26 April 2012

කාලයකට පස්සේ....

වෙනදා වගේම වැඩ ඇරිලා ගෙදර ඇවිත් රෑ කෑමත් කාලා දවසේ බ්ලොග් පෝස්ට් ටික කියවන්ඩ කොම්පීතරේ ලඟට ආවා.ඇවිත් කොම්පීතරේ ඔන් කරන බොත්තම එබුවම වෙනදා ඇහෙන ටීක් සද්දය ඇහිලා ටික වෙලාවකින් කොම්පීතරේ ඕෆ් උනා. මම් ආයෙම ඔන් කරන බොත්තම එබුවා. ආයෙත් අර ටීක් සද්දේ !!

කොම්පීතරේ මොන කුණුහරුපයක් කියනවද මන්දා. කොච්චරවත් ඔන් කරන බොත්තම එබුවට පණ එන්නෙම නෑ. කළුපාට ස්ක්‍රීන් එක (බයෝස්) විතරමයි ලෝඩ් වෙන්නේ !!

මෙහෙම දෙයක් මට මීට කලින් අහුවෙලා නැති නිසාදන්න කියන කට්ටියගෙන් ඇහුවා මොකද්ද අවුල කියලා.එවුනුත් ඒ හැටි දන්නේ නෑ. ඒ නිසා මම් පහුවෙනිදා වැඩට ගියහම අන්තර්ජාලෙන් හොයලා බැලුවා කොම්පීතරේ මොන කෑල්ලේ අවුලක්ද තියෙන්නේ කියලා.

එතකොට මට ශෝක් උත්තරයක් ලැබුනා. පහලින් තියෙන්නේ ඒ උත්තරේ !!!

මුලින්ම  රැම් එකේ අවුලක්ද කියලා බලන්න.ඒකට රැම් එක ගලවලා වෙන ස්ලොට් එකකට ගහලා බලන්න. එතකොට මැෂින් එක ඔන් වෙනවනම් ස්ලෝට් එකෙයි අවුල !!!

ඒත් ඔන් වෙන්නේ නැත්නම් රැම් එක ගලවලාම දාලා ඔන් කරන්න. එතකොට අර ටීක් ටීක් සද්දේ දිගටම ඇහෙනවනම් මදර්බෝඩ් එකේ එවුලක් නෑ කියලා හිතන්ඩ පුළුවන් !!!

සමහර විට කාඩ් වල (නෙට්වර්ක් කාඩ්, ග්‍රැෆික් කාඩ් වගේ ඒවා...) අවුලක් වෙන්ඩ පුළුවන් !ඒ නිසා ඒවා ගලවලා ඔන් කරලා බලන්න. ඔන් වෙනවනම් ඒ කාඩ් එකක අවුලක් !

මේ වෙනකොට ප්‍රොසෙසර් එකේ අවුලක් තියෙන්ඩ බෑ ලූ !

තවදුරටත් ප්‍රොසෙසර් එක චෙක් කරන්ඩ ඕන නම් කූලින් ෆෑන් එක ගලවලා මැශින් එක ඔන් කරලා ප්‍රොසෙසර් එක උඩ ඇඟිල්ල තත්පර දෙකක් තියලා බලන්ඩ. ප්‍රොසෙසර් එක රත් වෙනවා නම් ප්‍රොසෙසර් එකේ අවුලක් නෑ. !!!
හැබැයි තත්. 5කට වඩා රත් වෙන්න දෙන්න එපා. එතකොට නම් ප්‍රොසෙසර් එක පිච්චිලා යයි !!

ඔහොම ටෙස්ට් වගයක් කරලා අවුල ලිහා ගත්තා. අවුල ලිහාගන්ඩ සෑහෙන ගානකුත් වියදම් උනා.

එහෙම මැෂින් එක ගොඩ දාගෙන මම් ආයෙම බ්ලොග් ලියන්ඩ ආවා. මම් ගැන හොයලා බලපු නොබලපු හැමෝටම ස්තුතියි !!! එහෙනම් ගිහින් එන්නම්....

