හැමදෙනාටම සුබ වෙසක් මංගල්ලයක් වේවා !!
ප.ලි - අද ඉතින් ගෙදර කට්ටියත් එක්ක පොඩ්ඩක් එලියට ගිහින් දන්සලක් දෙකක් වැඳගෙනම එන්ඩ ඕන.
හැමදෙනාටම සුබ වෙසක් මංගල්ලයක් වේවා !!
මේ ටිකේම අපේ පොඩි එක්කෙනා ඉස්කෝලේ ඇරිලා ගෙදර එන පාර දෙපැත්තෙම වගේ වෙසක් කූඩු විකුණන කඩ දැකලා දැකලාම වෙසක් කූඩුවක් ගෙදර හදන්ඩ ඕන කියලා කෙඳිරි ගඟා ඉන්නවා. එක කූඩුවක් දෙකක් නම් බැරි යෑ... කූඩු 4ක් හදන්ඩ ඕන කියලා තමයි කියන්නේ. 😕
ඉස්සර මම පොඩි කාලේ නම් මල්ලිත් එක්ක එකතු වෙලා සෑහෙන කූඩු ගණනක් හදලා ඇලෙව්වට දැන් නම් කූඩුවක් දෙකක් අලවන්නත් කම්මැලියි වගේ. ඉතින් ගිය සිකුරාදා කඩේකට ගිහින් හදපු වෙසක් කූඩු දෙකක් ගෙනාවා. 👍
රහස් පරීක්ෂක කතා ගැන මතක් වෙනකොට අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස් කියන්නේ. ආතර් කොනන් ඩොයිල්ගේ හිතේ ඇඳුර රහස් පරීක්ෂක චරිතය, ලෝකය පුරාම පාඨකයින්ගේ හිත් වලට මේ තරම්ම කා වදීවී ය කියලා ඒ දවස්වල ආතර් කොනන් ඩොයිල්වත් හිතන්නට නැතිව ඇති.
පොඩිම පොඩි දෙයකින් ලොකු නිගමන වලට එළබීම මේ කතා වල තියෙන අපූරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයයි.
කෙටි කතා 56කින් හා දීර්ඝ කතා 4කින් යුක්ත කතා හැටක ප්‍රමාණයක් කොනන් ඩොයිල් මහත්මයා ලියලා තියෙනව.
මම ඔය කතා සේරම පොතෙන් කියවලා තියෙනවා.
ඔන්න එහෙනං පළාත් සභාවත් දිනා ගත්තා එහෙනම්. තව ඉතින් මහජනතාවගෙන් කියලා දෙන්න කිසිම මනාපයක් නෑ. දැන් ඉතින් තියෙන්නේ ඔය දීලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශ වලට අනුකූලව වැඩ ටික පෙන්නගෙන මිනිස්සුන්ගේ මනාපය දිගටම පවත්වාගෙන යන්ඩයි.
එහෙම නැති උනොත් ආයේම සීයේට තුන වෙනකන් පහල බහින්නත් බැරි වෙන්නේ නෑ මයේ හිතේ.
අද නිවාඩු දවසක්.... ඒ වෙන මොකක්වත් හන්දා නෙමේ. ඒ පලාත් සභා ඡන්දේ පැවැත්වෙන නිසා. ඉතින් වෙනදා වගේම උදෙම්ම ගිහින් ඡන්දේ දාලා ගෙදර ආවා. ඒ ඇවිල්ලා කම්මැලිකම යන්නත් එක්කම අන්තර්ජාලයේ ටිකක් කරක් ගහනකොට තමයි මේ ටීවි සීරිස් එක හම්බ උනේ.
මේක නම් සෑහෙන්න පරණ ටීවි සීරිස් එකක්. මේකේ එන කතා වස්තුව ටිකක් ස්කුයිඩ් ගේම් එකේ එන කතාවට සමානත්වයක් දරනවා. ඒ ටීවී සීරිස් එකේ නම තමයි මේ බ්ලොග් පෝස්ට් එකේ ටයිටලේට දාලා තියෙන්නේ.
ඔන්න අද ඉඳලා කාළයක් අපට කෝල්ස් වලට ඒ වගේම චැට් වලට උදව් වෙච්ච සෑහෙන්ඩ වටින මෘදුකාංගයක අවසන් දිනය අදයි. ඒ මෘදුකාංගය තමයි ස්කයිප් !
