20 December 2014

ජංගල්, හින්දි ද ? ඉංග්‍රීසි ද ?

දවසක් අපේ කන්තෝරුවේ මගෙත්තෙක්ක එකට වැඩ කරන එකෙක්,

"උබලා දන්නවද.. ජංගල් කියන්නේ හින්දි වචනයක් කියලා" කිව්වා.

ඒකා එහෙම කිව්වට අපි හැමෝම වාගේ ඒ කතාව එකසැරේටම පිළිගන්න කමති උනේ නෑ. ඒකට හේතුව අපි පොඩි කාලේ ඉදලම අහලා තියෙන්නේ ජංහල් කියන්නේ ඉංග්‍රීසි වචනයක් ය කියලා.

J - u - n - g - l - e (ජංගල්)

"පිස්සුද බං ඒක ඉංග්‍රීසි වචනයක් !" තවේකෙක් කිව්වා.

"නෑ ඒක හින්දි වචනයක්. හින්දි භාෂාවේ කැලෑවට කියන්නේ ජංගල් කියලා. මම ඉස්සර හින්දි චිත්‍රපටිවලත් කැලෑවට ජංගල් කියලා කියනවා අහලා තියෙනවා." අරූත් ගේම අතෑරියේ නෑ. දිගටම පැහැදිලි කලා.


ජංගල් කියන වචනයේ සම්භවය හොයාගෙන යනකොට ඒ වචනය ඇවිත් තියෙන්නේ සංස්කෘත භාෂාවේ එන ජංගාලා කියන වචනයෙන් බිඳිලා ආපු එකක් ය කියලා.

මේ සම්භවය ගැන කතා වෙනකොට අපේ තව එකෙක් කිව්වේ,

"සුද්දා එංගලන්තේ ඉදලා ඉන්දියාවට එනකන්ම කැලෑ හම්බ වෙලා නෑ. එක්කෝ කැලෑ හම්බ වෙලා තිබුනට කැලෑවට කියන වචනයක් හම්බ වෙලා නෑ.." කියලා.

(කැලෑවට ෆොරෙස්ට් කියලා කිව්වත් ඒකත් ඉංග්‍රීසියට ආගන්තුක වචනයක්. ඒ වචනේ ඇවිත් තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. )

ටිකක් නැවතිල්ලේ හිතනකොට ප්‍රංශ භාෂාවයි හින්දියයි නැති උනා නං සුද්දට කැලෑවට කියන්ඩ වචනයක් නැති වෙනවා නෙව. :)

එහෙම බලනකොට ගියහම දියුණු සංස්කෘතියක් තියෙන පෙරදිග රටවල් අල්ලගෙන තියෙන්නේ කතා කරන්න හරියට භාෂාවක්වත් නැති බටහිර ජාතියක් නෙහ්. :)

20 comments:

  1. අම්මට සිරි දැන් තමයි ඒහෙම දෙයක් දැනගත්තේ........... ඉක්මනට ගිහිං විකිය බැලුවා

    //The word jungle originates from the Sanskrit word jangala (Sanskrit: जंगल), meaning uncultivated land. Although the Sanskrit word refers to dry land, it has been suggested that an Anglo-Indian interpretation led to its connotation as a dense "tangled thicket"[1] // කියලා කියලා තියෙනවා නොවැ...............

    ReplyDelete
  2. ජුංග්ලේ

    ReplyDelete
  3. උඹ පොඩ්ඩක් හොයලා බලහං ඇණකොන්ඩා කියන වචනෙ කොහෙන් ආපු එකක්ද කියලා...උඹට හොයාගන්න ලැබෙන උත්තරය උඹ පුදුමයට පත් කරාවි.

    ReplyDelete
    Replies
    1. මට එක හම්බ උනේනෑ.. කොහෙන් ආපු වචනයක් ද ?

      Delete
    2. කල්‍යාණ මිත්‍ර නිවැරදියි...ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව හෙණකදයා කියන පුරාණ සිංහල වචනයෙන් බිඳී ආ වචනයක් ලෙසයි එය දක්වා තිබෙන්නේ....

      Delete
    3. ඈත අතීතයේ ලංකාවෙත් ඉදලා තියෙනවා ඇණකොන්ඩා සයිස් උරගයො..උන්ට දේශීයව හඳුන්වලා තියෙන්නෙ හෙණ කඳයා කියලයි.

      Delete
    4. හෑ.. මම අදනේ ඔය වචනේ දන්නේ

      Delete
  4. සිංහල වචන නම් තියනවා ගොඩාක් හින්දි වචන වලට සමාන... සුද්දත් හින්දි කොපි කරා කියලා හරියට දැනගත්තොත් ඉන්දියන් උන්ට තටු එයි..

    ReplyDelete
  5. ජංගල් වහල අඳින ජංගි නම් තනිකර සුද්ද සිංහල වචනයක් හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ. ඒ උනාට "හිංගියේ ජලක්" කියන්නේ නම් හින්දි චිත්‍රපටියක් ! :)

      Delete
  6. හින්දි භාෂාවටත් වෙනත් භාෂාවල බලපෑම් තියනවා. ඒ ගැන මෙන්න මෙතනින් දැනගන්න පුළුවන්.

    http://www.britannica.com/EBchecked/topic/266241/Hindi-language

    ජංගල් ජන වචනය හින්දි භාෂාවේ යෙදෙන හැටි මෙතනින් බලන්න පුළුවන්.

    http://www.shabdkosh.com/translate/jungle/jungle-meaning-in-Hindi-English

    ජංගල් යන වචනය සහිත හින්දි චිත්‍රපටි පසුබිම් ගීතයක් මෙතනින් බලන්න පුළුවන්.

    https://www.youtube.com/watch?v=XEW-_ycA0hI

    නමුත් ඒ ගීතයේදී ජංගල් කියන්නේ කැලයටම නොවන බව මෙන්න මෙතන Mayank Mujumdar, Indian. විසින් දක්වා ඇති අර්ථ කතනයෙන් පෙනෙනවා.

    http://www.quora.com/What-is-your-favorite-Hindi-saying#

    ReplyDelete
    Replies
    1. මම මේ ටික බලන්නම්. ස්තූතියි තොරතුරු වලට.

      Delete
  7. ජීවමය භාෂා කියන්නේ ඕවට තමා.අනිත් භාෂාවලින් උනත් වචන එකතු කර ගන්නවා.සිංහලවලට කොච්චර නං දෙමළ, මැලේ, ඉංග්‍රීසි, පෘතුගීසි, පාලි, සංස්කෘත වචන එකතු වෙලා තියෙනවද

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ කතාව ඇත්ත. භාෂාවක් කියන්නේ වැඩෙන ගහක්

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.