03 December 2016

ගුරුත්වාකර්ශණය හා උස

පහුගිය ටිකේම මම විම්පි කිඩ් පොත් ටික කියෙව්වා මතක ඇතිනේ. ඉතින් ඒ කතා මාලාවේ එක පොතක ග්‍රෙග් ගේ අයියා, ඒ කියන්නේ රොඩ්‍රික් පොඩි පරීක්ෂණයක් කරනවා.

ඒ පරීක්ෂණය කරන්නේ එයාගේ විද්‍යා විෂයේ එක ව්‍යාපෘතියකට.

ඒ පරීක්ෂණය තමා ගුරුත්වාකර්ශණයක් නැති අවකාශයක දී සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උස වැඩිවීමක් සිද්ධ වෙනවයි කියලා.
අපි උදාහරණයකට ගම්මු අඩි 6ක් උස මනුස්සයෙක්. ඒ මනුස්සයා හඳේ දී නැත්නම් අභ්‍යවකාශයේදී උස යම් පරමාණයකින් වැඩි වෙනවා ය කියලා.

ඉතින් මටත් හිතුනා මේ කතාව ඇත්තද කියලා හොයලා බලන්න. දැනට විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා එහෙම වැඩි වීමක් සිදු වෙනවයි කියලා. ඒකට හේතුව වෙන්නේ පෘෂ්ඨ වංශීන්ගේ (ඒ කියන්නේ කොඳු ඇට පෙළක් තියෙන අයගේ) කොඳු ඇට පෙල කිසියම් ලිහිල් වීමක් සිදුවෙලා උස යාමක් සිදු වෙනවයි කියලා.

නමුත් මේ උස වැඩි වීම තාවකාලිකයි.

ඒ කියන්නේ ආයෙමත් පෘතුවියට ආවොත් අර වැඩි වෙච්ච උස ප්‍රමාණය මාස කිහිපයකදී සාමාන්‍ය තත්වයට පත් වෙනවා ලු.

මේකෙන් පැහැදිලි වෙනවනේ ගුරුත්වාකර්ශණය, අපේ උස වැඩිවීමට යම් සාධකයක් එකතු කරනවා කියලා.

අපි බැරි වෙලාවකවත් ගුරුත්වාකර්ෂණය වැඩි බ්‍රහස්පති වගේ ග්‍රහයෙක් මතුපිටට එහෙම ගියොත් කොන්දේ අමාරු හැදෙන්නත් බැරි නෑ නේ !

මූලාශ්‍රය - www.space.com

1 comment:

  1. පොළොවෙදිත් නිදාගත්තම උස සුට්ටක් අඩු වෙලා ආය දවල් වෙද්දි වැඩි වෙන කතාවක් මම අහල තීනෝ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.