27 November 2016

සය වසරක මතක

මේ වෙනකොට මම බ්ලොග් අඩවිය පටන් අරගෙන අවුරුදු හයක් ගෙවිලා ඉවරයි... සෑහෙන ලොකු කාලයක්. එකදිගට මෙච්චර කාලයක් කරගෙන ආපු එකම වැඩේ ද මන්දා. එක දිගටමයි කියලා කිව්වට සමහර කාලවල් වල එකම එක ලිපියක්වත් ලියලා නෑ.

වැඩ වැඩි කම හරි කම්මැලිකම හරි වැඩි වෙච්ච නිසයි ලියන්න බැරි උනේ. ඒත් දැන් නම් පුලු පුලුවන් හැටියට මොන මොනවා හරි ලියන්නයි මගේ කල්පනාව.

බ්ලොග් අඩවියේ ලියවිච්ච තරමක් ලිව්වේ මගේ හිතේ තියෙන විකාර සහා මම ආගිය තැන් වල විස්තර. ඒ ඇරෙන්න දනාගේ කවි වලිනුත් බ්ලොග් අඩවිය අලංකාර උනා. දනා නිසා තමයි මම බ්ලොගයක් හදන්න හිතුවේ. මොකද උන්දෑ එක එක ජාතියේ කවි ලියනවා නෙව. ඒ කවි සේරම එක තැනකට දාන්න තමා මේ බ්ලොග් අඩවිය නිර්මාණය කලේ.
දනා ලියපු කවි වලට මම දාපු නම තමා "සිතක සංකල්පනා" කියන්නේ.

කොහොමහරි සිතක සංකල්පනාවේ ලිපි 500ක් ඉක්මවා ගිහින්. මේ ලියන ලිපිය සංකල්පනාවේ 507 වෙනි ලිපියයි.

තව දුරටත් මගේ හිතේ ඉපැදෙන අදහසකින් හරි දනාගේ කවි සිතුවිල්ලකින් හරි මේ බ්ලොගය සරසවන්නයි මගේ කල්පනාව...

එහෙනං සියළුම දෙනාට සුබ දවසක්... !!!

3 comments:

  1. හයවසරට සුභ පැතුම්.
    ජයවේවා!!!

    ReplyDelete
  2. [එකදිගට මෙච්චර කාලයක් කරගෙන ආපු එකම වැඩේ ද මන්දා]

    මාත් එහෙමයි බන්.. හෙහ් හෙහ්

    6 වසරට සුභ පැතුම්..

    ඔන්න ඔහේ හිතෙන දෙයක් ලියාගෙන පුළුවන් තරම් කාලයක් ඇදගෙන යමු..

    ReplyDelete
  3. හෙමින් හෙමින් හරි ලියන එක තමයි වැදගත්. ජයවේවා!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.