03 February 2021

කඩුක්කම් පැළඳි ආඳා

 සෑහෙන කාළයකට පස්සෙ නිකමට වාගේ හිතුනා බ්ලොග් එකට මොනවමහරි ලියලා දාන්න ඕන කියලා. ආන්න ඒ නිසාම බ්ලොග් එකේ ලියන්න හිතාගෙන උන්නු මාතෘකා වලින් එකක් එළියට ඇද්දා.

මගේ යාළුවෙක් අළුතින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්ඩ යන්නේ. ඒ චැනල් එකෙන් කරන්න ඉන්නේ ලංකාවේ තියෙන අප්‍රකට රජමහා විහාර ගැන හා ඒවායේ තියෙන ඒතිහාසික පසුබිම ගැන.

ඒ චැනල් එකට මගේ දායකත්වය වෙන්නේ ඒතිහාසික කරුණු හොයලා දෙන එක සහා ඒ තැන්වලට යන විදිහ හොයන එක. අපි මේ ක්‍රියාදාමයේ පළවෙනිම අදියර විදිහට තෝරගත්තේ රයිගම් රාජධානියේ පතහාවත්ත පුශ්කරාරාම රජමාහා විහාරය. 

මේ රජමහා විහාරය ගන මම කලින් වතාවකත් ලිව්වා මතක ඇතිනේ. මෙන්න මේ සබැඳියෙන් ඒ ලිපිය කියවලා එන්ඩ.

අපි දෙන්නා පංසලට ගොඩ වැදිලා මුලින්ම කළේ නායක හාමුදුරුවෝ බැහැදකින එක. උන්නාන්සේව බැහැදැකලා අපේ මේ කටයුත්ත ගැන උන්නාන්සේට සැළ කලා.

මුලදි මුලදි නම් උන්නාන්සේ ලොකූ දේශනයක් අපි දෙන්නාට දුන්නා. පස්සේ අපිට වීඩියෝගතකර ගන්ඩ අවසර හම්බ උනා.

අපි පන්සල වීඩියෝ කරගෙන ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ උන්නු ආවාසගෙට ගොඩ උනා උන්නාන්සේගෙන් මේ පන්සල ගැන විස්තර ටිකක් දැන ගන්ඩ.

ඒත් අපේ වෙලාවට ලොකු හාමුදුරුවෝ වැඩක යෙදිලා උන්නේ. ඒ නිසා උන්නාන්සේ අපට පොඩි හාමුදුරු කෙනෙක්ව සම්බන්ධ කරලා දුන්නා.උන්නාන්සේ අපිට පන්සල ගැන හරි අපූරු විස්තර ටිකක් කියලා දුන්නා. ඒ ටික වීඩියෝ එක ආවහම මම මෙතන පෝස්ට් කරන්නම්.

උන්නාන්සේ කියපු දේවල් වලින් මගේ හිත් ගත්තේ එකම එක කතාවක්.

මේ පන්සලට පතහාවත්ත කියලා නම හැදිලා තියෙන්නේ පන්සල් මිදුලේ තියෙන ලොකු පොකුණක් (පතහක්) නිසා. ඒ පතහේ ඉදලා පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරයේ පොකුණ සම්බන්ධ කෙරෙන උමං ජල මාර්ගයක් තියෙනවා ලු.

ඒක ගම්මු විසින් හොයාගෙන තියෙන්නේ ඒ පොකුණේ හිටපු ආඳෙක් නිසා.කිත්සිරිමෙවන් රජමහා විහාරයේ හිටපු ආඳා ටික දවසකට පස්සේ පතහාවත්ත පන්සලේ පොකුණෙත් ඉන්නවා ලූ. තැන් දෙකේම ඉන්නෑඉ එකම ආඳා ද කියලා බලන්න ගමේ මිනිස්සු මේ ආඳව අල්ලගෙන කණේ කඩුක්කමක් (කරාඹුවක්) පැළඳුවා ලු.

පස්සේ පස්සේ සෝදිසි කරලා බලනකොට මේ ආඳම තමා ලු තැන් දෙකේම ඉන්නේ. ඒ නිසාම ගමේ මිනිස්සු කල්පනා කළාලු මේ පොකුණු දෙකම එක ම උමං මගකින් සම්බන්ධ වෙනවයි කියලා. 

ඔන්න ඕකයි උන්නාන්සේ අපට කියපු කතා වලින් එකක් උනේ.

ඔය වගේ අපූරු කතා ටිකක් ඉදිරියේදි අපට අහන්න හම්බවේවි.

එතකන් ජය වේවා !

2 comments:

  1. කිත්සිරිමෙවන් රජමහ විහාරය හොරණ පොකුණුවිට 'ගලේ පන්සලද' ?

    ReplyDelete
    Replies
    1. එහෙම නම් හරියටම දන්නේ නෑ. හොයලා බලලා කියන්නම්

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.