30 March 2016

කාර්යබහුල වීම හා අමතක වීම

මීට අවුරුදු කීපයක ඉදලා ලියාගෙන එන බ්ලොගයක් තියෙනවා කියලා මට ඊයේ පෙරේදා ඉදලා හිතීගෙන ආවා. නිකමට වාගේ බ්ලොගයට ගොඩවෙලා බලනකොට තමා ගිය අවුරුද්දේ නොවම්බර් මාසේ ඉදලා එකම එක ලිපියක්වත් බ්ලොගයේ ලියලා නෑ..

ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට  අපි දෙන්නා පානදුරේට සංක්‍රමණය උනා. පානදුරේ කියන්නේ මගේ ජීවිතේ ඉතුරු කාලෙම ගෙවන්න හිතාගෙන ඉන්න තැන.

අපි දෙන්නා පානදුරේ පදිංචියට ආවේ කුලියට ගෙයක් අරගෙන. ඒ කුලී ගෙයි ඉදලා අපේ ඉඩමේ ගේ හදන්නයි මං හිතාගෙන ඉන්නේ. ඒ නිසාම ටිකක් ටිකක් අමතර වැඩ අරගෙන අමතර ආදායමක් හොයනවා. ඒ නිසා මම සෑහෙන්න කාර්ය බහුල උනා.

ඔන්න ඔය නිසයි බ්ලොගය අමතක උනේ.

පානදුරේ ඉදලා හොරණ පාරේ කිලෝමීටර් 5ක් ගියහම කුරුස හන්දියට එන්ඩ පුලුවන්. එතනින් රුක් ගහ පාරට හැරුණහම තමා මං ගත්තු ඉඩම තියෙන්නේ.

මේ වෙනකොට ගෙයි අත්තිවාරම දාලා තියාගෙන ඉන්නවා. ( මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොමහරි කාමර කෑල්ලකුයි කුස්සියකුයි හදාගෙන ගෙයි පදිංචියට යන්ඩ ඉන්නේ.)

මම පානදුරේට ඇවිත් ගතවෙච්ච ටික කාලෙට සෑහෙන පැතිවල ඇවිද්දා. ඒ අතරින් මගේ හිත් ගත්ත තැනක් තමා බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොල. ඒ ගැන පසුවට කියන්නම්.

අපේ ඉඩමේ ඉදලා රුක්ගහ තොටුපොලට තියෙන්නේ පයින් යන දුර. මට විවේක වෙලාවක් හම්බ උනහම වෙනසකටත් එක්ක රුක් ගහ තොටුපොලට දුවලා එනවා.

ආහ්.... තව පොඩ්ඩෙන් කියන්ඩත් අමතක වෙනවා. රුක් ගහ තොටුපොලෙ ඉදලා අළුත්ගම (එහා ඉවුර ) තොටුපොලට යන්ඩ පාලම් පාරුවකුත් තියෙනවා. ඒක බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවෙන් දාලා දීපු එකක්.

අදට ඔය මදෑ.. පස්සේ ඉතුරු ටික ලියනවා. අද පොඩි නිදහසක් හම්බ වෙච්ච නිසයි මේ ටිකත් ලියන්ඩ ආවේ.. :)

14 comments:

  1. හා හා දැන්වත් ලියමුකෝ.............

    ReplyDelete
  2. අළුත් ගෙදරට සුභ පැතුම් මලේ...කොහොමද අළුත් ජීවිතේ..?

    ReplyDelete
  3. මදෑ පාර මතක් වෙලා තියෙනවා.. කමක් නෑ මල්ලි.. දෙයියනේ කියල ගේ පොඩ්ඩ හදාගත්තම නිදහසේ ලියන්න බැරියැ...

    ඒත් එතකොට කියාවි කොහෙ ලියන්නද අක්කේ මේ පැටව් එක්ක බෑනෙ කියලා..

    ReplyDelete
  4. කාමරයයි කෑල්ලහරි කමක් නැ , අපේ හින්දා වටිනවා , තන්තෝසයි

    ReplyDelete
  5. සතුටක් දකින්නට ලැබීම ! , ඒ දවස් වල ඔබෙ ලිපි කියවන්නෙ මම විතරක් නොවෙයි , මගේ පොඩිවුන් දෙන්නත් තරඟෙට. ඉජක් ලැබෙන වෙලාවක ලියන්න නැවතත්, අමතක කරන්න එපා “සිතක කල්පනා“ වන් !

    ReplyDelete
  6. කසාද බැන්ද අයට ඉතින් බ්ලොග් අමතක වෙනවනේ.

    හා හා හෙමීට මොනවහරි ලියමු ඉතින්.

    ReplyDelete
  7. ඔය ඇවිල්ල ඉන්නෙ.
    එක කාමරයක් හදාගත්තත් ඒක තමංගෙ නිසා වටිනව මල්ලි.
    ගෙයි වැඩේ ඉක්මනින්ම සම්පූර්ණ කරගන්න හැකිවේවා.
    හැකි විටෙක මොනව හරි ලියන්න.

    ReplyDelete
  8. හම්මේ.. නිදහසට කරුණු පිලිගන්නවා.. හැබැයි අමතකම කරලා දාන්න එපා. ගේ හදන වැඩේට සුභ පැතුම්. බ්ලොග් එකත් හදගෙනම ගෙට ගෙවදිමු, ජය වේවා!

    ReplyDelete
  9. මම බ්ලොග් කියවන්න ආව මුල් කාලෙ ඉඳන්ම කියවන බ්ලොග් එකක්.. ගේ හදන වැඩේ ඉක්මනටම ඉවරයක් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ආයෙමත් ඉක්මනටම ලියන්න..

    ReplyDelete
  10. හප්පේ මෙයාව දැක්ක කල්... හා හා හෙමීට මොනවහරි ලියමු ඉතින්.

    ReplyDelete
  11. බිසි උනාට කමක් උඹ ඇවිදින තැනක විස්තරයක් දාහං අපිට සැනහෙන්න ඩිංගක් හරි..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.