57 දෙනෙක් අදහස් පලකලා .:

Maneka said...

ආ! ඒකයි මේ සද්දයක් නැතුව උන්නේ...මං බැලුවා..උස්සලවත්ද කියලා!

හිතුවක්කාරි said...

ආයෙත් ආව එකම කොච්චර එකක්ද? :D

මාතරේ said...

මගෙත් මේ දවස්වල ඕන් කලාම No Signal කියල වැටිලා ඕෆ් වෙනවා... සමහර වෙලාවට ඕන් වෙනවා... චාටර් වෙලා ඉන්නේ...

Kasun said...

එහෙනම් ආයෙත් පටන් ගමු අත ඇරුන ඒවටත් එක්ක ලියන්න.:)

කිරිපුතා said...

ඇති ඔයින් ගියා..........

දැන් මග ඇරිච්ච ඒවටත් එක්ක වැඩ අල්ලමු.

රාජ් said...

ඔය අවුල 75%ටම තියෙන්නෙ රැම් එකේ. අත්දැකීමෙන් කියන්නෙ. අපේ ඔපීසියෙ කොම්පීතර වල ඔය ලෙඩේ තියනව නිතරම. මම කරන්නෙ රැම්එක ගලවල මකන කෑල්ලක් අරගෙන අතුල්ලල හයි කරන එක. ඊට පස්සෙ වෙඩි වගේ වැඩ.

දයානන්ද රත්නායක said...

මම හිතාගෙන හිටියේ උපාධියෙන් පස්සේ එක්කෝ රස්සාවක් අරන් ටිකක් ඇතට ගිහින් කාර් බහුල වෙලා ඇති, නැත්නම් එහෙමත් නැත්නම් පශ්චාත් අධ්‍යන කටයුතු සඳහා විදේශගත වෙන්න ඇති කියලා.

දැන් ඔය මොන කැල්ලෙද අවුල තිබ්බේ..? අවුල ලිහාගත්ත නම් වැඩේ ගොඩ.

දැන් ඉතින් මාසයක විතර නිවාඩුවෙන් පස්සේ අයෙමත් බ්ලොග් ලියමු එහෙනම්

ChammA said...

හම්බේ..මාසෙකට විතර පස්සේ නේද මේ ?
අයියවනම් ඉතින් දැකලා කථා කරා අවුරුදු උත්සවේදී :))

ලහිරු said...

හැහ්... හොයන්න කියලා ඉර්හින් කොහෙන් හොයන්නද? හොයන්න හිතිලත් ඔන්නොහෙ නිකං හිටියා. ඵල ඵල!

දිනුක said...

ඒ කියන්නේ මැෂිම හදා ගන්ඩ මාසයක්ම ගියා ඈ.....

malmi said...

මගේ දෙයියනේ ඕක හදාගන්න වැඩ දන්න බොට ඔච්චර දවසක් ගියානම් මං වගේ කෙනෙකුට මොනවා නොවී තියේද? එහෙනම් ඉතිං කොම්පීතර් දෙයියන්නෙම පිහිටයි!!!!!ආරස්සාවයි!!!!!

මකුළුවා..... said...

ශුවර් එකටම දූවිලි තියෙන්න ඇති....?

රූ.... said...

දැන් නම් ස්ට්‍රෝබෙරි පැහිලා ඉදිලා කුණුවෙලත් ඇති..

කොහොම වුනත් අපි නම් හරි පාළුවෙන් හිටියෙ මලේ.:D
වෙල්කම් බැක්.!!

මඩිස්සලේ නිශාන් said...

මාත් බැලුවා තොප්පිය් දැම්මට පස්සේ මධුරංග අයියට මොකද වුනේ කියලා.

sAm (සෑම්) said...

//ඒකට රැම් එක ගලවලා වෙන ස්ලොට් එකකට ගහලා බලන්න. එතකොට මැෂින් එක ඔන් වෙනවනම් ස්ලෝට් එකෙයි අවුල !!!//

මාත් අනුගමනය කරල තියෙනවා. :)

එදා සිහින උලෙලෙදි මම අහුව බොලා අන්තිමට ස්ටෝබෙරි පෝස්ටුව නේද දැම්මෙ කියලත්.. හිකිස් කෝමද මතකෙ..

sAm (සෑම්) said...

