03 March 2019

කොග්ගල, හියාරේ හා ගාළු කොටුව

රුම්මස්සල වෙරලේ ඉදලා ත්‍රී රෝද රථයකින් ම අපි ආයෙම ගාළු පාරට ආවා. ගාලු පාරේ ඉදලා අපි මාතර දිහාවට යන බස් එකකට ගොඩ උනා. අපි මීළඟට බලන්න යන්න හිතාගෙන හිටියේ කොග්ගල ප්‍රාඥයා ලෙස විරුදාවලිය ලත් ළමා හේවගේ දොන් මාර්ටීන් වික්‍රමසිංහ මහත්මයා උපන් ස්ථානය දැක බලා ගන්න. අද වෙනකොට ඒ ස්ථානය ජන කෞතුකාගරයක් වෙලා තියෙන්නේ.

අපි බස් එකෙන් කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කළාපයේ හෝල්ට් එකෙන් බැහැගත්තා. එතැන ඉදලා පොඩි දුරක් මාතර දිහෑවට ඇවිදගෙන එන්ඩෝන. ඊට පස්සේ තමයි පල්ලෙහා තියෙන පුවරුව දකින්ඩ හම්බ වෙන්නේ.
ඒ බෝඩ් එකෙන් පෙන්වන දිහාවට ඇවිදගෙන ගියහම අපිට කෞතුකාගාරයේ ටිකට් කවුන්ටරයට ඒගන්ඩ පුලුවන්. එතැනින් ටිකට් අරගෙන අපි ප්‍රදර්ශන කුටි එකින් එක බලාගෙනම ඉදිරියට ඇදුනා.


අපිට ප්‍රදර්ශන කුටි එකකවත් ඡායාරූපයක් ලබාගන්න ඉඩ දුන්නේ නෑ. සේරම ඡායාරූප අන්තර්ජාලයෙන් බලන්න පුලුවන් කියලා තමයි ඒ අය කිව්වේ. ඒකට හේතුව නම් මොකද්ද කියලා මම දන්නේ නෑ.

වික්‍රමසිංහ මහත්මයාට හෙවණ දුන් ඒ කෞතුක නිවස විසල් පොල් වත්තක් මැද විරාජමානව අපිට දිස් උනා. සොල්දර ක්‍රමයට හදපු උළු හෙවිලි කරපු නිවසක එතුමාගේ ජීවිත කාළයම ගෙවා දමන්නට ඇති.

එතුමාගේ නිවසට මදක් එහායින් වික්‍රමසිංහ මහත්මයාගේ සමාධිය දැක ගන්නට අපට පුලුවන් උනා. සිංහල ලේඛන කළාවට අනුපමේය සේවයක් ඉටු කරපු ලෙඛකයෙකු ගේ නිසල සමාධිය ඉදිරිපිට අපි මිනිත්තු කිහිපයක් රැදී සීටියා.
ඊට පස්සේ අපි අනෙකුත් කෞතුක භාණ්ඩ නැරබීමට ගියා. ඒ අතරින් තමයි පල්ලෙහා පින්තූරේ තියෙන සෙක්කුව අපිට දකින්න හම්බ උනේ. ඒ දවස්වල මේ සෙක්කුවෙන් සෑහෙන්න වැඩ ගන්ඩ ඇති.
අපි තවත් පැයක් විතර කෞතුකාගාරය බලලා ආයෙම ගාලු පාරට ආවා. ඒ ආවේ හියාරේ ජලාශය බලන්ඩ යන්න. ඒ දවස්වල ගල්ලට වතුර සපයලා තියෙන්නේ හියාරේ ජලාශයෙන් කියලා තමයි අපට දැනගන්ඩ හම්බ උනේ.

හියාරේ ජලාශය තියෙන පැත්ත රක්ෂිතයක් නිසා ජලාශය අවට විතරයි බලන්ඩ දෙන්නේ එතැනින් එහාට කැලේ රිංගන්ඩ දෙන්නේ නෑ. ඒ අසලම හමුදා කෑම්ප් එකක් තියෙනවා. හමුදා නිලධාරීන් ඒ දිහෑවට යන එක තහනම් කරලා තියෙන්නේ.

