27 November 2016

පළාත් වලියක්

මේ දවස්වල බුකිය පුරාම ඇහෙන්න තියෙන්නේ මාතර, නුවර සහ කොළඹ වලියක්. එක පළාතක ප්‍රාදේශීය ජන වහරේ එන වචන කිහිපයක් අල්ලගෙන අනිත් පළාත් වල අය ඒ පළාතට විහිලු කරනවා.. මේ විහිලු අතර අපි කවුරුත් දන්න කිඹුලා බනිස් ගෙඩියට හිමි වෙලා තියෙන්නේ සුවිශේෂි තැනක්.

මාතර අය කිඹුලා බනිසට කියන්නේ "සීනි කුරුල්ලා" කියලා ලු. කොළඹ අය නම් "කිඹුලා බනිස්" කියලා කියනවා ලු. මේ නම් දෙකට අමතරව මම අහලා තියෙනවා කිඹුලා බනිසට සමහර පැති වල අය "වියන් රෝල්" කියලත් කියනවා. ඒ කොයි පලාතෙද කියලා නම් දන්නේ නෑ.

මේ සුන්දර වලියෙන් අපිට එක එක පලාත්වල ප්‍රදේශීය ව්‍යවහාරයන් ටිකක් ඉගෙන ගන්නත් පුලුවන් වෙනවා. ඊටත් වඩා මුන් දාන පෝස්ට් වලට හිනා වෙලාම දවස ගෙවන්නත් පුලුවන්.

මේක සුන්දර වලියක් උනාට කමක් නෑ.. වැඩි දුර ගිහින් එක එක පලාත් වල එක එකා ඇන කොටා ගෙන විරසක වෙන්නේ නැතුව. 

මෙන්න ඒ වලියේ සුන්දර අවස්ථා දෙකක්.

මෙන්න අනිත් එක


9 comments:

  1. අපි සබරෙ, අපිනං කියන්නෙ වියං රෝල් කියල හිටං.

    ReplyDelete
    Replies
    1. වියන් රෝල්, වියන් රෝල්............

      -විදානේ-

      Delete
  2. මෙහෙමයි.........

    මේ ප්‍රාෙද්ශීය ජනවහර කියන දේ වෙනම අධ්‍යයනය කරන්නා වූ මහා පැතිකඩක්..... මේක හරි රසවත් අධ්‍යයනයක්...... එක එක පැතිවල තියෙන වචන ඔවුන්ගේ චර්‍යා ලක්ෂණත් එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ දේවල් ගැන ඇත්තට ම හොද සංවාදයක් හැදෙනවානං හොදයි..... මේක ඒකට නියම තැනක්... ඇයි අපි හැම පැත්තෙන්ම ආපු අයනේ....

    මේ උඹලා හිනාවෙන්නැත්තං මං තවත් වචනයක් කියන්නද,,,,,?????? ඇත්තට ම ඕකට අපිනං කියන්නේ කොකෝ බනිස් කියලා.........

    ReplyDelete
    Replies
    1. ඔබ තුම මාතලෙ පැත්තෙද?

      Delete
  3. වචන මොනව කිව්වත් ලෝකෙම ඉන්න මිනිස්සු කන්නෙ කටින්, *කන්නෙ අරකින්, *කන්නෙ ඒකට නැත්තන් අරකට, රෙන්නෙ එකම තැනින්. සමානකම් නොව වෙනස් කම් හොයන එක තමයි බෙදීම.

    ReplyDelete
  4. කිඹුලා බනිසට අපේ පැත්තෙ ඒ කියන්නෙ රත්නපුරේ කියන්නෙ වියන් රෝල් කියල. ඔව් ඒ වලිය සුන්දරයි.

    ReplyDelete
  5. මූණු පොතේ කරන්න වැඩක් නැති හරක් මෙහෙම ඇනගන්නවා. මොකද ඒ?

    ඒ උන් හරක් නිසා. කරන්න වැදගත් වැඩක් නැති නිසා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.