අද ඉඳලා ස්කයිප් භාවිතයෙන් ඉවත් කරන්නයි යන්නේ. ඒ වෙනුවට මයික්‍රොසොෆ්ට් සමාගමේ ටීම්ස් භාවිතා කරන්න පුලුවන් ලූ. අපි ස්කයිප් එකට භාවිතා කරපු යූසර්නේම් එකෙන්ම ටීම්ස් වලට ලොග් වෙලා වැඩ කටයුතු කරගෙන යන්ඩ පුලුවන්.
කාලෙන් කාලෙට තාක්ෂණයත් අළුත් වෙන්ඩ එපෑ. ඒ උනාට ඒ දවස්වල ස්කයිප් එකෙන් හම්බ වෙච්ච ප්‍රයෝජන නම් කියලා වැඩක් නෑ. අද මේ කෙටි සටහන වෙන් වෙන්නේ ඒ දවස්වල අපට චැට් වලට කෝල්ස් වලට උදව් වෙච්ච ස්කයිප් වෙනුවෙන්මයි.
එහෙනම් සුබ දවසක් වේවා !
මළ ගෙවල් ගැන මම කලිනුත් මේ බ්ලොග් එකේම ලිපි කිහිපයක් ලියලා තියෙනවා. එක එක පළාත් වල අවමංගල්‍යය චාරිත්‍ර ගැන එහෙම මම ලිපියක් ලියලා තියෙනවා. මේ ලිපියත් අවමංගල්ල ගැනම ලියවෙන්න යන එකක්.
මළ ගෙවල් ගැනම ලියැවෙන්න හේතුව තමයි ඊයේ පෙරේදා අපේ ගෙවල් කිට්ටුව අයියා කෙනෙකුගේ තාත්තා හදීසියේම අන්ත්‍රා උනා. ඉතින් මමත් ගියා ඒ අවමඟුලට සහභාගි වෙන්න.
අවමඟුලක්, මගුල් ගෙයක් එහෙම කියන්නේ ඉතින් අහල පහල කට්ටිය එකතු වෙලා රටේ නැති වල් පල් කියවන්න හොඳ වේදිකාවක් තැනෙන අවස්ථාවක් නෙව. ඉතින් කට්ටිය එකේක දේ ගැන කතා කළා.
ඔය අතරේ ටිකක් වයසක මාමා කෙනෙක් "දැං වගේ ලැයිට් තිබ්බට ඉස්සර නම් මළගේකට පැට්‍රෝල් මැස් එකක් නැතුවම බෑ. ප්‍රැට්‍රෝල් මැස් එකයි මළගෙයයි කියන්නේ ඉතිං අමුඩෙයි පුකයි වගේ. දෙන්නට දෙන්නා නැතිවම බෑ..." කියලා කිව්වා.
කලින් ලිපියෙන් මම කිව්වා නෙහ් ජොබ් එහෙක ඉන්ටර්විවු එකකින් මම අසමත් උනයි කියලා. අන්න ඒ ජොබ් ඉන්ටර්විවු එකෙන් අහපු බුද්ධි පරීෂණ ප්‍රශ්නය තමයි මේ ලිපියෙන් ලියන්ඩ හිතුවේ. සමහරු නම් මේක අහලත් ඇති. අහලා නැති අය පොඩි උත්සහයක් දීලා මේක විසදගන්ඩ බලමු.
මෙන්න මේකයි ප්‍රශ්ණය !
මේ දවස්වල මගේ රස්සාවේ පොඩි පොඩි අවුල් වගයක් ඇවිත් තියෙන නිසා ආයෙම අළුත් තැනකට මාරු වෙන්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මගේ CV එක එහේ මෙහේ දාලා ඉන්ටර්විවු එකක් සෙට් කරගන්න දගලන්ඩ වෙලා තියෙනවා.
දැන් නම් ඉස්සර වගේ රස්සාවක් හොයාගන්ඩ ලේසි නෑ. කොටින්ම තොරතුරු තාක්ෂණය කියන අංශයෙන් රස්සාවක් හොයන එක හරිම අමාරු වෙලා තියෙන කාළයක් මේක.
