29 July 2016

මා ආරාධිතයෙකු වූයෙමි

අදින් සති කිහිපයකට පෙර මගේ දුරකතනයට නුපුරුදු අංකයකින් ඇමතුමක් ලැබුණි. "මේ කාගේ අංකයද මන්දා" යන සිතුවිල්ලෙන් දුරකතන අමතුම ගත්තෙමි.

"හෙලෝ චින්තක, මම සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පති තුමා කතා කරන්නේ...." යැයි එහා කෙලවරින් පිලිතුරු ලැබුණි.

ඈ..විදුහල්පතිතුමා !!!

සර් මොකෝ මට කතා කරන්නේ ? ඇරත් සර් කොහොමද මගේ අංකය දන්නේ ?  මා සිත තුල ප්‍රශ්ණයක් මතු වුණි.

"ඔවු සර්." මම පිලිතුරු දුණිමි.

"චින්තක, අපේ ඉස්කෝලේ තෑගි බෙදාදීමේ උත්සවයක් පවත්වනවා. ඒකට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මම ඔයාට ආරාධනා කරන්නයි කතා කලේ" ඔහු නැවතත් හඬ අවදි කළේ ය.

"කවදද සර් උත්සවේ තියෙන්නේ ?" මම පෙරලා ප්‍රශ්න කළෙමි.

"ජූලි 29 වෙනිදා.උදේ 10.30ට තියෙන්නේ. මම ආරාධනා ප්‍රත්‍රය එවන්නම්. ඔයාට එන්න පුලුවන් නේ ද ?" ඔහුත් මගෙන් පැණයක් විමසුවේ ය.

"ඔවු සර් පුලුවන්.. !" විදුහලේ විදුහල්පති තුමාගේ ඉල්ලීමට මම අවනත වුනිමි.

ශා. සෙබස්තියන් විද්‍යාලය කියන්නේ මා පුරා වසර එකොලහක් අධ්‍යාපනය ලද විද්‍යාලයයි. ඉතින් එවැනි විද්‍යාලයක උත්සවයක ආරාධිත අමුත්තාගේ තැන ලැබීම මා හීනෙකින්වත් සිතූවක් නොවේ.

නමුත් අද ඒ දේ සිදුවී ඇත ! ඒ දිනය අදයි !

මා සිතේ සියුම් චකිතයක් ද මතුවේ. ඒ මෙවැනි ආරාධනයක් මා ලද පළමු අවස්ථාව නිසා විය යුතු ය. මා ආරාධනා පත්‍රයේ සදහන් වේලාවටම විදුහලේ ප්‍රධාන ගේට්ටුව අසලට ගියෙමි.

පාසල් ළමුන්ගෙන් සැදුම්ලත් බෑන්ඩ් කණ්ඩායමක් මා ඉදිරියේ දිස් වූයේය. එසේම මා පිළිගැනීමට බුලත් අතක්ද අතැතිව තවත් ළමෝ දෙදෙනෙක් විය. ඔවුන්ගේ වැදුම් පිදුම් වලට අනතුරුව මා පෙරහැරින් උත්සව ශාලාව කරා ගියෙමි.
මා උත්සව ශාලාවට පැමිණෙන විට එහි වූ සියල්ලෝම නැගී සියේය. මා තුළ සියුම් අභිමානයක් ඇති නොවුනා ම නොවේ. මා සෙමින් මගේ අසුන කරා පමිණියෙමි.

විදුහල්පති තුමාගේ පිළිගැනිම්මේ කතාවෙන් උත්සවය ඇරඹිණි. ඉන් අනතුරුව නැටුම් ගැයුම් ද ත්‍යාග බෙදා දීම් ද පැවතිණි. මා ද ත්‍යාග බෙදා දුනිමි. (නිමල් ප්‍රියරංජන් මැතිතුමා වර්ථමාන විදුහල්පති ධූරය හෙබවීය.)

මේ අතර තුර කුඩා සංග්‍රහයක් භුක්ති විදීමට ලැබුණි.


ඉන් අනතුරුව මගේ කතාව ද පවත්වන්නට සිදු විය. මගේ කතාවෙන් අනතුරුව ජාතික ගීය ගයා සභා තොමෝ සතුටින් විසිර ගියහ.

අද දින මා ජීවිතය තුළ නොමැනෙක සටහනක් ඉතිරි කරන ලද දවසකි. ඒ දින මා දිවි ඇති තුරාවට අමතක නොවේ.

එසේම මා පාසල හැරදා ආ 2003 වසරට වඩා අද දින පාසල ලබා ඇති දියුණුව සියැසින් දැක සිතින් තුටු වුනෙමි.

මගේ පාසලට විවිධ ක්ෂේත්‍රයන්ගෙන් මීට වඩා දියුණුවක් ඉතිරියේදී ලැබේවායි, මා එක සිතින්ම පතමි.

මගේ පාසලට දෙවි පිහිටයි. !


4 comments:

  1. සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. නියම විදුහල්පතිවරයෙක්. එක එක රූකඩ දේශපාලුවන්ට නොකියා තමන්ගේ පාසලෙන් ඉගෙනගෙන ඉහලට ගිය උඹ වගේ එකෙක්ට ආරාධනා කරන්න තරම් දුර්ලභ විදුහල්පතිවරයෙක්. උඹත් දැන් ලොක්කෙක් එහෙනම්...! :) සුභ පැතුම් මලේ...!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.