@රාජ් - ය‍කෝ මූ දන්නෙ නැහැ කිව්වට කම්පීතර දන්නව නොවැ. මේ ලගදි පෝස්ටුවක් දැම්මේ යන්තන් අත පත ගාල ඉගෙන ගත්ත කියලා. ඒ ටිකට මූ ගොඩක් දේවල් ඉගෙනගෙන නෙවැ

පලි - මේකාට මුකුත් අත ගාන්ට දෙන්ට එපා ගෑල්ලමයි...

:ඩී

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

මේ යනකොට කියලා පලයන් බං.. අපිට හොය හොය ඉන්න බැහැ.. :P

වින්චැට්කිරිල්ලි. said...

යාන්තම් ඇවිත්...අර ස්ට්‍රෝබෙරි වලට සීනි දාන්න කියල මම විහිලුවට කිව්වට..කවුද කිව්ව ලන්කාවෙ මිදි වැලකට එයාල සීනි කිලෝ එකක් දානවලු සතියකට....

Podi Kumarihami said...

ඔය කම්පියුටරේ අවුල ලිහා ගත්තහැටි සිංහලෙන් ලීවා නම් තේරෙයි. මට නම් මේලෝකේ දෙයක් තේරුනේ නෑ.:)

ඒ උනාට අපිට නම් ආරංචි තව මොනවදෝ වෙන වැදගත් වැඩ වගයකුත් තිබුනා කියලා.:)))

විසිතුරු said...

Welcome Back !! :D

සාතන් said...

මට නම් තාම රැම් එකෙන් එහාට යන්න වෙලා නෑ... ඒක චෙක් කරල බැලුවහම ලෙඩ ගොඩගියා මේ වෙනකම්..

Saliya Ekanayake said...

ටීක් සද්ද කීයක් ඇහුන ද? ඇත්තට ම ටීක් සද්ද ගණන කියන්නේ code එකක්. මෙතන බලන්න http://www.computerhope.com/beep.htm

නෙරංජි සුලක්ඛනා said...

ආ.......ඔයා ඉන්නවාද?

Harshana said...

කොච්චර උනත් නිකම්ම හරියන ලෙඩත් පරිගණකවලට තියනවා ....

නිසුපා said...

යකඩෝ මාත් හිතුවෙ ජොබේ නිසා බිසී වෙලා කියලානෙ..එහෙනම් ආයෙත් ලියමු...

මහි said...

Mage laptop eketh display gihin bohoma amaruwen hadagaththa me lagadi...

Ayeth apu1 hodaqi ayye, digatama liyanna..... Jaya!!!

පිණිබිඳු... said...

ආ.. වෙල්කම් බැක්..

දේවා ගේ අඩවිය said...

අහ්හ්.... අය්යාගේ කොම්පුටර් එකේ අවුලක් කියලා එදා කිවානේ.. දැන් ඉතින් හරිනේ.. දිගටම ආයෙමත් ලියමුකෝ

හිතහොඳ පිස්සා said...

