23 April 2019

රෙමූණ වැව හා ආඳ දොළ

පහුගිය කාලේ ලංකාවටම පෑවිල්ල ඇල්ලුවා  මතක ඇතිනේ. අන්න ඒ කාලේ සෙනසුරදා දවසක හවස් වරුවේ තමයි මේ ගමන ගිහින් ආවේ. මේත් වැඩි ඈතකට ගියපු ගමනක් නෙමෙයි.

හොරණ ඉදලා කිලෝමීටර් 12ක් වගේ දුරකින් තියෙන රෙමුණ වැව බලන්න ගියපු ගමනක්.

මම සුපුරුදු පරිදි ගියේ,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ

කියන ගමන් මාර්ගය හරහා. රෙමුණ කියන ගමට කිට්ටු වෙනකොටම රෙමුණ වැව පාර කියලා පාරක් හම්බ වෙනවා. එතැනින් දාලා කිලෝමීටරයක් විතර යනකොට රෙමුණ වැව ළඟට එන්න පුලුවන්.


වැව ගාවට යන්න කලින් මදුරාවල ප්‍රාදේශීය සභාවෙන් ගහපු බෝඩ් එකක් නිසා මම එතනින් බයිසිකලය හැරෙවා. ඒ බෝඩ් එක තමා පහලින් තියෙන්නේ.

ඒ පාර දිගේ ගියහම කුමාරියන් පැන්න ගලටයි ආඳා දොළ ළඟටයි යන්ඩ පුලුවන්. කුමාරියන් පැන්න ගල කියන්නේ කොහේද කියලා නම් දන්නේ නෑ. ඒත් ආඳ දොළ නම් දකින්න හම්බ උනා. ඒකෙත් වතුර සෑහෙන්න අඩුයි. වතුර තියෙන කාළෙක නම් මේ දොළ ලස්සනට තියෙන්න ඇති. මේ දොළට ආඳ දොළ කියලා කියන්නේ කුඩා ප්‍රමාණයේ පොකුණකට බෑවුම් වෙන ලිස්සන සුළු කළු ගලක් නිසා වෙන්න ඕන.
පේනවා නේද?වතුර සෑහෙන්න අඩුයි.

ඒකත් මඩ වෙලා.වතුර තියෙන කාළේ පින්තූරයක් තමයි පහලින් පේන්න තියෙන්නේ. මේ පින්තූරේ ගත්තේ අන්තර්ජාලයෙන්. ආඳා දොළ කියන්නේ නාන්න සුපිරිම ප්ලේස් එකක්. ඒත් පෑවිල්ල නිසා වතුර ලෙල්ලටම හිඳිලා ගිහින්.

ආඳා දොලේ වතුර නැති නිසා මම ටික වේලාවකින් ආපහු රෙමුණ වැව බලන්න එන්න හැරුණා. විනාඩි 10ක් විතර යනකොට රෙමුණ වැව ළඟට එන්න පුලුවන් උනා.

රෙමුණ වැව තියෙන්නේ අපූරු පරිසරයක. ඕන තරම් වේලාවක් බලාගෙන ඉන්න තරම් අපූරු දර්ශනයක් තමයි රෙමූණ වැවේ තියෙන්නේ. පරිසරයත් සුන්දරයි. අපි යනකොට කට්ටියක් නනා හිටියා. මම නාන්න ඇඳුම් අරගෙන ගියේ නැති නිසා නෑවේ නෑ.





වෙලාවක් තිබ්බොත් ගිහින් එන්ඩ අපූරු ජලජ පරිසරයක සුන්දරත්වය විඳින්න පුලුවන් වෙයි. ගොඩක් ප්‍රසිද්ධ නැති නිසා රෙමුණ වැවට නම් මිනිස්සුන්ගෙන් ඒ තරම්ම හානියක් වෙලා නැති හැඩයි. යන කෙනෙක් ඉන්නවා නම් ඒ පරිසරයට හානියක් කරලා එන්න නම් හිතන්න එපා. අඩුමගානේ ටොපි කොළයක්වත් දාලා එන්න එපා.

4 comments:

  1. Kumari penna gala tiyenne aandha dolen eha patte. Ara gal walin wata karapu pokunak wage 4to ekak dala tiyenne, ethanin parak athi

    ReplyDelete
  2. අපේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා රෙමුණේ. මිනිහට අනික් ඩ්‍රයිවර්ලා විහිළු කරනවා ගම ඇහුවාම රෙන්න හදනවා කියළා. මම පොරත් එක්ක ගමන් යන වෙලාවට රෙමුණට ගිහිං තියෙනවා. නමුත් මෙච්චර ලස්සන වැවක් තියෙන බව දැනගෙන හිටියේ නෑ. මොකද මේ වගේ තෙත් පරිසරයක වැව් නැත කියන දේ ඔලුවට දාගෙන හිටපු නිසා.

    ReplyDelete
  3. ඔබට කුමාරි පැන්න ගල නොපෙනුනේ කොහොමද? රෙමුණ, වැව පාරට හැරෙන්නට ඉස්සෙල්ලා ඉදිරියේ වෙල් යායට ඉහලින් දකුණු පැත්ත බැලු විට විශාල ගල් පර්වතයක් පෙනෙනවා. වැව පාරේ ටික දුරක් ගොස් වමට හැරී පර්වතය ළඟටම යන්නට පුළුවනි. මේ පර්වතයේ පුරාවෘතයත් සංවේදී ජනකයි.

    ReplyDelete
  4. තවුසේ නාන්න ඇදුං ගෙනිච්චි නැතිවට කමක් නෑ. ඉස්කිනිඩිපිං පාරක් දාන්න තිවුනනේ. පින්තුරු මදි බං.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.