කතාවට නං කියන්නේ "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී" කියලා කිව්වට එහෙම යාළුවෝ හම්බ වෙන්නේ අතලොස්සයි. අපරාදේ කියන්ඩ බෑ ඒ අතලොස්ස නම් ඉහටත් උඩින්. සැපේදි වගේම දුකේදිත් ඉන්නවා.
හැබැයි ඉතින් වැඩිමනත් ඉන්නේ අපිටත් නොදැනි අපේ සාක්කුවටත් විදලා මාරු වෙන එවුං !
යාළුවෝ කියන ජාතිය කොච්ච්රවත් උන්නට සමහර යාළුවෝ නං හිටියත් වැඩක් නෑ. උන්ට යාළුවෝ කියනවට වඩා හොඳයි වෙන නමක් කිව්වා නං. ඒ තරමටම එපා කරපු එවුං.
මං මෙහෙම කියන්නේ අපේ සමහර යාළුවෝ ඉන්නවා උන් ඉඳලා ඉදලා කතා කලොත් අනිවාර්යෙන්ම මොකක් නමුත් උදව්වක් බලාපොරොත්තුවෙන් කතා කරන්නේ කියලා ඉහිං කනිං තේරුම් ගන්ඩ පුලුවන්. ඒ වගේ යාළුවෙක් ඉදලා ඉදලා එකපාරට කතා කරන නිසා ඉල්ල ගන්ඩ ඉන්න උදව්ව කෙලින්ම අහන්ඩත් බෑ බෑ වගේ ඉන්නවා.
ඊට පස්සේ රටේ නැති වර්ණනාවක් දාලා සෑහෙන බටර් ගොඩක් ගාලා ආපු කාරණාවට බහිනවා. ඒ විතරක් යෑ මුන් ඉඳලා ඉඳලා ඉල්ලන උදව්වත් එසේ මෙසේ එකක් නෙමේ. එක්කෝ බරපතල උදව්වක් එහෙමත් නැත්නං බෙල්ල ගහලා යන වැඩක් !
ඒ හන්දා ඒ වගේ එවුන් කතා කරන වෙලාවට ෆෝන් එක කට් කරලා නිකා ඉන්න එක කොයිකටත් හොඳයි.. මේ මම ඉන්නේ !
අන්න ඒවගේ ඉන්ඩ තියෙන්නේ.... :)
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.