ඒකට ලොකුම හේතුව තමයි අළුත් අළුත් දේවල් ඇවිත් තාක්ෂණික අංශය සෑහෙන ඉක්මනින් යාවත්කාලීන වෙනවා. කොටින්ම කෘතිම බුද්ධියයි චැට් ජීපීටී වගේ ඒවා නිසා ඉන්ටර්විවු වලින් අහන ගොඩක් ප්‍රශ්න සෑහෙන අමාරුයි.
ඒ විතරක් නෙමේ.
පාස්කු ප්‍රහාරය සිදුවෙලා අදට වසර 6ක් ගත වෙලා තියෙන්නේ.
මියගිය සියළුම කිතුනු බැතිමතුන්ට දෙවියන් තුල සදාතනික සැනසීම පතමු.
අද ලෝ වැසි කිතුණු බැතිමතුන් ජේසු ක්‍රිස්තුන්වහන්සේගේ මරණින් උත්ථාන වීම සමරන පාස්කු ඉරිදා දවසයි. පාස්කු ඉරිදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වෙන්නේ මොන හේතුව නිසාද කියලා මම විස්තරාත්මකව ලිපියක් කලින් ලියලා තියෙනවා. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.
අද කතෝලික ගෙයකට ගියොත් මංගල්ලයකට වගේ හොදට ආහාරපාන වලින් සප්පායම් වෙලා එන්ඩ පුලුවන්. මොකද මේක තමා කතෝලිකයින්ගේ උතුම්ම මංගල්ලය. ඒ නිසා එයාලා ඒ අයට පුළුවන් උපරිමයෙන් මේ මංගල්ල කාරණාව මහ ඉහලින් සමරනවා.
ඉස්සර එක වසරට ළමයෙක් ඇතුලත් වෙච්ච දවසේ ඉඳලා පංති වලට එක එක ජාති ගේන්ඩයි කියනවා. එක දවසක මදටිය ඇට, ඔලිඳ ඇට එහෙම ගේන්ඩ කියනවා. තව දවසක පොල් කුඩු වලට ඩයි දමලා වේලලා ගේන්ඩ කියනවා. ඔය වගේ අටෝරාසියක් දේවල් ඉස්කෝලේට ගේන්ඩ කියනවා.
එතකොට ඉතින් දෙමව්පියෝ වයින් වෙලා වගේ එහේ මෙහේ දුවලා ඕවා අදාල දිනයට ලක ලෑස්ති කරලා දෙනවා.
කොයි කවුරුත් දළදා මාලිගාවට ගිහින් තිබුණට දළදා වහන්සේව සියැසින් දැකලා නැතුවැති නේ. ඔන්න අද ඉඳලා ඒ කියන්නේ අප්‍රේල් 18 ඉඳලා අප්‍රේල් 27 වෙනිදා වෙනකන් දළදා වහන්සේව සියැසින් දැකබලා ගැනීමේ භාග්‍යය ලැබිලා තියෙනවා.
මාධ්‍යය වලින් කියපු විදිහට අවුරුදු 16කට පස්සේ තමයි දළදා ප්‍රදර්ශනයක් පැවැත් වෙන්නේ. අන්තීමට තිබ්බ දළදා ප්‍රදර්ශනය පැවැත්වුනේ 2009 අවුරුද්දේ.
පහුගිය දවස්වල පින්තූර කාර්ටූන් වලට හරවන රැල්ලක් ගියා නෙහ්. ඉතින් මමත් අපේ පොඩ්ඩාගේ පින්තූර කිහිපයක් කාර්ටූන් වලට හැරෙව්වා. ඒකෙත් අමුතු ගතියක් තියෙනවා.
වාහනයක් විකුණනකොට අපි පැවරුම් පෝරමයට (MTA6) අත්සන් කරලා දෙනවා. ඒ අත්සන් කරලා දෙනකොට දිනය ඇතුළු අනෙකුත් විස්තර පුරවලා දෙන්න පුරුදු වෙලා නෑ. හරිම නම් අපිම ඒ විස්තරත් පුරවපු සම්පූර්ණ කරපු පෝරම් කොළ තමයි ගැනුම්කරුට දෙන්න ඕන.
