් ඇස් පනා පිට දැක දැකත් පව් වැඩ කරන්න මිනිස්සු බයක් නැති එකයි බං පුදුමේ.....

Anonymous said...

අනේ මැරෙන්න එපා සුදූලා. පව්

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.