31 March 2022

අරගලයේ පළමු වෙඩි මුරය

 අද 2022 අවුරුද්දේ මර්තු 31 වන බ්‍රහස්පතින්දා.. !

මෑත ඉතිහාසය තුල නොමැකෙන අයුරුන් සටහනක් තැබුන දිනයක් වේවි. 

ඊට මූලිකවම හේතුව වන්නේ රට තුල නොයෙක් අර්බුද ඇති කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ශ ඇතුලු රාජපක්ශ රෙජීමයට විරුද්දව මිරිහානේ ජනාධිපති නිවස ඉදිරිපිට මහා ජනකායක් විරෝදය පෑ දිනය අදයි.

දිනෙන් දින ඉහල යන බඩු මිල හා පැය 13ක දෛනික විදුලි කප්පාදුවකට එරෙහිව ජනතාව ජනාධිපති නිසව අභියසම උද්ඝෝශණය කල ඒ එඓතිහාසික දිනය අද වේ.


විරෝදය පෑ ජනතාවගේ මූලිකම ඉල්ලීම වන්නේ රට තව දුරටත් අගධයකට ඇද නොදමා වහාම රටේ පාලනයෙන් ඉල්ලා අස්වන ලෙසයි. මීට අමතරව රාජපක්ෂ රෙජීමය විසින් හොරා කෑ සියළුම මුදල් රාජසන්තක කරන ලෙසත් ය.

පහලින් දක්වා ඇති පින්තූරයෙක් දිස් වන්නේ මෙදින සිය දරුවා සමග විරෝදය පෑමට ආ මවකගේ ඡායාරූපයකි. මෙම පින්තූරය සමාජ මාධ්‍යය තුල මේ වන විට බොහෝ කතා බහට ලක් වී ඇත.

ඉහත පින්තූරයට සමගාමිව කාටුන් ශිල්පියෙකු නිර්මාණය කරන ලද කාටුන් චිත්‍රයද සමාජ මාධ්‍යය තුල මිනිසුන් කතාබහට මාතෘකා කරගන්නා ලදී.


මිනිසුන් විසින් මිනිසුන් උදෙසා වූ ආදරයේ අරගලය ආරම්භ වූයේ මෙලෙසිනි.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.