11 November 2016

බදු ගෙවමු රට හදමු

ටික දවසකට පස්සේ බ්ලොග් අඩවිය පැත්තේ එන්න හිතුනා. අළුත් තැනක රස්සාව පටන් ගත්තු නිසා පහුගිය දවස් ටිකේම අළුත් තැනට හුරු වෙන්න සිද්ද උනා. අළුත් පරිගණක භාෂාවක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙච්ච නිසා ඒකට හුරු වෙන්නත් පහුගිය දවස් ටිකේම ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා.

දැන් නං ටිකක් නිදහස් !

කම්මැලිකම යන්නත්තෙක්ක මූණු පොතට ගොඩ උනාම තමා දැක්කේ මෙදා අයවැයේ රඟේ. ආයේ ඉතින් අන්තර්ජාලෙට ගොඩ වෙන්නත් ලොකු බද්ධක් ගෙවන්ඩ සිද්ද වෙනවා !

වෙන රටවල් වල නං මිනිස්සුන්ව තාක්ෂණයට මුහු කරන්න ඕන කියලා ඒ වගේ දේවල් වලට ගහන බද්ද අඩු කරලා දෙනවා. ඒකට අපේ රටේ !

මේ ආණ්ඩුව බදු වලින්ම ගේම ගහන්න හදන බවක් තමා පේන්න තියෙන්නේ. රේඩියෝ එකේ ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා හැම එකකම වාගේ විඩින් විඩේ කියන්නෙම "බදු ගෙවමු රට හදමු " කියලා

මිනිස්සු නම් බදු ගෙවයි... රට හැදෙන එක ගැන තමා ප්‍රශ්නේ !

4 comments:

  1. ටික දවසකර පස්සේ හරි බ්ලොගියට ආපු එකම ඇති. ඇත්තටම රට හැදෙන එක කොහොම වුණත් බදු ගැසීම් නම් ඉහළට යනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. බදු ගෙවමු. අන්තිමට බඩුම තමයි!

    ReplyDelete
  3. ආණ්ඩුවට 'අය', ජනතාවට 'වැය'.

    ReplyDelete
  4. ලංකාව හැමදාටමත් 3rd class රටක්ම තමයි :(

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.