ඒත් සමහරු අත්සන විතරක් දාලා අනෙකුත් විස්තර කිසිම දෙයක් පුරවන්නේ නැතිව වාහනේ විකුණනනවා. ඒකට කියන්නේ විවුර්ත ලියකියවිලි වලට එහෙම නැත්නම් ඕපන් පේපර්ස් වලට වාහනය විකුණනවයි කියලා.
එහෙම වාහනය විකිණුවාට පස්සේ ගැනුම්කරුට හා විකිණුම්කරුට මුහුණපාන්න වෙන සිදුවීම් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
අද නිවාඩු දවසේ ඔයාලගේ දැන ගැනීම පිණිස පොඩි දෙයක් ගැන දැනුම්වත් කරන්න හිතුනා. මම මීට මාස දෙක තුනකට ඉහතදී මගේ මෝටර් බයිසිකළය විකුණලා දැම්මා. පොඩි පොඩිලෙඩ ටිකක් ආපු නිසා ඒක හද හද ඉන්න ඕනැ නැති හන්දා ඔන්නොහේ ඒක අඩු ගානකට විකුණලා දැම්මා.
ඔයගොල්ලෝ මොකක් හරි වාහනයක් විකුණනවා නම් කරන්න ඕන දේවල් ගැනයි අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ. ලංකාවේ ඉන්න කෙනෙකුට නම් වටීවි. පිටරටක ඉන්න කෙනෙක්ට නම් මේ ලිපියෙන් තඹ සතේකවත් වටිනාකමක් නැති වේවි.
මෙන්න මෙහෙමයි කරන්න ඕන.
සිංහල අවුරුද්දත් අත ලඟටම ඇවිල්ලා. සමාජ මාධ්‍යය වල ගොඩක් අය කියන්නේ ඉස්සර පොඩි කාලේ තරම් දැන් සිංහල අවුරුද්ද දැනෙන්නේ නෑයි කියලා.
ඉතින් ඒ කාලේට වඩා එන්න එන්න ලෝකය ඉස්සරහට ගිහින් නෙව. ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ අවශ්‍යතා නෙමේ දැන් තියෙන්නේ. පරිසරයත් ඒ වගේම වෙනස් වෙලා. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ගොඩක් සංකීර්ණ වෙලා.
මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මිනිස්සු වෙනදට වඩා මහන්සි වෙන නිසා නිදහස සීමා වෙලා. ඒ නිසයි මේ සේරම දේවල් වෙලා තියෙන්නේ.
කාලේ හැටියට මිනිස්සු වෙනස් වෙන්ඩ එපෑ. නේද ? ඕවා හිතන්නේ නැතිව අවුරුද්ද සමරලා නිදහසේ එන්ඩලා.
මේ ළඟදි හොඳ පොතක් කියවන්න පුළුවන් උනා. මේ පොත නිකුත් වෙලා නම් සෑහෙන කාළයක් ගිහින් තියෙන්නේ. ඒත් මම කලින් පෝස්ට් එකේ කියලා තියෙන විදිහට පොත් වල ගණන් වැඩිකම නිසා කොච්චර හොඳයි කියලා කියන පොතක් උනත් ගන්න කලින් දෙපාරක් හිතන තත්වයට මම පත් වෙලා ඉන්නේ.
ඒකට ආසන්නතම උදාහරණය තමා මැයි මාර ප්‍රසංගය. ඒක කට්ටිය හොඳයි හොඳයි කියලා කියන නිසාත්, මේ කතුවරයාගේම සෙංකොට්ටං හා මානික්කවත කියන පොත් දෙක කියවලා තියෙන නිසාත් මම දෙපාරක් නොහිතා ඒ පොත ගත්තා.
අරගෙන කියවලා බලද්දි තමයි මට කිසි වැඩක් නැති කතාවක් කියලා හිතුනේ. හෙනම බොළඳ ලාමක කතාවක්. අපරාදේ පොතට වියදම් වෙච්ච සල්ලි.
කාළයකට කලින් මම මාසයකට පොත් දෙක තුනක් විතර අරගෙන කියවන්න පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ ඩොලර් එක නහුතෙට නැග්ගට පස්සේ පොත් විතරක් නෙමේ හැම දේම ගණන් ගියා. ඒ නිසා පොත් ගන්න එක අඩු උනා. අඩු උනා නෙමෙයි. අඩු කලා කියලා කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි.
