මිනිසා ගෙන යාවි කඳුලු නිම්නය වෙත...
මක් නිසාද යත්....
නිබඳවම සිත වැලපී අැත අසතුටින්....
අන්ධකාරය ඔහු වෙලා ගත් සඳ;
ඔහු කෙසේ ඉන් මිදෙන්නද?
ඔහුට නොපෙනෙන අාලෝකයට
මැසිවිලි නඟනු අැත එවිට....
එහි අරුත ඔහු නොදත්තද
එසේ කිරීමෙන් හදට සැනසුම් සුසුම්
ගෙන දෙන්නට අැත....
නමුත් එය සිහින් නිමේෂයකට පමණී...
නැවත ඔහු වෙත කඳුලක සෙවණැලි
ගලා එන්නට අැත....
අැයි මසිතට මෙසේ දුක උරුම වූයේ...
ඔහුට සිතෙන්නට අැත.
එවිට ඔහු පමාවී හමාරය;
ශුභවාදීව දකින්නට තරම්වත්...
ඔහුට හිමි ශුභවාදී දෙනෙතින්.......
----------------------------------------------------------------
කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා ගෙනි.
ඕනෙම දෙයක් බලන විදිහ අනුව වෙනස් වෙනවා තමා.....
ReplyDelete