05 December 2016

පළවෙනි සිතුවිල්ලයි අන්තිම සිතුවිල්ලයි

රෑ නින්දට යනවිට සිතට එන අන්තිම සිතුවිල්ලත් උදේ අවදි වන විට සිතට එන පළමු සිතුවිල්ලත්  ඔබේ ජීවිතයේ දුක හෝ සතුට තීරණය කරයි.

ඔය කියමන මම කොහේදී හරි කියවලා තියෙනවා. ඒ කියමන නම් සහතික ඇත්ත. මට නම් අනන්ත වාර හිතිලා තියෙනවා ඔය කියමන ඇත්තයි කියලා.

සතුට කෙසේ වෙතත් මොකක් හරි හිතේ ප්‍රශ්නයක් තියෙන දවස් වල නම් රෑ නිදා ගන්න යනකොටයි උදේ ඇහැරෙනකොටයි හිතෙන්නෙම ඒ ප්‍රශ්නයමයි.

ඒක අපේ හිතේ ස්වභාවය වෙන්ඩ ඇති.


මට මතකයි ඉස්සර අපේ අම්මා අපට උගන්නලා තියෙනවා නිදාගන්න යනකොට ප්‍රශ්න හිතේ තියාගෙන නිදාගන්ඩ එපා ය කියලා. පොඩිම දවස්වල නම් කියන්නේ එහෙම නිදාගත්තහම නරක හීන පේනවයි කියලා.

මේ සිතුවිලි දෙක අපේ ජීවිතයේ ගොඩක් ප්‍රබල සිතුවිලි දෙකක් නිසා වෙන්ඩ ඇති සුද්දෝ තමන්ගේ ආදරවන්තියට කියන්නේ ඔයා මගෙ දවසේ අන්තීම සිතුවිල්ලයි පළවෙනි සිතුවිල්ලයි කියලා. බොරු නම් පල්ලෙහා පින්තූරේ බලන්ඩකෝ.


ඔය අදහස අන්තර්ජාලයෙන් ගත්තු එකක්..

1 comment:

  1. ගන්න ඕනේ වැදගත් තීරණයක් ගැන හිතල රෑ නින්දට ගිහින් උදේ පාන්දර නැගිට්ටහම අපි මොකක් ද කල යුතු කියල මුලින්ම දැනෙන සිතිවිල්ල ගොඩක් වෙලාවට හරි තීරණේ ගන්න උදව් වෙනවා.

    මම නම් පොඩි කාලේ විස්වාස කලේ රෑට නැති නුවණ උදේට ලැබෙනවා කියල... හෙහ් හෙහ්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.