එක අතකට ඒකත් හොදයි. එතකොටවත් ඒ පරිසරය ආරක්ෂා වෙලා තියේවි නෙව. එහෙනම් පින්තූරු කෑලි දෙක තුනක් බලලා ඉම්මු.



වෙලාවකට හිතෙනවා අපි කදුකරයේ තිබ්බ ජලාශයක් ළඟට ආවද කියලා. ඒ තරමටම ඒ පරිසරය ලස්සනයි. වැඩිය මිනිස්සුන්ගෙන් හානියක් වෙලා නැති නිසා හරිම පිරිසිදු පරිසරයක්. වෙලාවකට හිතෙනවා මෙහෙම ලිපියක් ලියන එකත් ඒ පරිසරයට මම කරන හානියක්ද කියලා. මොකද ඊට පස්සේ මිනිස්සු ගිහින් ඒ පරිසරය විනාශ කරන හන්දා.

ඒ පරිසරය බලන්න ගියාට නං කමන් නෑ. ඒ පරිසරයේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල් කරන්න එපා. ඒක අනාගත පරපුරට කරන හානියක්.

හියාරේ ඉදලා අපි ආපහු එන්න හැරෙනකොට හවස 2ත් පහුවෙලා. අපි බස් එකක නැගලා ආපහු ගාල්ලට ආවා. අපි ඊළඟට ගියේ ගාලු කොටුව බලන්න. ගාළු කොටව බලනවා නම් බලන්න ඕන හවස් වෙලාවක. දවාලට ගිනිමද්දහනේ ගාලු කොටුව බලනවට වඩා හවස යන එක තමා හොද.

හැමෝම ගාළු කොටුව බලලා තියෙන නිසා මම ඒ පින්තූර මෙතන දාන්නේ නෑ. ගාළු කොටුවේ අපි පෑ දෙක තුනක් විතර හිටියා. ඊට පස්සේ අපි බස් එහෙක නැගලා කොළඹ බලා ආවා. මම නම් පානදුරෙන් බැහැගත්තා. අනෙක් අය කොළඹ වෙනකන් ගියා.

එකම දවසක වෙන වෙනස් තැන් හතරක් බලපු ට්‍රිප් එකක් ඔන්න ඔහොම ඉවර උනා. මතකයන් විතරක් හිතේ තියාගෙන ඡායාරූප විතරක් අරගෙන අපි ගමන නිමා කළා.

ඔයාලත් දවසක මේ දෙවල් බලන්න ගියොත් ඒ පරිසරයට නොගැලපෙන දේවල් දාලා එන්න එපා. ඒ වගේම ඒ පරිසරයෙන් දේවල් අරගෙන එන්නත් එපා.

එහෙනං මං ගියාවේ. ජය වේවා !!!

3 comments:

  1. කොටුව ඇතුලේ බොහොම අපූරු බාලිකා පාසලක් දැක්කද? ඒක තමයි හය වසරේ ඉඳන් දහතුන වෙනකම් මට සෙවණ දුන්නු පාසල. ඉස්කෝලේ තුන් වෙනි තට්ටුවේ ජනෙල් වලින් බැලුවම අපිට ඒ දවස් වල පේනවා කොටු බැම්මේ ඉන්න ජෝඩු. ජෝඩු බලල අපි ශිෂ්‍ය නායිකාවන් ගෙන් බැනුම් අහලත් ඇති. :D

    කොග්ගල අර ගුවන් පථය ලඟින් (මාතර පැත්තේ වැට ලඟින්) ඇතුලට ගියාම තියනවා පන්සලක්. ඒකත් බොහොම නිස්කලංකයි ඒ දවස් වල නම්. අපි ඉස්කෝලේ නිවාඩු දෙනකොට ස්කූල් වෑන් එකෙන් එක්කන් යන්නේ ඒ පන්සලට තමයි.

    බොහොම ස්තුතියි, ආයේ ඉස්කෝලේ ගියා වගේ දැනුණා.

    ReplyDelete
  2. Nice artical and very informative.http://adflow.ml

    ReplyDelete
  3. යකඩෝ ගාල්ලේ ඉඳලත් මම හියාරේ ටෑන්ක් එක බලන්න ගිහින් නෑනේ. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.