30 June 2016

මල්ලියේ

කෝපි මල් හිනැහෙනා
හිමිදිරි පාන්දර
ඉරුණු කමිසය අැඳන්
පොත් මිටිය තුරුලු කර
අකුරු කරනට දුවන මල්ලියේ....

පා නුඹේ රිදෙන මුත්
සිතට නොගනින් එයද
අකුරු කර ජය ගන්න
මල්ලියේ වාසනා....

පාසල් ගොසින් නුඹ
ඉගෙන ගෙන මතු දාක
අක්කගේ පැතුම් හැම
ඉටු කරන්නට නුඹට
හැකි වේවි මලනුවනි....
දිරි ගනින් නුඹෙ සිතට....


කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකාගෙනි.

1 comment:

  1. පිනි වැටෙන හිමිදිරියේ
    තේ එකත් ළගට දී
    මා පාසල් යවන්නට
    වෙහෙස වේ නුඹ බොහෝ

    පාසල් යමි ඉගෙන ගමි
    දුක් ගැහැට විද දරාගමි
    හෙට ලොවක ජය ගනිමි
    නුඹෙ පැතුම් ඉටු කරමි.

    .....මල්ලී......

    ජයවේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.