එහෙනම් ආපහු හොඳ හොඳ කතා ලියන්න හොඳේ.......

``` Outsider``` said...

පහුගිය කාලෙ නැතිකොට පාරෙ යද්දි හැම සුදු වෑන් එකටම එබිල බැලුව ඔයා ඉන්නවද කියල වැරැදිලාවත් :)

ප්‍රාර්ථනා said...

මමත් බැලුවා අයියා මොකද නැත්තේ කියලා.. පස්සෙනේ දන්නේ කොම්පීතරේ අවුලක් කියලා.. එහෙනම් අයියේ දැන් ලියන්න පටන් ගමු.. ජය වේවා.. හෙ හෙ

පැතුම් [සිතුම් පැතුම්] said...

එහෙම මැෂින් එක ගොඩ දාගෙන පොස්ට් එකක් දාන්ඩ මාසයක්ම ගියාද හප්පොච්චියෙ. දැන් ලෙඩාට සනීපයිනේ නේ ? එහෙනම් පටන් ගමුකො කොනක ඉඳන් !!!

....ජනියා.... said...

එල එල අයියා... වෙල්කම් බැක්..

සයුරි said...

ඇති යාන්තම්....මට හිතිච්ච ඒවා ඉතින් මම මෙතන කියන්නේ නෑ :)

න දී said...

huuu maha loku sys eng machine eka hadaganna 1 month giyane hikiz bikiz

Dinesh said...

මටත් පහුගිය දවස් දෙකේ උනේ ඕකනේ.. ඒකයි මේ එන්නත් පරක්කු උනේ මේ පැත්තේ...

අසරණයා said...

එකද ප්‍රශ්නේ.ඒත් මම හිතුවා රස්සාවක් කරන්න ගත්තයින් පස්සේ වැඩ වැඩි ඇතියි කියලා.

තාරා said...

සාදරයෙන් නැවතත් පිළිගනිමු... හි හි

prasanna86k said...

නෙට් එකෙන් හොයලා බලන්න ලොකූ ගානක් වියදම් වුනේ...

ක්සැන්ඩර් | Xander said...

හම්මෝ.. මම හිතුවේ මදුරංග මලය ස්ට්‍රෝබෙරි වගාවක් බලන්න නුවරඑළියේ වත් ගියාද කියලා.. කොහොම උනත් සන්තෝසයි ආපහු ලියන එකට. එකපාර බ්ලොග් ලියන ඔක්කොටම මොක මොකක්හරි වෙලා තියනවා.. අම්මප මේක ෂුවර් එකටම ඇමරිකන් කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නෑ.

දිනිති දීපිකා said...

අප්පෝ කාලෙකින් ආයෙත් මධුරංගගෙ ලිපයක් කියෙවුවා...

~~තරූගේ ලෝකය~~; said...

අහ් මේ ඇවිත් ඉන්නේ....

නවම් said...

අයියෝ ආවද ආයෙත් ?? ;) :)

මධුරංග said...

@Maneka :
මාව උස්සන්ඩ නම් ක්‍රේන් එකක්වත් ගේන්ඩ වෙයි. හික්ස් :)

@හිතුවක්කාරි :
ටැංකූ ටැංකූ :)

@මාතරේ :
අප්පටසිරි මාර කේස් එක.

මධුරංග said...

@Kasun :
සෑහෙන පෝස්ට් ගානක් කියවලා ඉන්නේ. තව තියෙනවා බං !

@කිරිපුතා :
සෑහෙන ප්‍රමාණයක් කියවලා තියෙන්නේ. තව තියෙනවා කියවන්ඩ

@රාජ් :
මගේ යාළුවෙකුත් ඉන්නවා රැම් එක මක්කෙන් මකලා ආයෙම සෙට් කරන.

මධුරංග said...

@දයානන්ද රත්නායක :
පශ්චාත් උපාධි කරන්ඩත් ඕන. ඒත් ආයෙම ඉගෙන ගන්ඩ හිත නෑ.

@ChammA :
මල්ලිව දකින්න ලැබීමත් සතුටක් !

@ලහිරු :
ඈ බොල කතාව ඇත්ත නේන්නම්. :)

මධුරංග said...

@දිනුක :
කියන්ඩත් ලැජ්ජයි අප්පා. :)

@malmi :