ඉස්සර රුපියල් දෙතුන් දාහක් අරගෙන ගියහම කොහොමහරි පොත් තුන හතරක් විතර අරගෙන එන්න පුලුවන්. ඒත් දැන් ඒ ගානට ගන්න පුලුවන් එකම එක පොතක් හෝ වැඩිම උනොත් පොත් දෙකයි.
කාලෙන් කාලේට නොයේක දේවල් කරලියට එන එක හැම කාලේම සිද්ද වෙච්ච දෙයක්. 2003 වගේ අවුරුද්දෙත් ඒක එහෙමයි කියලා කියන්න පුලුවන්. ඒ කාලේ කරලියට ආවේ මල් සිංදු. ඔය කියන 2002-2003 වගේ අවුරුදු වල ෆේස්බුක් ඒ තරම්ම ජනප්‍රිය නෑ. ජනප්‍රිය නෑ කියන්නේ ස්මාර්ට් ෆෝන් එහෙම මිනිස්සු අතරේ තිබුණෙත් නැති තරම්ම වගේ.
මේ කාලේ තමයි ෆ්ලෑශ්බෑක් සංගීත කණ්ඩායම පීක් එකේ හිටපු කාලේ.
රේඛාචිත්‍රම් චිත්‍රපටියෙන් පස්සේ ඒ වගේම රසවත් තවත් මලයාලම් චිත්‍රපටියක් හම්බ උනා. ඒකත් අභිරහස් අපරාධ ගැන කියවෙන චිත්‍රපටියක්. කුතුහලයකින් යුක්තව එක දිගටම බලාගෙන ඉන්න පුලුවන් ජාතියේ චිත්‍රපටියක්.
මේක නම් රේඛාචිත්‍රම් වගේ කම්මැලි හිතෙන චිත්‍රපටියක් නෙමෙයි.
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ.
පසුගිය දිනවල මුහුණුපොතේ දිගට හරහට කරලියට ආපු මලයාලම් චිත්‍රපටියක් ගැනයි අද ලිපිය වෙන් වෙන්නේ. මෙම චිත්‍රපටය මේ වසරේ නිකුත් වෙච්ච ආදායම් වාර්තා තැබූ නිර්මාණයක් බවයි සැලකෙන්නේ.
අද තරමක කාර්‍ය බහුල දිනයකි.
වෙනදා අවදිවන වේළාවට වඩා අළුයම අවදි වූ ඈ උදෑසන තේක පිළියෙල කර මේසය මත තබා මාව ද අවදි කළාය. මාද නිදිගැට කඩමින් අවදිව තේක අතට ගෙන වෙනදා මා හිදගන්නා අසුනට බර උනෙමි.
“ඔන්න අද නං ඉක්මනට තේක බීලා ලෑස්ති වෙන්ඩෝන ඈ… නැත්නම් වෙලාවට යා ගන්න බැරි වෙයි” යැයි ඈ කුස්සියේ සිටම කීවාය.
“හරි හරි…. මං ඉක්මනට තේක බීලා ලෑස්ති වෙන්ඩ පටන් ගන්නංකෝ. ඔයා ගිහින් පුතාව කූද්දන්නකෝ” යැයි පිළිතුරු දුන් මා උගුරට දෙකට තේක බී හිස් කෝප්පිය කුස්සියේ මේසය මත තැබුවෙමි.
පේරාදෙණියේ හොස්ටල් ජීවිතයේදී පාන් වලට හා පරිප්පුවට හිමි වූයේ අත්විතීය ස්ථානයකි. අද්විතීය යැයි මා සඳහන් කරන්නේ උදේ ආහාර වේලට පරිප්පු සමග පාන් නොවරදින දවසක් නැති තරම් වූ නිසා ය. එහෙමත් දවසක පරිප්පු හොද්ද වෙනුවට තක්කාලි හොද්දක් පරිප්පුවේ අද්විතීය තැන ගත්තද ඒ ඉතාමත් කලාතුරකිනි. ඒ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු දින ගණනකි.
එදවස පාන් බාගයක් හා පරිප්පු හොදි පිගානක මිල රුපියල් තිහකටත් අඩු ය.
