උන ගැනුනේ සඳුදා දින රාත්‍රියේ නිසා මා පසුදා උදෙන්ම බෙහෙත් ගැනීමට පානදුරේ මූලික රෝහලට ගියෙමි. එහිදී මා දුටු අත් විඳි අත්දැකීම් සියල්ල බෙදා හදා ගැනීම සදහා මේ ලිපිය ලියා තබමි.
මා පානදුරේ පදිංචියට වී අවුරුදු තුනක් ඉක්මවා ගියද, එක වරක්වත් පානදුරේ රෝහලෙන් බෙහෙත් ගෙන නොතිබිණි. සුළු ලෙඩක් හැදුන විට මා මල්ලීගෙන් බෙහෙත් අසා ඒ බෙහෙත් ටික පාමසියකින් ගෙන බීමට පුරුදුව සිටි නිසා වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත යාමට උත්සාහ නොකෙරුවෙමි.
මේ සතියේ හැදුන වෛරස් උන නිසා මා කෙලින්ම පානදුරේ රෝහලට ගියෙමි. බාහිර රෝගී අංශයට ඇතුළු වූ මා ඇස් අදහාගත නොහැකි විය. රෝහලේ බාහිර රෝගී අංශයම පරිගණක ගතකොට තිබිණ. මා කොතනින් පටන් ගත යුතු ද යන්න සිතාගත නොහැකිව විනාඩි කිහිපයක් වික්ෂිප්තව බලා සිටියෙමි.
තව දුරටත් පුදුමයෙන් බලා සිටීමේ පලක් නොවන බැවින් මා අසල සිටි අයෙකුගෙන් ඕපීඩී නොම්මර දෙන්නේ කොහේදැයි විමසී ය.
"මල්ලි ඔයා අර කවුන්ටරේට අයිඩෙන්ටිටි කාඩ් එක දීලා කොම්පියුටර් කාඩ් එකක් ඉල්ලගන්න." යැයි ඔහු පැවසී ය.
මා ඔහු පැවසූ පරිදි අදාල කවුන්ටරයට ගොස් මගේ විස්තර පැවසූවෙමි. එතැන වැඩ කල ඇටෙන්ඩන්ට්වරිය මට බාර්කෝඩ් එකක් සහිත කුඩා කාඩ්පතක් දුන්නා ය.
ඒ බාර්කෝඩ් එක සහිත කාඩ්පත පරිස්සම් කරගන්නා ලෙසත්, නැවත මා රෝහලට එනවිට ඒ කාඩ්පත රැගෙන එන ලෙසත් අදාල ඇටෙන්ඩන්ට්වරිය පැවසු වා ය. ඉන්පසුව මා යා යුත්තේ බෙහෙත් ගැනීම සදහා නොම්මරයක් ගැනීමට ය. ඒ සදහා වෙනම කවුළුවක් ඇත.
මට ලබා දුන් කාඩ්පත අදාල බාර්කෝඩ් ස්කෑනර් යන්ත්‍රයෙන් ස්කෑන් කල පසු මට හිමි නොම්මරය සහිත තුන්ඩුව ලැබුණි. එයත් රැගෙන මා රෝගීන් වාඩි වී සිටි ආසන වෙත පැමිණ වාඩි වූවෙමි.
සාම්ප්‍රදායික ක්‍රමයට නොම්මර විසි පහෙන් විසිපහට කතා කර රෝගීන්ව අදාල කාමර වෙත යොමු කළේ ය. එයත් පරිගණක ගත කලේ නම් අගය කියා නිම කළ නොහැකි වැඩක් යැයි මට සිතුණි.
මගේ අංකය කතා කල පසු මා වෛද්‍යවරයා වෙත පැමිණියෙමි. කාමර හතරක වෛද්‍යවරු 8ක් පමණ සිටියෝ ය. ඔවුන් හැම කෙනෙකුටම පරිගණකයක් ලබා දී තිබුණි.
මා අදාල වෛද්‍යවරයා වෙත ගොස් අසුන් ගන්නා විටම මගේ පරිගණක බාර්කෝඩ් කාඩ්පත නැවත වතාවක් ස්කෑන් කලේ ය.
ඉන් අනතරුව ඔහු මගෙන් රෝග ලක්ෂණ විමසී ය.මා රෝග ලක්ෂණ පැවසූවාට පසු ඔහු මා පරික්ෂා කර බෙහෙත් සියල්ලම පරිඝනකය ආධාරයෙන් සලකුණු කලේ ය. ඉන් අනතුරුව මා ගියේ ඩිස්පැන්සරිය වෙත ය.
එතැනද සෑම ඖෂධවේදියෙකු ළඟම ලැප්ටොප් පරිගණකයක් තිබේ. එහිදී ද මගේ කාඩ්පත නැවත වරක් ස්කෑන් කර වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ සේරම මට ලබා දුන්නේ ය.
මේ ක්‍රියාවලියේ කොතැනකවත් සාම්ප්‍රදායික ලෙස පෑනකින් කොළයක් මත බෙහෙත් ලිවීමවත් නම ගම ආදිය කොළයක සටහන් කිරීමවත් සිදු නොකරන ලදී. ඒ සියල්ලම සිදු කරන ලද්දේ පරිගණක ආධාරයෙනි. මේ නිසා අනවශ්‍යය ලෙස පත්‍රික සදහා වියදම් වීමක් සිදු නොවේ.
එසේම මේ නිසා නැවත වරක් ඔහු/ඇය රෝහලට එනවිට පරණ තුන්ඩු අළුත් කර ගැනීමට පෝලිම් වල කල් මැරීමට ද සිදු නොවේ. එසේම වෛද්‍යවරයා විසින් ලියන ලද වැල් අකුරු අඳුනා ගැනීමට අපහසු වීම් සිදු නොවේ.
ඉහත ආකාර නොයෙකුත් වාසි රැසක් රෝගීන් ට ලබාගත හැකි ය. මෙවැනි ක්‍රමවේදයක් අනෙකුත් රෝහල් තුලත් සිදු වන්නේ නම් එය රෝගීන්ට හා රජයට ඉමහත් පහසුවක් සැලසේ. මෙවැනි පරිඝනක ගත ක්‍රමයක් මා දුටු පළමු වතාව බැවින් මා මෙය ලිපියක් ලෙස ලියා තබමි.
ඔබට ජය හා සතුට !!!
අහන්නත් සන්තෝෂයි. මේ ඇත්තමද කියාත් වරකට සිතෙනවා. මේ ආකාරයට සෑම රජයේ රෝහලකම කටයුතු කෙරෙනවානම් රෝගීන්ට විශාල මුදලකුත් ගෙවා පෞද්ගලික රෝහල්වල රස්තියාදු වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අඩුම ගනනේ පානදුර වැනි වෙනත් දිස්ත්‍රික් රෝහල් වලත් මෙම ක්‍රමය ව්‍යාප්ත වෙමින් පවතිනවාද ?
ReplyDeleteවැලිසර ලය රෝහලෙත් මේ ක්‍රමය භාවිතා වෙනවා.
Deleteකළුතරත් මෙසේය
ReplyDeleteරාගමත් ඔය විදිය අනුගමනය කරනවා. මේ වැඩේට මුල පුරපු අය ලොකු පිනක් කරගෙන තියෙන්නේ.
ReplyDeleteKanthaleth esemayi
ReplyDeleteThis is a very good first step. Hopefully (in the future) your health record will be available in any hospital you go. All your heath details are in one record. Most developed countries has this system call e-health record.
ReplyDelete