29 December 2014

වීදුරුව බිමින් තියන්න

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය. සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

 “මේක කොච්චර විතර බර ඇද්ද?

 “ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

 “මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.” මහාචාර්යය වරයා නැවතත් විමසීය.

 “මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

 “හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?

 “ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.

 “ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.

 “ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.

 “අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

"හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද? "

නැහැ” සිසුන් පිළිතුරු දිනි.

 “එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?” සිසුන් ගොලුවිය.

එක් සිසුවෙක් හඬගා මෙසේ කීය. “වීදුරුව බිමින් තියන්න

 “හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.

"මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා. ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්.

 ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි. මතක තියාගන්න."

වීදුරුව බිමින් තියන්න

----------------------------------------------------------------------
ප.ලි. - කාලෙකට කලින් ඊ මේල් එකකින් ලැබුන කතාවක්. එලබෙන්නා වු නව වසරේ ප්‍රශ්න බාධක කරදර අඩු කරගෙන සතුටින් ගත කරන්න පුලුවන් නව වසරක් උදා කරගන්න මහන්සි වෙමු.

14 comments:

  1. හිතට ගත යුතු අදහසක්.. අලුත් අවුරුද්දේදීවත් උත්සාහ කරලා බලන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔවු අනිවාර්යෙන්ම උත්සහ කරලා බලන්න.

      Delete
  2. “එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?”
    Gravitational force eka neweida......?????????

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකත් බලපාන්න එපෑ. :)

      Delete
  3. වීදුරුව බිඳින්න..

    ReplyDelete
    Replies
    1. එතකොට බොන්නේ මොකේ ද ?

      Delete
  4. බිම තියන්නෙ මොන සෙද්දටද වතුර ටිකත් බීල දානව මිසක්...
    හුගක් අය කරන්නෙ ප්‍රශ්න පැත්ත කින් තියන එක තමා අන්තිමට ඒව ඩබල් ත්‍රිබල් වුණාම හූ කියට කිය අඩනව

    එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන
    සුභම සුභ නව වසරක් වේවා....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මල්ලිටත් සතුටින් පිරුණ සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

      Delete
  5. අපිනම් ඉතින් ගානකට වැදීගෙන එනකොට වීදුරුව බිමින් තියල බත් කටක් කාල බුදිය ගන්නවා.. ඕනෙම දෙයක් ඕනෙවට වැඩිය ඕනෙම නෑ කියනවනේ.. හැක් හැක්.. මොණරාගල ගියාද? වැස්සට අහු උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔි යෙස්..බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. මොණරාගල ගියා. උදේ ටිකක් පායලා තියෙනවා. ඊට පස්සේ හවස ආයෙම වහින්න ගන්නවා.

      Delete
    3. sanjeewa mendis :
      හ්ම්ම්... ගල් හොඳායි....

      Delete
  6. එල ද බ්‍රා උපදෙසක්
    සුභ නව වසරක්

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් මෙන්ඩිස් !

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.