ත්‍රිලර් ගණයට අයිති වෙන Squid Games ටීවී සීරීස් එකේ පළවෙනි සීරීස් එක මීට වසර තුනහට වගේ ඉහතදී නිකුත් උනා කියලා ඔයාලට මතක ඇතිනේ. ඒක නෙට්ෆ්ලික්ස් වල රිලීස් වෙච්ච කොරියන් කතා මාළාවක්. ඒකට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබ්බා.
ඔන්න ඒකෙම දෙවෙනි සීරිස් එක ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා නිකුත් උනා. මේක ඉතාමත් කෙටි සීරීස් එකක්. කොටස් 7ක විතර කෙටි සීරීස් එකක් තමයි නිකුත් උනේ.
" මොකෝ මේ නත්තල් ගහයි ගවලෙනයි අස් කලේ නැත්තේ ? " යැයි මා ආදරණීය මාමණ්ඩියගෙන් ඇසූ වේ නත්තලත් පසුවී ඉරිදාවක් ද පසු වූවාටත් පසු ය.
මා කුඩා කළ නම් ජනවාරි පළමුවන දිනයෙන් පසුව එන දිනයකදී නත්තල් සැරසිලි සියල්ලම ඉවත් කර දමනු ලබයි. නමුත් මාමණ්ඩි නම් මේ සැරසිලි දැන්ම ඉවත් කරන බවක් නොපෙනුනි.
" ජනවාරි 6 වෙනිදායින් පස්සේ ම නත්තල් ගහ ගලවනවා" යයි ඔහුගේ පිළිතුර විය.
මොකද්ද මේ ජනවාරි 6 වෙනිදා ? ඇයි ඒ වෙනකන් මේ සැරසිලි තියාගෙන ඉන්නේ ?
අද බ්ලොග් සටහන ඒ වෙනුවෙනි.
මට සහෝදර සහෝදරියන් රාශියක් පිරිවරාගත් පවුලක අයෙකු නොවේ. සහෝදරියන්ටත් සහෝදරයන්ටත් සිටියේ මල්ලී පමණි. අප අතර ඇත්තේ වයසින් අවුරුද්දක පරතරයකි. බොහෝ සහෝදරයින් සේම අපද කුමන හෝ කරුණක් අරභයා රණ්ඩුවක් ඇති වූ කලෙක අපේ අම්මා හෝ තාත්තා විසින් අපව බිය ගැන්වීමට භාවිතා කරන ලද ග්‍රාම නාමයක් වූයේ මග්ගොන ය.
“ ආයේ ගහ ගත්තොත් මග්ගොන ගිහින් දමනවා” යැයි බොහෝ දිනවල අපේ රණ්ඩු අවසන් කිරීමට භාවිත විය.
“මොකද්ද මේ මග්ගොන තියෙන්නේ?” යන පැනය අප විසින් නැගූ විට බොහෝ විට අපට ලැබෙන්නේ එකම ආකාරයේ පිලිතුරකි.
අද 2025 අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා. තවත් එක අවුරුද්දක ආරම්භයක්. ඉතින් ගොඩක් අය මේ වෙනකොට මේ අවුරුද්දේ අරම කරනවා මෙහෙම කරනවා මේ වගේ ඉන්න උත්සහ කරනවා කියලා නා නා ප්‍රකාර ඉලක්ක තියාගෙන ඉන්නවා වෙන්න ඇති.
සමහර වෙලාවට ගිය අවුරුද්දේ කරනවමයි කියලා හිතාගෙන ඉඳලා ඉවර කරගන්න බැරි වෙච්ච ඉලක්ක වල පොඩි පොඩි කොටස් ටික මේ අවුරුද්දේ සම්පූර්ණ කරගන්නවයි කියලා හිතාගෙන ඉන්නවා වෙන්ඩ පුලුවන්.
ඉතින් මේ කොයි එක උනත් තම තමන්ගේ ඉදිරි දියුණුවට හේතු කාරණා වෙන සියළුම ඉලක්ක සම්පූර්ණ කර ගන්න පුලුවන් වෙන්ඩයි කියලා එක හිතින්ම ප්‍රාර්තනා කරනවා.... !