10 June 2016

ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීමට පෙර

කලින් ලිපියෙදි කිව්වා වගේ ඉඩමේ සැලැස්ම අනුමත කර ගන්න ඇතිනේ. ගොඩක් වෙලාවට වෙන්දේසි ඉඩම් ගන්නකොට නම් ඉඩම අනුමත කරගන්න ඕන නෑ.. මොකද ඉඩම් වෙන්දේසි කරන සමාගම්, ලොකු ඉඩමක් කෑලි කරලා ඒ එක එක කෑල්ල අනුමත කරගන්නවා.

එහෙම අනුමත කරගන්නේ නැතුව ඉඩම් විකුණන්න බෑ.. ඒ නිසා ඒ ගොල්ලෝ ඉඩම් විකුණන්න කලින් මුලින්ම කරන්නේ ඒ එක එක කෑල්ල ප්‍රාදේශිය සභාවෙන් (එහෙම නැත්නම් නගර සභාවෙන්) අනුමත කරගෙන ඉන්න එක.

ඒ ඇරෙන්න ඕගොල්ලෝ දන්න අදුරන කෙනෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් වෙන්දේසි සමාගමකින් නොවන කිසියම් කෙනෙක්ගෙන් ඉඩමක් ගන්නවා නම් ඔයලා ඉඩම අනුමත කරගන්න ඕන.

ඒ විසා වෙන්න ඕන ගොඩක් අය කාගෙන්හරි ඉඩමක් ගත්තම දාහකුත් එකක් දේවල් හොයන්නේ. මොකද මහන්සියෙන් ගත්තු ඉඩමේ ගෙයක් හදන්න ප්‍රාදේශිය සභාවෙන් අනුමැතිය දුන්නේ නැත්නම්.... ඒක කේස් එකක් නෙහ්...



ගොඩක් අය ඉඩමක් ගන්නකොට ගොඩක් අය බලන දේවල් ටිකක් පහල ලියලා දානවා.

1. තමන්ට එදිනෙදා ගමන් පහසුව. තමන්ගේ රස්සාව කරන තැනට යාගන්න, නගරයට යන්න තියෙන පහසුව ගැන මුලින්ම හොයලා බලනවා. බස් එකක් හරියට වෙලාවට නැති තනකින් ඉඩමක් ගන්න කවුරුවත් කමති නෑනේ..

2. ලෙඩකට බේතක් හේතක් ගන්න ඉස්පිරිතාලයක්, ළමයෙක්ට යන්න ඉස්කෝලයක්, බඩුවක් මුට්ටුවක් ගන්න කඩ මණ්ඩියක්, පන්සලක් පල්ලියක් කෝවිලක් වගේ ආගමික සිද්ධස්තානයක් යන දේවල් වලට ආසන්න වෙන්නත් ඉඩම තෝර ගන්නවා.

3. වහිනකාලෙට ජලයෙන් යට වෙන පැත්තක්, ගොඩකරපු වෙල් ඉඩමක් වගේ ඉඩම් තෝරා නොගන්නත් වග බලා ගන්නවා.

4. ප්‍රධාන පාරකට ආසන්න වෙන ඉඩමක් තොර ගන්න මිනිස්සු පෙළඹෙනවා.

5. වටිනම දේ තමයි ජලය විදුලිය වගේ දේවල් ඉඩමට ලබාගන්න කොයිතරම් පහසුද කියලා හොයලා බලනවා. කොටින්ම ඉඩමේ ලිඳක් කාරන්න පහසුකමක් තියෙනවාද කියලත් බලන්න ගොඩක් අය පෙළඹෙනවා.

මම කිව්ව කාරණා වලට අමතරව තව ගොඩක් දේවල් ඔයාලා හොයලා බලනවා ඇති. ඒ ගනත් මතක් උනොත් පහලින් පොඩිවට සටහනක් දාගෙන යන්න. ඒක සමහර අයට ගොඩක් වටියි.

ඒකෙන් මේකෙන් කියන්න ආපු කාරණාවත් අමතක උනා. මම අද කියන්න ආවේ ඉඩම අනුමත උනාට පස්සේ ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගන්න විදිහ ගන.

ගොඩනැගිලි සැලැස්ම... එහෙමත් නැත්නම් හවුස් ප්ලෑන් එක අනුමත කරගන්න විදිහ ගැන මම ඊලඟ ලිපියෙන්ම කියන්නම්.

1 comment:

  1. දැනට අවුරුදු දෙකකට කලින් ඔය කට්ට කාල ඉන්නෙ. හැක්..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.