08 February 2017

ලංකාවේ පාලම් - 2 වෙනි කොටස

පාලම් ගැන ලියපු ලිපි මාලාවේ දෙවැන්න තමයි දැන් ලියන්න යන්නේ. පළමුවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති කාළයේ ඉංග්‍රීසි ජාතිකයෝ විවිධ ආර්‍ථික බෝග වැව්වා. ඒ අතර කෝපි, තේ විශේෂ තැනක් ගන්නවා. මොවුන් නිශ්පාදනය කරපු තේ, කොළඹට ගේන්න රේල් පාරවල් ඉදි කලා.මේ රේල් පාර නිසා සමහර සුදු මහත්තුරුන්ගේ තේ වතු දෙකඩ උනා.

මේ දෙකඩ වීම නිසා අස්සයා පිට නැගලා තේ වත්ත වටේම ගියපු වතු පරීක්ෂක සුදු මහත්තුරු හරි අසීරු තාවයකට පත් උනා. රේල් පාර හින්දා වත්තේ එහා කෙළවරේ ඉදලා මෙහා කෙළවරට එකපාර යන්න බැරි වෙනවා. මොකද  සමහර රේල් පාරවල් වත්තේ බිම් මට්ටමේ ඉදලා අඩි කීපයක් පහතිනුයි තියෙන්නේ.

එතකොට අස්සයාව එක පැත්තක නවත්තලා ඇවිත් පයින්ම තේ වත්තේ අනිත් කෙළවරට යන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. මේ නිසා ඒගොල්ලෝ රේල් පාරට ඉහලින් කුඩා ප්‍රමාණයේ පාලම් ඉදි කලා. ඒ පාලම් පස්සේ කාලෙක අස්ස පාලම් කියලා හැඳින්නුවා.


කොළඹ ඉදලා බදුල්ලට යන ඕනම කෙනෙකුට අද උනත් අස්ස පාලම් දකින්න පුලුවන්.

පල්ලෙහා තියෙන්නේ ඒ ජාතියේ පාලමක්. වාහනයක පළලට වඩා ගොඩක් අඩුයි මේ පාලම් වල පළල.
කොළඹ ඉදලා බදුල්ල දක්වා යන ඕන කෙනෙක්ට ආරුක්කු නමයක හරි අපූරු පාළමක් දකින්න පුලුවන්. ඒ දෙමෝදර ආරුක්කු නමයේ පාලම. මේ පාලම ලංකාවේ ඉංජිනේරුවෙකුගේ නිර්මාණයක්.

පහලින් තියෙන්නේ ආරුක්කු නමයේ පාළමේ පින්තූරයක්.
සමහර පාළම් වල හැඩය නිසා මිනිස්සුන්ට හිතෙන්නේ ඒ පාළම, මෝඩයෙක් හදපු පාලමක් ය කියලා. එහෙම පාලමක් ලංකාවේ තියෙනවා. ඒ උලපනේ මෝඩයාගේ පාලම. මේ පාලම ගැන මම මීට කලිනුත් ලිපියක කියලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ලිපිය.

පේරාදෙණියේ ඉදලා මහනුවර - නාවලපිටිය (මාර්ග අංක 725) බස් එකේ ගිහින් උලපනේ හන්දියෙන් බැහලා ගලත මාවෙල පාරේ ටික දුරක් යනකොට මහවලි ගඟ හම්බ වෙනවා.
මේ මහවලි ගඟ හරහා තමයි උලපනේ මෝඩයාගේ පාලම නිර්මාණය වෙලා තියෙන්නේ. අද වෙනකොට මේ පාලම භාවිතා කරන්නේ නෑ.

ඒ වෙනකොට ඊට ටිකක් එහායින් තියෙන යකඩ පාලම තමයි භාවිතා කරන්නේ. අපි ඒ දවස්වල උලපනේ යනකොට තවත් කොංක්‍රීට් පාලමක් ඊට එහායින් හදන්න පටන් අරගෙන තිබුනා. මේ වෙනකොට ඒ පාලම හදලා ඉවර ඇති.

අතීතයේ සමහර පාලම් ගඩොලිනුත් නිර්මාණය කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මාවනැල්ල ගඩොල් පාළම. මා ඔය හරස් කරලා තමයි මේ පාලම ඉදි වෙලා තියෙන්නේ.

අදටත් කොළඹ නුවර බස් ගමන් කරන්නේ මේ පාලම මතින්. පහලින් තියෙන්නේ මාවනැල්ලේ ගඩොල් පාලමේ පින්තූරයක්.
තවත් පාලම් කිහිපයක් ගැන කියන්න තියෙනවා. ඒක ඊලඟ ලිපියෙන්ම කියන්නම්.

මතු සබැඳි...

තුන්වෙනි කොටසට මෙතනින්.

2 comments:

  1. 2වෙනි ලිපියත් වටිනවා. ස්තූතියි සටහනට.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔය ගඩොල් පාලම තියේන්නෙ අපේ ටවුන් එකේ මම හිතන්නේ ඔය විදිහේ පාලමක් ලංකාවෙ වෙන නැතුව අති.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.