11 December 2014

බ්ලොග් අඩවියේ සීමාවන්

අපි කාලාන්තරයක් තිස්සේ බ්ලොග් ලිව්වට බ්ලොග් වල සීමාවන් දැනගෙන ඉදලා නෑ නෙව. මට අද බ්ලොග් වල සීමාවන් තියෙන ලිපියක් කියවන්න හම්බ උනා. ඒ ලිපියේ තිබ්බ බ්ලොග් සීමාවන් ටික මම පහලින් ලියලා දැම්මා.

බ්ලොග් අඩවි ප්‍රමාණය
එක ජීමේල් ගිණුමකට උපරිම බ්ලොග් අඩවි 100ක් පවත්වාගෙන යා හැකිය.

පෝස්ට්(ලිපි) ගණන
බ්ලොග් අඩවියක ඕනෑම ලිපි ගණනක් ලියන්න පුලුවන්. සීමාවක් නෑ. ඒ වගේම එක ලිපියකට අකුරු ගණනෙත් සීමාවක් නෑ.

පිටු ගණන
මෙගා බයිට් 1ක් දක්වා බ්ලොග් අඩවියේ පිටු ගණනක් සකස් කරන්න පුලුවන්.

කමෙන්ට් ගණන
එක බ්ලොග් ලිපියකට කැමති තරම් කමෙන්ට් එකතු කරන්න පුලුවන්. කමෙන්ට් ගණනේ සීමාවක් නෑ. කමෙන්ට් එකක තිබිය හැකි උපරිම අකුරු ප්‍රමාණය 4096ක් විය යුතු ය.

පින්තූරයක ප්‍රමාණය
බ්ලොග් ලිපියකට එකතු කල හැකි පින්තූරයක උපරිම ප්‍රමාණය 8MB වේ. පින්තූරේ අප්ලෝඩ් කරන්නේ දුරකතනයකින් වගේ ජංගම උපාංගයකින් නම් අප්ලෝඩ් කල හැකි උපරිම පින්තූරය්ක ප්‍රමාණය 250KB විය යුතු ය.

පින්තුර ගණන
පින්තූර අප්ලෝඩ් කිරීමට ගිගාබයිට් 1ක් දක්වා ධාරිතාවයක් ලැබෙනවා. මේ ධාරිතාවය ලැබෙන්නේ ඔබේ පිකාසා වෙබ් ඇල්බමයෙන්.

සාමාජිකයන් ගණන
එක බ්ලොග් අඩවියකට කතුවරු (සාමාජිකයින්) 100ක උපරිමයක් දක්වා සිටිය හැකිය.

ලේබල් ගණන
එක බ්ලොග් අඩවියකට 5000ක් දක්වා ලේබල් ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම එක ලිපියකට පාවිච්චි කල හැකි උපරිම ලේබල් ප්‍රමාණය 20කි.

ඔන්න ඔය විදිහට තමයි බ්ලොග් අඩවි පවත්වාගෙන යාමේ සීමාවන් ටික. මේ සීමාවන් වලට යටත්ව බ්ලොග් අඩවිය තමන්ට රිසි සේ පවත්වාගෙන යා හැකිය.

22 comments:

  1. මගෙ අම්මේ ඔය මදැයි.

    ReplyDelete
  2. අනේ ඉතිං අපිටනං ඔය සීමාවන් අදාල නෑ. :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔවු. කොංක්‍රීට් බ්ලොග් අයිතිකාරයෙක් නෙව. !

      Delete
  3. \\කමෙන්ට් එකක තිබිය හැකි උපරිම අකුරු ප්‍රමාණය 4096ක් විය යුතු ය.\\ මේක හොඳටම ශුවර්ද? අකුරුද නැත්නම් වචනද? මොකද මං දැකල තියෙනව අපේ රවි අයියා එහෙම හෙම පතරංග උත්තර ලියලා තියෙනවා.. ඒවා වෙනම පස්සේ පෝස්ට් විදියටත් දානවා මට හිතෙන හැටියට ඒවයේ නම් වචනත් හාර පන්දාහකට කිට්ටුවෙන්න ඇති..

    තව එකක්.. එක බ්ලොග් එකක රෝලකට දා ගන්න පුළුවන් බ්ලොග් ගනනත් උපරිම තුන් සීයක් කියල කවුද දාල තියෙනව මට මතකයි..

    ඔහේට කියන්න මට නම් ඔය ගනන් ඉහටත් උඩින්.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අකුරු අකුරු... අකුරු 4096ක්.. !
      ඔවු එක බ්ලොග් රෝලක 300ක් නම් දාගන්න පුලුවන් තමා.


      ඔය කිව්වට මටත් ඔය ගාන ඉහටත් උඩින්. මට බ්ලොග් ලිපි ලිවීමේ සීමාවක් නෑ කියලා කියන එකම ඇති. :)

      Delete
    2. තියෙන්න පුලුවන් උපරිම අකුරු ගාන 4096ක්. ඊට වඩා කමෙන්ට් එක දිග වැඩි නම් Your HTML cannot be accepted: Must be at most 4,096 characters කියලා එරර් මැසේජ් එකක් එනවා. කමෙන්ට් එක පෝස්ට් කරන්න බැහැ.

      Delete
    3. ඔවු. ඒක හරි. ගොඩක් ලොකු කමෙන්ට් එකක් දාන්ඩ බෑ..

      Delete
  4. අනේ ඉතිං අපිටනං ඔය සීමාවන් අදාල නෑ. :D x 2

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ.. ඔය ලියන ලිවිල්ලට සීමාව පැන්නොත්... ?

      Delete
  5. හොඳටම ඇති මල්ලි මටත් නම්.........

    ReplyDelete
    Replies
    1. මටත් මේ වැඩිත් එක්ක..

      Delete
  6. අඩේ කමෙන්ට් වලට අකුරු සීමාවක් තියෙනව කියල දැනගත්තෙ දැන් නොවෑ. එක බ්ලොග් රෝලක තියෙන්නෙ පුලුවන් බ්ලොග් අඩවි ගාන එහෙම තිබුනෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ගැන හොයලා බලන්නම්. මට ඒක නං හම්බ උනේ නෑ.

      Delete
  7. Mama danne mechcharai Matath Kamakne,

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කියවන්නයි කමෙන්ට් කරන්නයි මේ සීමාවන් අදාල නෑ.

      Delete
  8. මේ විස්තර අදම තමයි බොලං ඇහුවෙ...

    ReplyDelete
    Replies
    1. මටත් ඊයේ (11) කියවන්න හම්බ උනේ.

      Delete
  9. එල ද බ්‍රා
    ඔික ඇතුලේ කියන්න ඔනේ හැම දෙයක්ම තියනවා

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඒ හැමදේම තියෙනවා.

      Delete
  10. හැබෑටම මේවා දැනගෙන හිටියේ නෑ නේ.. :O

    ReplyDelete
    Replies
    1. මාත් මේ ලඟදි දැන ගත්තේ.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.