11 June 2016

නිවාස සැලැස්ම අනුමත කර ගැනීම

කලින් ලිපියෙදි මම ඉඩම ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරගන්න විදිහ කියලා දුන්නා මතක ඇති නේ. දැන් කියන්න තියෙන්නේ අපේ ගෙයි සැලැස්ම අනුමත කරගන්න විදිහ.

මේක තමා අත්‍යවශ්‍යම දේ. !!

මුලින්ම කරන්න ඕන තමන්ගේ ඉඩම අයත් ප්‍රාදේශීය සභාවට හරි නගර සභාවට හරි ගිහින් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගන්න ඕන ඇප්ලිකේශන් එකක් දෙන්න කියලා ඉල්ලන්න.

ඒක ෆෝර්ම් එකක් කියලා කිව්වට පොතක් !

ඇප්ලිකේෂන් එකට රුපියල් 300ක් වගේ මුදලක් වැය වෙනවා. ඒ මුදල ප්‍රාදේශිය සභාවෙන් සභාවට වෙනස් මයේ හිතේ. මම ඉඩම අනුමත කර ගත්තේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් නිසා මට ෆෝරම් පොතට ගියේ රුපියල් 300යි.

ඒ පොත ගෙදර ගෙනල්ලා හිමිහිට කියවලා බලන්න. එතකොට හීන් දාඩියත් දානවා. ඒකේ තියෙන්නේ අමුතු අමුතු ඒවා. ඒවා පුරවන එක තමයි ගේම... !



ගොඩක් වෙලවට ඔයාලා ගෙයි ප්ලෑන ඇඳගන්නේ ගෘහ නිර්මාණ ශිලිපියෙක්ට කියලා නම් එයාලා මේ ෆෝර්ම් එකත් පුරවලා දෙනවා. එතකොට නං කිසි ගින්නක් නෑ.. කෙලින්ම ෆෝර්ම් එක ප්‍රාදේශීය සභාවට (හෝ නගර සභාවට) දෙන්න විතරයි තියෙන්නේ.

මගේ ප්ලෑන ඇන්දේ යාලුවෙක් නිසාත් ඒකා මට ප්ලෑන ඇඳලා දුන්නේ කිසිම අය කිරීමක් නැතුව නිසාත් මම ආයේ උට කරදර කරන්න ගියේ නෑ. මගේ ෆෝර්ම් එක මමම පුරවා ගත්තා.

ෆෝර්ම් එකට අමතරව ගෙයි ප්ලෑනේ කොපි 3ක් ඕන කරනවා. මේ කොපි තුනම A3 සයිස් එකට වගේ ප්‍රින්ට් කරන්න ඕන. ඒත්තෙක්කම ගෘහ නිර්මාණ ශිල්පියාගේ අත්සනත් තියෙන්න ඕන. ගෙයි හරස්කඩක්, අත්තිවාරමේ ස්වරූපය, ඒ වගේම ගෙදරට ජලය ගන්න විදිහත් ප්ලෑනේ  සටහන් කරලා තියෙන්න ඕන.

ගෙයි එක පැත්තකට බ්ලයින්ඩ් වෝල් යනවා නම් වරලත් ඉංජිනේරුවෙකුගෙන් ප්ලෑන සහතික කරවගෙන තියෙන්නම ඕන. එහෙම නැත්නම් ප්ලෑන අනුමත වෙනේ නෑ.

ඇප්ලිකේශන් පොතයි ප්ලෑනේ කොපි තුනයි හරි නෙහ්... !

මීට අමතරව ඉඩමේ ඔප්පුවේ පිටපතකුත් ඕන. ඒ වගේම බිම් කට්ටි සැලැස්මේ පිටපතකුත් ඕන.

ඔය ලියකියවිලිත්තෙක්ක ඇප්ලිකේශන් එක ප්‍රාදේශීය සභාවට බාර දෙන්න ඕන.

ඇප්ලිකේශන් එක භාර ගන්න ගානක් ගන්නවා. මට නම් රු. 2500ක් ගියා ඇප්ලිකේශන් එක භාර ගැනීමේ ගාස්තුව.

ෆෝර්ම් බාර දීලා ටික දවසක් යනකොට නාගරික සංවර්ධන අධිකාරියේ තාක්ෂණික නිළධාරියෙක් එනවා ඉඩම බලන්න. එයා තමා ගෙයි ප්ලෑන අනුමත කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.

එයාගේ නිර්ණායක වලට අනුකූල නම් ගෙයි සැලැස්ම නිකන්ම අනුමත වෙනවා. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප වෙන්නත් පුලුවන්. ප්‍රතික්ෂේප උනොත් අනිවා ඒකට හේතුත් සදහන් කරලා දෙනවා. ඒක ගොඩක් වටිනවා.

මගේ නම් එක පාරින්ම ප්ලෑන පාස් උනා. !!

සමහරු නම් නිළධාරියාට කීයක් හරි දීලා ප්ලෑන පාස් කර ගන්නවා. ඒක නම් මම අනුමත කරන්නේ නෑ. මොකද අල්ලස් දීමත් අල්ලස් ලබා ගැනීමත් නීති විරෝධි නිසා.

ප්ලෑන අනුමත වෙන්න සාමාන්‍යයෙන් සති දෙකක් හෝ මාසයක කාලයක් යනවා.

ප්ලෑන අනුමත වීම හෝ ප්‍රතික්ෂේප වීම ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. අනුමත වෙලා නම් ඔයාට අදාල බලපත්‍රය දෙනවා.

ඒක අරගෙන අවුරුද්දක් ඇතුලත ගේ හදන්න පටන් ගන්න ඕන. නැත්නම් බලපත්‍රය අවලංගු වෙනවා.

දැන් නං ගේ හදන්න ආරම්භ කරන්න ඕන මූලික නීති රාමුව අවසන්.

මේවගේ මොනාහරි ගැටළු තියේ නම් අදාල නිළධාරීන්ගෙන් අහලා දැනගන්න එක තමා හොදම.
 

6 comments:

  1. භූ විද්‍යා හා පතල් කාර්යංශෙන් පස් පරීක්ෂන වාර්තාවක් ගන්න ඕන නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ උඹලගේ පැති වලට, හැමෝටම එහෙම ඕනේ නැහැ...
      හැබැයි දැන් ඔක්කොටම අවසර ගන්න කියයිද දන්නේ නැහැ "නාය යාම්" නිසා...
      ආණ්ඩුවටත් ගාණක් එනවනේ...

      Delete
    2. අපේ පැත්තේ නම් එහෙම ලියවිල්ලක් ඕන උනේ නෑ

      Delete
  2. යන කාලේ තමයි හැම එහෙකටම.. එපා වෙනවනේ තරුණ කාලේ ගෙයක් හදන්න ගත්තම වයසට යනකොට ඉවර කරන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දැම්මම පටන් ගනිං.එතකොට වයස තිහ හතළිහ වෙද්දී ඉවර කරතහැකි.

      Delete
    2. ඔවු ඔවු ඔවු... අනිවාර්යෙන්ම. මොකද කාලෙන් කාලෙට ආණ්ඩුවෙන් ආණ්ඩුවට ගොඩනැගිලි බඩු වල ගනන් ඉහල යනවා

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.