අපෝ නෑ. මේක කොහාට්ට හරි උස්සන් ගියා නම් හදලා දෙයි. ඒක උස්සන් යන්ඩ එකෙක් නැතුව වදයක් වින්දේ.

@මකුළුවා..... :
දූවිලිත් තිබ්බා. මේක දූවිලි කේස් එකෙක් නෙමේ මල්ලි

මධුරංග said...

@රූ.... :
ස්ටෝබෙරි ටික හැලිලා ගියා අක්කේ. ඇස්වහ කටවහ වෙන්ඩෑ.

@මඩිස්සලේ නිශාන් :
තොප්පිය දැම්මට පස්සේ මැශිමට කෙල උනා.

@sAm (සෑම්) :
උබේ මතකේ නම් පට්ට බං !!!
අර කිව්වත් වගේ රාජ් අයියා මකලා දායි නේ.

මධුරංග said...

@˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ :
කියන්ඩ විදිහක් තිබ්බේ නෑ බං !

@වින්චැට්කිරිල්ලි. :
මිදි තිත්ත නිසා වෙන්ටෑ. අම්බෝ දැන් කෝමද සීනි කිලෝ එකක් මිදි වලට හලන්නේ. සීනි පට්ට ගනන් නේ !

@Podi Kumarihami :
කට කට කට !!!
ඒවා කියන්ට ඕන නෑ. හික්ස් :)

මධුරංග said...

@විසිතුරු :
හික්ස් :)

@සාතන් :
අම්බෝ එහෙම උන එක ලොකු දෙයක්. නැත්නම් සෑහෙන ගානක් යයි ඒක හදා ගන්ඩ.

@Saliya Ekanayake :
ගොඩක් ස්තුතියි ලින්ක් එක ෂෙයාර් කලාට.

මධුරංග said...

@නෙරංජි සුලක්ඛනා :
ඉන්නවා ඉන්නවා. :)

@Harshana :
ඔවු. සමහර වෙලවට මැෂින් එකේ දූවිල්ල නිසාත් ඇතිවෙන ලෙඩ තියෙනවා.

@නිසුපා :
ලියනවට වඩා කියවන්ඩ වෙලා තියෙන්නේ අක්කේ.

මධුරංග said...

@මහි :
ඩිස්ප්ලේ ගියහම සෑහෙන්න ගානක් වියදම් වෙනවා නේ.
නංගිටත් සෑහෙන ගානක් ගියද.

@පිණිබිඳු... :
ටැංකූ !!

@දේවා ගේ අඩවිය :
ලියනවා ලියනවා මල්ලි. දිගටම ලියනවා.

මධුරංග said...

@හිතහොඳ පිස්සා :
හොඳ කෙසේ වෙතත් කතා නම් ලියනවා. :)

@``` Outsider``` :
පට්ට කමෙන්ට් එක ! හිනා වෙලා හති.

@ප්‍රාර්ථනා :
නංගිටත් ජයම වේවා !!!

මධුරංග said...

@පැතුම් [සිතුම් පැතුම්] :
ලියන්ඩ පටන් ගත්තා මල්ලි.

@....ජනියා.... :
තෑන්ක්ස් මලේ !!!

@සයුරි :
කිව්වා නම් තමා හොද. මොකද මට අක්කෑ හිත කියවන්ඩ බෑ නේ. :)

මධුරංග said...

@න දී :
ඔය ඉතින් බැහැනේ. හිනා වෙනවනේ.
එහෙම තමා. අපි පට්ටම බිසී නේ.

@Dinesh :
ඒ කියන්නේ මල්ලිටත් මැශින් එකේ අවුලක් ඇති උනාද.

@අසරණයා :
ඒක තමා ප්‍රශ්නේ. රස්සාව නිසා බිසී වෙන්නේ වැඩ කරන වෙලාවට විතරයි මල්ලි.

මධුරංග said...

@තාරා :
බොහොම ස්ටූටි !!!!

@prasanna86k :
නෙට් එකෙන් හොයලා බලලා රැම් එකක් දැම්මා.

@ක්සැන්ඩර් | Xander :
ආහ්... ඒක කියන්ඩ බෑ. ගූගල් කියන්නෙත් ඇමරිකන් සර්වර් එකක් නේ.

මධුරංග said...

@දිනිති දීපිකා :
දිනිති නම් දිගටම ලියලා තියෙනවා නෙහ්. කියවන්න ඕනා.

@~~තරූගේ ලෝකය~~; :
ආවා ආවා

@නවම් :
එන්ඩ එපාද Dragon ???

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.