25 February 2016

අද ඈගේ අවසන් දිනයයි

කාලෙකට උඩදි ඉන්දියාවේ ජනාධිපති වෙලා හිටපු මහාචාර්ය අබ්දුල් කලාම් මහත්මයා කියලා තියෙනවා මෙහෙම කතාවක්.

"ඔබ, ඔබේ රැකියාවට ආදරය කරන්න. නමුත් ඔබ රැකියාව කරන ආයතනයට ආදරය නොකරන්න.ඒ මන්දයත් ඔබ රැකියාව කරන ආයතනය, ඔබට දක්වන ආදරය නවත්වන දින ඔබවත් නොදන්නා බැවිනි."

ඔන්න ඔය කතාව කොච්චරක් දුරට නිවැරදිද කියලා තේරුම් ගත්ත දවසක් අද.ඒකට මූලිකවම හේතුව උනේ මීට අවුරුද්දකුත් මාස දහයකට කලින් අපේ ආයතනයට තේ හදන්න ආපු මැදිවයසේ ගෑනු කෙනාගේ රස්සවේ අන්තිම දවස අද වෙච්ච නිසා.

 ඒ ගෑනු කෙනාව මං ශාන්ති කියලා හඳුන්වන්නම්. ශාන්ති මැදිවියත් පසු කරපු අවිවාහක කාන්තාවක්.

ශාන්තිගේ පවුලේ හිටියේ එයයි එයාගේ අම්මයි තාත්තයි. මුළු ගෙදරටම රස්සාව කලේ ශාන්ති විතරක්ම නිසා පවුලේ තිබ්බ එකම ආදායම් මාර්ගය උනේ ශාන්තිගේ තේ හදන රස්සාව විතරයි.


දන්නවනේ.. ඔපීසි වල තේ හදන අයට ලොකු පඩියක් ගෙවන්නේ නෑයි කියලා. මෙහෙත් ඒ තත්වයමයි. ශාන්තිට මෙහෙනුත් ගෙව්වේ සොච්චම් පඩියක්.

හැබැයි ඒ පඩියට හරියන්ඩ ශාන්ති හොඳින් වැඩපල කරගෙන හිටියා. කලට වේලාවට තේ ටික ලැබෙන්ඩ සැලැස්සුවා. නමුත් ඉතින් අපේ සමහරුන්ට කෙනෙක් වැඩ ඉවර වෙලා ටිකක් නිදහසේ ඉන්නෙක පේන්ඩ බෑනේ. ඒ මිනිස්සු හිතන්නේ අර කෙනා වැඩ කරන්නේ නැතුව හරි එහෙම නැත්නං එයාට තියෙන වැඩ ටික අඩු නිසා නිකං ඉන්නවයි කියලා.

අපේ ශාන්තිට උනේ  එයාට කරන්ඩ තිබ්බ වැඩ අඩුයි කියලා හිතපු කට්ටිය ඒ ගැන ඉහල තැන්වලට පැමිණිලි කරලා.ඒ නිසාම එයාගේ වැඩ ටිකත් කා.කා.ස. ලාට බාර දීලා ගෙදර යන්ඩ උනා... !

පවු ඉතිං... මේ වගේ කෙනෙක්ට ආයෙම රස්සාවක් හොයා ගන්නකන්වත් ඒ මිනිස්සු ජීවත් වෙන්ඩ ආදායම් මාර්ගයක් නැති වෙනවා.


2 comments:

  1. පව් ශාන්ති. ඈට එවන් තත්වයක් උදා කරපු පිරිසට කවදාක හෝ එහි ලාභ පොලී සමග ලැබෙනු ඇත.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මමත් අවුරුද්දකට කලින් ඔය වගේ ප්‍රශ්ණෙකට මූණ දුන්නා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.