03 February 2017

වෙද සිසුන්ට ජල ප්‍රහාර

ඊයේ දවසේ කොළඹදී විශ්ව විද්‍යාල සිසුන් පවත්වපු උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑසුයි ජල ප්‍රහාරයකුයි එල්ල කලා. ඒ උශ්ඝෝෂණය, ඒකෙනුත් නවත්තන්න බැරි වෙච්ච නිසා බැටන් පොලු ප්‍රහාරයකුත් එල්ල කළා. පස්සේ පස්සේ කීපදෙනෙක්වත් අත් අඩංගුවට ගත්තා කියලා ප්‍රවෘත්ති වලටත් කිව්වා.

කාළයකට ඉහතදී මාත් ඔහොම උශ්ඝෝෂණයකදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා. ඒකත් ඔය වාගේම නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සිද්ධියකට කොළඹ ආපු වෙලාවක.

මුලින්ම කියන්න තියෙන්නේ මේ සිද්ධිය මම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. කොයි ආණ්ඩුවෙනුත් මේ වගේ ශිෂ්‍ය මර්ධනය කිරීම් පැවැත්වුනා. ඒක මේ ආණ්ඩුවෙත් එහෙමයි. ගිය ආණ්ඩුවෙත් එහෙමයි. සමහරු මේ වගේ සිදුවීම් වලිනුත් වාසි ගන්න උත්සහ කරනවා. අපේ ආණ්ඩුව කාලේ මෙහෙම නෑ. මෙහෙම පහර දීම් කලේ නෑ. මේ ආණ්ඩුව මෙහෙමයි අරෙහෙමයි වගේ නානාප්‍රකාර කතා අටෝරාසියක් කියනවා. ඒ ඒගොල්ලන්ගේ දේශපාලනික වාසියට මිස කිසිම ශිෂ්‍යයෙක් කෙරෙහි උපන් සෙනෙහසකින්වත් කරුණාවක් නිසාවත් නෙමේ.

මේ සිදුවීම් වලට මැදිවෙච්ච සිසු පරපුර ගැන හිතෙනකොට ලොකු දුකක් ඇති වෙනවා. මොකද ඒ අයටත් තිබ්බා නිස්කාරනේ අවු කාස්ටකේ මහ පාරවල් දිගේ කෑ ගගහා ඇවිත් පොලිසියෙන් ගුටි කන්නේ නැතුව හොස්ටල් එකට වෙලා ඉදලා පාඩම් වැඩක් කරගෙන පාඩුවේ ඉන්න.

මෙහෙම කෑ ගහන්නේ එයාලගෙ අයිතිවාසිකමක් නිසාම නෙමේ. ඒ අය නම් කොහොමහරි අවුරුදු හතර ඉවර උනහම දොස්තරවරයෙක් ඉංජිනේරුවෙක් වෙලා එළියට ඒවි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයගේ උපාධිය ගැන නෙමේ.


මාලබේ සයිටම් වගේ ආයතන වලින් එළියට එන ප්‍රමිතියක් නැති දොස්තරවරුන්ගෙන් අසරණ ලෙඩ්ඩුන්ට සිද්ධ වෙන්න යන විනාශය වෙනුවෙන්.

පොඩ්ඩක් හිතන්න. දැනට ලෝකයේ තියෙන හොඳම විශ්ව විද්‍යාලයේ ඉදලා ඉගෙන ගෙන ආවත් ලංකාවේ දොස්තර කෙනෙක් කියලා පිළි ගන්න නම් ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන්ඩ ඕන. ඒකට විභාගය සමත් වෙන්න ඕන.

ඒ වගේම තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන ආවත් වෛද්‍ය සභාවේ විභාගය සමත් වෙන්නේ නැත්නම් එයාව ලංකාව ඇතුලත වෛද්‍යවරයෙක් කියලා පිළි ගන්නේ නෑ.

ඉතින් එහෙව් එකේ ඔය සයිටම් කියන්නේ මොකද්ද !

එයාලා විභාගය ලියන්නේ නැතුව දොස්තරලා වෙන එකේ ප්‍රමිතිය මොකද්ද ? සයිටම් එකෙන් තියන විභාග ලේසි කරවලා ඔක්කෝටම පාස් වෙන්න දීලා එලියට දැම්මොත් මොකද වෙන්නේ කියලා හිතෙනවද ?

ඔක්කෝම දොස්තරලා... අන්තිමේදී ලෙඩ්ඩුන්ට... ?

පල්ලෙහා තියෙන පෝස්ට් එක මූණු පොතේ හුවමාරු වෙනවා දැක්කහම මිනිස්සු ගන ලොකු කලකිරීමක් ඇති වෙනවා. එක්කෝ මේ අය හරියට සිද්ධිය දන්නේ නෑ. එහෙම නැත්තං සයිටම් වගේ උපාධි කඩ වලට කඩේ යන අය වෙන්ඩ ඕන.

මොකද සල්ලි දීලා හරි කමන් නෑ ඉගෙන ගන්න. ඒකේ වරදක් නෑ. ඉගෙන ගන්නවට අපි කවුරුත් එපා කියන්නේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙන ගන්න එකේ නෙමේ. ඉගෙන ගන්න වියදම් කරන මුදලට ප්‍රමිතියකින් යුක්තව උපාධිය ලැබෙනවද යන එක මත.


අපි ඔය වගේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕන. නොදන්න කමට වෙන්න ඇති මේ දේවල් හුවමාරු කරවන්නේ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සයිටම් වැනි උපාධි කඩ වලට විරුද්ධව නැගී සිටින්න අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට ලැබේවායි පතමි !

අපි යන්නේ කොයි පාරේ
නිශ්මි බාලේ ගිය පාරේ
අපි යන්නේ කොයි පාරේ
ත්‍රිමා වෙනුර ගිය පාරේ

-------------------------------------------------------------------------------
ප.ලි. - හිතට ආපු අදහස් ඔහේ ලිව්වා මිසක් ගැලපීමක් කලේ නෑ.. කැමති කෙනෙක්ට ඕනෑම අදහසක් පළ කිරීම පුලුවන්. එන්න අපි මේ ගැන කතා කරමු.

1 comment:

  1. ඇත්තටම මේ ගැන මිනිස්සු හිතන්නේ පටු විදියට. මොකද මේක තමන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලනේ ඒ අය හිතා ගෙන ඉන්නේ.
    ගොඩක් දෙනා සයිටම් එකේ පැත්ත ගන්නේ එක්කෝ දේශපාලනික හේතු මත නැත්තං දොස්තරලත් එක්ක තියෙන තරහට...

    ස්තූතියි මේ ගැන පෝස්ට් එකක් දැම්මට..
    මාත් ඊයේ කඳුළු ගෑස් කාපු එකෙක් තමයි..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.