24 December 2014

නිවාඩුවකට මොණරාගල යමි

අපේ මලයා පත්වීමක් අරගෙන මොණරාගල ගියායින් පස්සේ මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා මොණරාගල පැත්තේ කරක් ගහලා එන්න. ඔන්න ඒ ආසාව ඉශ්ට වෙන්ඩයි යන්නේ. මායි අපේ අප්පොච්චායි මේ නත්තල් නිවාඩුවට මොණරාගල ගිහින් එන්ඩ යන්නේ.

මම සතියක් තිස්සේ ප්ලෑන් කලා මොණරාගල බලන්ඩ ඕන තැන් ටිකක්.

පළවෙනි දවසේ
මොණරාගලින් බුත්තලට ඇවිදින් මාලිගාවිල බුදු පිළිමය වැදපුදාගෙන එහෙම්ම දෙමටමල් විහාරෙත් බලාකියාගෙන එන්ඩ හිතන් ඉන්නවා.

දෙවෙනි දවසේ
මොණරාගල ඉස්පිරිතාලේ ගාව ඉදලා බස් එහෙකින් මයුරගිරි ආරණ්‍ය සේනාසනය වැඳපුදාගෙන මයුරගිරි කන්ද නගින්ඩ.  :)

තුන්වෙනි දවසේ
බුත්තල යුදගනා විහාරය වැඳපුදාගෙන එන්නයි එහෙම්මම රහතන්කන්ද ආරණ්‍ය සේනාසනය වැදපුදා ගන්නයි. :)

හතරවෙනි දවසේ
දියළුම ඇල්ල බලාකියාගෙන එන්න කියලා හිතාගෙන ඉන්නවා. මේක නම් ෂුවර් කරන්නෙම නෑ.මොකද කාළගුණය අයහපත් නෙව.

ඔය සෙට් එකෙන් කීපයක් හරි බලාගෙන එන්ඩ හිතාගෙන ඉන්නේ.  ආයේ ඉතිං කාලෙකට මොණරාගල යනවා කියලා ඈ.පාරේ බස් වල යන නිසා වෙලාව ඉතුරු කරගන්ඩත් ඕන.

එහෙනං හැමෝටම සතුටින් පිරුණ නත්තල් නිවාඩුවක් !

22 comments:

  1. මාලිගාවිල, දෙමටමල්, යුධගනා ඔය තුනටනං මාත් ගිහිල්ල තියෙනව. සුබ ගමං එහෙනං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඈ.. ගිහින් ඇවිත් විස්තරේ කියන්නම්..

      Delete
  2. සුබ ගමන් , එනකොට ෆොටෝ ටිකක් අරගෙන එන්ටකෝ ....

    ReplyDelete
  3. නිවාඩු කියලා ඇහෙද්දිත් ඉරිසියයි.. කමක් නෑ ඉතින් සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ.. ? නදිනිට නිවාඩු නැද්දෝ ?

      Delete
  4. අහා.. ගිහින් එමු හෙනම්.. මේ දවස් වල ටිකක් වැස්ස නිසා ඒකට සුදානම් වෙලා යන එක හොඳයි.. ෆොටෝ ටිකකුත් අරගෙනම එමු එහෙනම්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඒකට කලින්ම ලෑස්ති පිට ආවේ.
      නැත්තං ඉතින් නාගෙන යන්ඩ වෙන්නේ.

      Delete
  5. සුබ නිවාඩු කාලයක්...!!!

    ReplyDelete
  6. ඔබටත් සුබ නත්තලක්. ඒ වගේම කරන්න යන සංචාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් පතනවා.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට ස්තූතියි.

      Delete
  7. මතක් වෙනවා ලංකාව එමටම

    ReplyDelete
    Replies
    1. නිවාඩු කාලෙක ආවා නම් හරි !

      Delete
  8. මාලිගාවිල සහ දෙමටමල් විහාරයට අන්තිමට ගියේ 2011 දී. ඊට කලින් ගිහින් තිබුනේ 1986-87 කාලවල. ගිහින් බලල එන්න වටින් තැන්. මාලිගාවිලට පැය 3-4 ක් ගෙවන්න බලාගෙන යන්න. සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. අපිත් ඔය සෙට් එකටම ගිහින් ආවා.

      Delete
  9. නිවාඩුවේ විස්තර ඇවිත් කියන්නකෝ.. සුබ ගමන් !

    ReplyDelete
  10. This may be very useful if you left leaving peace for me.useless trip.

    ReplyDelete
    Replies
    1. මොකද්ද මම ඔයාට කරපු විනාසේ ? ඔයාටත් අපිත්තෙක්ක එන්ඩ තිබුනා නෙහ්... ට්‍රිප් එක නම් පට්ට ඈ.. මාර විදිහට එන්ජෝයි කලා.

      Delete
  11. I cried all day when you enjoyed the trip, for not having you by my side for the first Christmas night

    ReplyDelete
  12. උඹේ ලිස්ට් එකෙන් මාළිගාවිල බුදු පිළිමයයි...දෙමටමල් විහාරයයි මම ගිය තැන්..අනෙක් ස්ථාන වලට තවම ගොහින් නෑ....ඒ නිසා අපේ යහපත උදෙසා හැකි තරම් ඡායාරූප රැගෙන ඒම තමයි ඔබේ යුතුකම....සුභ ගමන්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.