08 March 2024

මගේ ඩෙමියෝ එක

කලින් ලිපි දෙක වගේම මේකත් මේ වාහන ගැනම පොඩි දෙයක් ලියලා දාන්න ඕන කියලා හිතුනා.

දැන් නම් ලංකාවේ වාහන මාර්කට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වාහන වල මිල තියෙන්නේ වාහනයේ තියෙන වටිනාකමට නෙමෙයි. අවුරුදු 20ක් විතර පැදපු ඒවත් සෑහෙන්න මිලෙන් වැඩියි. 

මේ මිල වැඩි වීමට එක හේතුවක් තමයි ලංකාවට වාහන ගෙන්වන්නේ නැති වීම. අනිත් හේතුව තමයි වාහන බයින් ඇන්ඩ් සෙලින් කරන කට්ටියගේ වාහන මාෆියාව.

මමත් මගේ පැන්ඩා ක්‍රොස් එක විකුණුවට පස්සේ ගන්න වාහනයක් හෙව්වා. හොඳ වාහනයක් හොයන එකත් ලේසි නෑ.

මුලින්ම අපි කළේ මාලබේ පැත්තේ පොඩි රවුමක් දාන එක. මාලබේ අහවල් කාර් නිවස කියලා හෙන ලොකුවට බිස්නස් එක කරගෙන ඉන්න තැනකට ගියා වාහනයක් බලන්න. ඒකේ අපි හෙව්ව වර්ග මොකුත්ම තිබ්බේ නෑ. අපි හෙව්වේ යාරිස්, වියෝස් හෝ 121 වගේ මොඩල්.

ඒවා නම් තිබ්බේ නෑ. ඒ උනාට 50+ වගේ මිලකට සෑහෙන්න වැගන් ආර් නම් තිබ්බා. වැගන් ආර් කියන්නේ හොඳ වාහනයක්. නමුත් වැගන් වල දුර ගමනක් එහෙම යනවා නම් ඩිකි ස්පේස් මදි. අනික ලංකාවේ වැගන් ආර් නම් පට්ට යනකන් පැදපුවා ඇත්තේ. ඒ නිසා වැගන් ආර් නම් බැළුවේ නෑ.

ඉතින් අහවල් කාර් නිවසෙන් එලියට ඇවිල්ලා මාලබේ තියෙන කාර් සේල් වලට ගොඩ වෙලා බැළුවා. තැන් දෙකක වියෝස් දෙකක් තිබ්බා.

එක වියෝස් එකක් බලලා ඒක එන්ජිම පොඩ්ඩක් රේස් කලහම අමු පෙට්‍රල් සුවඳක් එනවා සයිලන්සරෙන්. ඊට අමතරව එක පැත්තක රෝදයක්, ටියුබ් එක වෙනකන් ග්විලා ශුවර් එකට ඉ පැත්තේ සස්ප්න්ශන් කේස් එකක් ඇති. තව තව ඔය වගේ කේස් ටිකක් තිබ්බා. ඒවා හදාගෙන ගන්න නම් ගාන ටිකක් අඩු කරන්න එපෑ. මුන් ගාන අඩු කලේ නෑ. අපි ඉතින් එලියට ආවා.

අනිත් වියෝස් එකත් ඔය වගේ. ඒකේ රේඩියේටර් බ්ලොක් එකක් තියෙනවා. වාහනේ පට්ටෙට හීට් වෙනවා. චෙcක් එන්ජින් ලයිට් එකත් පත්තු වෙනවා. ඒකත් අත ඇරලා දැම්මා.

ඒත් එක්කම කාර් සේල් වලින් වාහන ගන්න අදහස මම අත ඇර ගත්තා. කාර් සේල්කාරයෝ මිනිස්සුන්ව අන්දලා වාහන විකුණන්න හදන්නේ. ඒ නිසා සිල් එකඉන් ගන්නවා නම් සෑහෙන්න හ්ඳට බලලා ගන්න.

එදා දවසේ සෑහෙන සේල් ගොඩකට ගිය නිසා පට්ට මහන්සියි. වෙන දවසක වාහනයක් බලනවයි කියලා හිතාගෙන අපි ආයෙම ගෙදර ආවා.

ඔහොම ටිකක් හොයලා බලලා මට මැස්ඩා ඩෙමියෝ එකක් සෙට් උනා. ඒකේ මොඩිෆිකේශන් ටික අයින් කරගන්න ඕන කියලා ගානකුත් එහෙට මෙහෙට කරලා අරගෙන ආවා. කලර් එකත් ටිකක් අමුතුයි. පොඩි ස්පොර්ටි ගතියකුත් තියෙනවා..

ඊළඟ අවුරුදු දෙක මේක පැදලා විකුණලා වෙන එකකට මාරු වෙනවයි කියලා හිතාගෙන අරගෙන ආවා. කොහොමත් සදහටම ඔබ මගේ කියලා හිතාගෙන වාහන ගන්න එක ලංකාව වගේ රටක කරන්න හොඳ දෙයක් නෙමේ කියලා බලපු වාහන වලින්ම මට හිතුනා.


2 comments:

  1. කාර් ගන්න සල්ලි තියෙන එකේ මට බිත්තර කොත්තුවක් කන්න කීයක් හ‍රි දෙන්නකෝ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.