16 November 2016

ගි කියන්න නුඹ නමින්

තරුත් නැති අහසේ
කලුවරයි අද රිසිසේ
සඳකි නුඹ අහසේ
පායා එන්න රිසිසේ

කවුලු පියන් හැර තබන්න
නුඹ අවුදින් අත වනන්න
මට රහසින් පියාඹන්න
පියා පතක් තබා යන්න

රැහැයි නඳත් එයි සැනින්
හමන සුළං සිසිලසින්
මටම මිහිරි පද වලින්
ගි කියන්න නුඹ නමින්

----------------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

1 comment:

  1. ගී කියන්න
    අහන් ඉන්න
    රැය ගෙවෙන්න
    ළඟයි ඔන්න..........

    ලස්සන සංකල්පනාවක්.

    ජයවේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.