ඔවුන් එදා ඒ සම්මුතිය හැඳින් වූයේ රැම්සාර් සම්මුතිය යනුවෙනි. ඒ සම්මුතියේ ප්‍රධාන කාර්ය භාරය වන්නේ විවිධ රටවල පවතින තෙත් බිම් පරිසර පද්ධතීන් ආරක්ෂා කර ගැනීමයි. එදා ජාතීන් 18කගේ එකමුතුවෙන් ඇරඹී රැම්සා සම්මුතිය අද වන විට රටවල් 169ක ක්‍රියාත්මක වෙමින් පවතී.
කිසියම් වගුරු බිමක් රැම්සා තෙත්බිමක් ලෙස රැම්සා සම්මුතියෙන් පිළිගැනීම සදහා නිර්ණායක කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.
මූලික වශයෙන් රැම්සාර් සම්මුතියෙන් වගුරු බිම් කොටස් තුනකට වෙන් කෙරෙනවා.
1. සමුද්‍රික/ වෙරලාසන්න තෙත් බිම්
2. රට තුළ පිහිටි තෙත් බිම්
3. මිනිසා විසින් නිර්මාණය කරන තෙත් බිම්
මේ එක් එක් වර්ගය යටතේ නිර්ණායක කිහිපයක් තියෙනවා. ඒවා සම්පූර්ණ කරන තෙත් බිම් විතරයි රැම්සා තෙත් බිමක් විදිහට ප්‍රකාශයට පත් කරන්නේ.
කිසියම් වගුරු බිමක් වෙරලාසන්න වගුරුබිමක් වශයෙන් නම් කිරීමට පහත කොන්දේසි වලට යටත් වීමට සිදු වෙනවා.
1. ස්ථීර නොගැබුරු මුහුදක් ආසන්නයේ වගුරුබිම පවතිය යුතු ය. මුහුදේ ගැඹුර මීටර් 6ට වඩා නො වැඩි විය යුතු ය.
2. විවිධ වී මුහුදු ජලජ පැලෑටි වලින් ගහණ පරිසර පද්ධතියක් පැවතිය යුතු ය.
3. කොරල් පර තීරයන් පැවතීම.
4. වෙරලාසන්න කලපු පැවතීම.
යනාදී කොන්දේශී රාශියකින් කිහිපයක් හෝ සම්පූර්ණ කරන ලද වගුරු බිමක් රැම්සාර් වගුරු බිමක් වශයෙන් නම් කෙරේ.
රට තුළ පවතින වගුරු බිමක් සදහා,
1. ස්ථීර ඩෙල්ටා පැවතීම.
2. ස්ථීර ජල පෝෂණ ප්‍රභවයක් පැවතීම.
3. ජලජමය පරිසර පද්ධතියක් පැවතීම යනාදි තවත් කොන්දේශී ගණනාවකින් කිහිපයක් හෝ සම්පූර්ණ කරන ලද වගුරු බිමක්, රැම්සාර් වගුරු බිමක් ලෙස නම් කෙරේ.
මිනිසා විසින් නිර්මාණය කරන ලද වගුරු බිමක් සදහා,
1. ජල පෝෂණ ක්‍රමවේදයක් තිබීම.
2. අප ජල බැහැර කිරීම සදහා ක්‍රම වේදයන් සකස් කර තිබීම.
3. ජලජ ජීවි න් සහිත පරිසර පද්ධතියක් තිබීම යනාදී කොන්දේශි බලපායි.
තවත් කොන්දේසීන් කියැවීමට මේ ලිපිය කියවන්න.
පහතින් දක්වා ඇත්තේ රැම්සාර් සංවිධානයේ නිල ලාංඡනය වේ.
මේ සම්මුතිය 1971 වසරේදී අත්සන් කලත් එය ක්‍රියාත්මක වන්නේ 1975 වසරේ සිටයි. එයිනුත් ලංකාව තුල රැම්සාර් ප්‍රඥප්තිය එහෙමත් නැත්නම් රැම්සාර් සම්මුතිය ක්‍රියාත්මක වන්නේ 1990 වසරේ ඔක්තෝම්බර් 15 වන දින සිටයි.
ඒ බූන්දල අභය භූමියත් (හෙක්ටාර 6210ක්), ආනවිලුන්දාව අභය භූමියත් (හෙක්ටාර 1397ක්) තුන්වෙනි රැම්සා තෙත් බිම ලෙස මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියත් (හෙක්ටාර 915ක්) රැම්සා තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ය.
අද වනවිට මේ තෙත් බිම් තුනට අමතරව කුමන කුරුළු අභය භූමියත් (හෙක්ටාර 19011ක්), විල්පත්තුව ආශ්‍රිත වගුරු බිම (හෙක්ටාර 165800ක්) හා වන්කලයි (මන්නාරම ප්‍රදේශයේ) අභය භූමියත් (හෙක්ටාර 4839ක්) රැම්සා තෙත් බිම් ගොන්නට එකතු වී තිබේ.
ඒ සමගම ශ්‍රී ලංකාවේ තෙත් බිම් පරිසර පද්ධතීන් 6ක් රම්සා තෙත් බිම් සම්මුතිය යටතට පත් වේ.
එදා රැම්සාර් සම්මුතිය අත්සන් කල පෙබරවාරි 2වන දින තෙත් බිම් සුරැකීම සදහා වූ ලෝක තෙත් බිම් සුරැකීමේ දිනය වශයෙන් නම් කර තිබේ.
මෙවර 2017 වසරේ තෙත් බිම් සුරැකීමේ දින තේමාව වූයේ "ආපදා අවම කිරීම සදහා තෙත් බිම් සුරැකීම" යන්නයි.
කවරදාක හෝ ඔබ තෙත් බිමක් හෝ කිසියම් පරිසර පද්ධතියක් නැරඹීමට යන්නේ නම් මතු පරපුරටත් නැරඹීම සදහා එම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට දයක වන ලෙස මම ඔබෙන් ඉල්ලමි.
එහෙනම් ආපහු කාළය හරහා අපි හිටපු තැනට යමු. අපි අන්තීමට හිටියේ මාදු ගං ඉවුරේ නිසා ඒ දිහෑවට යං.
අපේ බෝට්ටුවත් ලෑස්තියි. එහෙනම් ලංකාවේ තුන්වෙනි රැම්සාර් තෙත් බිමේ රවුමක් යමු. යන ගමන් ඉතුරු විස්තර ටිකත් කතා කරමු... !
-------------------------------------------------------------------------------------------
ප.ලි. - ආනවිලුන්දාව කියන්නෙත් රැම්සාර් තෙත් බිමක්. සුරුවිල වැව, මයියාව වැව ආනවිලුන්දාව වැව වගේ වැව් කිහිපයකුත් තියෙනවා. අවුරුද්දේ අග මාස වලදී කුරුල්ලෝ බලන්න යනවා නං කියාපුම තැනක් තමයි ආනවිලුන්දාව. කොළඹින් පුත්තලම කෝච්චියෙන් ආනවිලුන්දාව දුම්රිය ස්ථානයට ඇවිත් අභය භූමියට එන්න පුලුවන්. එහෙම නැත්තං බස් එකේ උනත් ආනවිලුන්දාවට එන්න පුලුවන්.
මම දෙවතාවක් ගිහින් තියෙනවා. ඒ එක් වතාවක ගියපු ගමන ගැන ලිපිය මෙතනින් කියවන්න.
ඔන්න ඒකත් දන්නවා දැං
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete