12 December 2014

ගූගල් සිංහල-ඉංග්‍රීසි පරිවර්තන සේවය

වෙනදා අපි එක එක භාෂාවෙන් තියෙන දේවල් ඉංග්‍රීසියට හරවලා ඒවායේ තේරුම දැන ගත්තා. ඔන්න අද ඉදන් අපිට ඉංග්‍රීසියෙන් තියෙන දේවල් සිංහලෙනුත් සිංහලෙන් තියෙන දෙයක් ඉංග්‍රීයෙනුත් දැනගන්න දේවල් උදාවෙලා තියෙනවා.

මේ සේවය තාම පරීක්ෂණත්මක තත්වයේ තියෙන්නේ. මේක තව තවත් වැඩිදියුණු වෙන්න ඕන. ඉදිරියේදි තවත් දියුණු වෙලා ඒවි. මේ සේවය ගැන කෙටි සටහනක් තියන්න ඕන කියලා හිතුන නිසයි මේ සටහන තියන්නේ. මොකද මේක සිංහල කියවන ලියන අපේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම මේ සේවය වෙනුවෙන් කැපවීම් කරපු අයට ගොඩක් ස්තූතිවන්ත වෙන්ඩ ඕන.


ගූගල් සිංහල ඉංග්‍රීසි සේවයට මෙතනින් පිවිසෙන්න.

ඒ වගේම තමා ගූගල් සමාගමෙන් ගූගල් සිතියම් වලට අදාල street view පින්තූර ගැනීම පටන් අරන් තියෙන්නේ.

මේක ගැන දැනගත්තහම මට හිතුනේ ගූගල් ස්ට්‍රීට් විව් ෆොටෝ ගැනිල්ල ටික කාලයක් ප්‍රමාද කලා නම් හරි කියලා. නැත්තං ඉතින් කාගෙද මන්දා කටවුට් ගොඩක් ගූගල් ස්ට්‍රීට් විවු ෆොටෝ වලට වැටෙයි.. !!!

මේ ඒක ගැන මූනුපොතේ මම දැක්ක පින්තූරයක්.. :)
(පින්තූරේ පැහැදිලි නැත්නම් ඒ උඩ කොටන්න)

16 comments:

  1. හ්ම්..හ්ම්... මාත් උත්සාහ කලා. නොසෑහෙන්න වටිනව ඒකනම්.

    ReplyDelete
  2. A good initiative. but like many other languages, this too have many limitations. for example let's see what it says you if you translate this.
    හොඳ වැඩසටහන. නමුත් වෙනත් බොහෝ භාෂා වල මෙන්, මෙම බොහෝ සීමාවන් තිබෙනවා. උදාහරණයක් ලෙස ඔහුගේ මෙම පරිවර්තනය නම්, එය ඔබ කියන දේ බලන්න දෙන්න :D

    ReplyDelete
    Replies
    1. තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ.

      Delete
  3. ඕක සාර්ථක වුනොත් සිංහල බ්ලොග් වල කිසිම ප්‍රශ්නයක් නැතුව Adsense දාන්න පුළුවන් වෙයි. එතකොට host account හදන්න එක එකාට සල්ලි පුදන්න ඕනි නැනේ...

    DJ Niraj from FreewareHut.blogspot.com

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නං වටින වැඩක් වෙයි.

      Delete
  4. හ්ම් ... මමත් අද උදේ ඔය නිව්ස් එක සයිට් එකක තියෙනව දැකල ගිහින් උත්සාහ කරල බැලුව මධුරංග, නිකමට විකියෙ තියෙන ජේද ටිකක් කොපි පේස්ට් කරල. ඔය කල්‍යාණ මිත්‍ර තෙමේට උනු දේම තමයි උනේ. :) තනි තනි වචන වගේ නෙවි, තව දුරටත් දියුණුකළයුතු මට්ටමේ තියෙන්නෙ. ඒත් ආරම්භයක් විදියට සෑහෙන්න හොඳයි. ඒ වෙනුවෙන් වෙහෙසවූ සියලු දෙනාටම අපි ස්තූතිකරන්න ඕන.

    ReplyDelete
  5. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවයක් සම්බන්ධ පුවතක් මීට පාදක විය.
    Sex is an area of taboo where the decision making power is largely centralized around the domineering male gender, with women limited
    to their consent and little other choice in the matter

    එහි පරිවර්ථනය


    ලිංගික බලය කරමින් එම තීරණය බොහෝ දුරට සම්බන්ධයෙන් ඔවුන්ගේ කැමැත්තෙන් හා කුඩා අනෙකුත් තේරීම සීමා කාන්තාවන් සමග, යටහත්කම පිරිමි ස්ත්රී පුරුෂ භාවය වටා කේන්ද්ර එහිදී තහංචියක් ක ප්රදේශයක්

    බලන්න අර්ථය විකෘති වී ඇති සැටි.එහි නියම අර්ථය
    තීරණැ ගනීමේ බලය පාලක පුරුෂ ලිංගිකත්වය මත තීරණැය වී ඇති සහ ස්ත්‍රියගේ කැමැත්ත සීමාකරනු ලැබ තෝරාගැනීම් ඉතා සුළුවෙන් ඇති පසුබිමක ලිංගිකත්වය තහනම් මාතෘකාවකි

    See distorted the meaning of meaning සැටි.එහි

    Been critical of the ruling power of the male sex, the rivers and the woman decided to limit the choices will have very little background prohibited sexual topics

    එය ආපසු ගූගල් දමූ විට මෙසේ පරිවර්තනය වේ.

    මේ ශ්‍රේෂ්ඨ ව්‍යායාමය සුළුකොට එම මාවතේ පුංචි වලවල් පෙන්වා දීමේ පහත් උත්සාහයක් නොවේ.මා අසන්නේ මේ සුළු දුබලකම් මඟහරවාගන්නේ කෙසේද කියායි

    ReplyDelete
    Replies
    1. ඒක හරි ඇනෝ. අඩුපාඩුකම් හැදිලා ඉදිරියේදි දියුණු වෙලා එයි කියලා අපි බලාපොරොත්තු සහගතව ඉම්මු.

      Delete
  6. හොඳ ආරම්භයක්....
    සිංහලෙන් කොටලා ඉංග්‍රීසි වලට හරවද්දී බොහෝ දුරට සාර්ථක බවක් පෙන්නනවා...
    නමුත් සිංහලෙන් කොටන එක නිවැරදිව කොටන්න ඕනේ...
    ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කිරීමනම් සාර්ථක නැහැ...

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒකත් ඉදිරියේදි දියුණු වේවි,

      Delete
  7. තාමත් ලංකාවෙ බොහෝ පුද්ගලයින්ගෙ පරිගණක භාවිතය යහපත් මට්ටමක නැති හින්ද ඔය පරිවර්ථන වැඩේ නිවැරදි වෙන්න තව කාලයක් යයි.

    ReplyDelete
  8. ඉස්තූතියි තොරතුරට..................

    ReplyDelete
  9. පරිවර්තකය ගොඩක් වටිනවා...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.