10 December 2014

කෝපි සහ කෝප්පය

එක්තරා විශ්ව විද්‍යාලයක ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් පැවැත්වුනා ලු. තේරෙන විදිහට කියනවා නං ගෙට් ටුගෙදර් එකක් තිබ්බා ලු. මේ ගෙට්ටුවට එක එක බැච් වලින් අවුට් වෙච්ච අය වගේම සරසවියේ ඉන්න මහාචාර්යවරුත් ආවාලු.

මේ කට්ටිය එක එක දේවල් ගැන කතා කර කර හිටියාලු. පස්සේ පස්සේ මේ අයගේ කතා කලේ තම තමන්ගේ ජොබ් වල තියෙන ස්ට්‍රෙස් එක ගැනයි තමන්ට ජොබ් එකේ පැවරිලා තියෙන වැඩ ගැනයි ලූ.

මේ කතාව අහගෙන උන්නු මහාචාර්යවරයෙක් කුස්සියට ගිහින් ලොකු කෝපි ජෝග්ගුවකුයි විවිධ විවිධ කෝප්ප ගොඩකුයි ගෙනාවාලු. මේ කෝප්ප වලින් සමහරක් පෝසිලේන් කෝප්පලු. සමහරක් වීදුරු කෝප්පලු. සමහර ඒවා ප්ලාස්ටික් කෝප්පලු.

මේ මහාචාර්යවරයා කට්ටිය ඉස්සරහා මේසයක් තියලා කෝප්ප ටික ඒ මේසේ උඩ තිබ්බාලු. ඊට පස්සේ ඒ කෝප්ප වලට කෝපි වත්කලා ලූ.
කෝපි වත්කලාට පස්සේ කට්ටියට ආරාධනා කලාලු එක්කෙනා එක කෝපි කෝප්පය ගානේ ගන්ඩ කියලා.හැමෝම වටිනාකම වැඩිම කෝප්පය තෝර ගන්ඩ උනන්දු උනාලු. ටික වෙලාවකට පස්සේ වටිනාකම වැඩි කෝප්ප ටික අරගෙන අඩු වටිනාකමක් තිබ්බ කෝපි කෝප්ප මේසය උඩ ඉතුරු උනාලු.

මහාචාර්යවරයා කතා කරලා,

"මෙතන ඉන්න කට්ටිය හැමෝම උත්සහා කලේ වටිනාකම වැඩි කෝප්ප වල තිබ්බ කෝපි ගන්න.නමුත් කවුරුවත් උත්සහ කලේ නෑ වටිනාකම අඩු කෝප්පයක කෝපි බොන්න. මෙන්න මේක තමයි ඔබේ රස්සාවේ තියෙන ආතතියට හේතුව !"


මහාචාර්යවරයා තව දුරටත් කතා කරලා,

"කෝපි දාලා තියෙන කෝප්පයෙන් කෝපි වල රසයට කිසිම වෙනසක් ඇති වෙන්නේ නෑ."

"අපි හැමෝටම ඇත්තටම ඕනේ කරන්නේ කෝපි බොන්න මිසක් කෝප්පයේ හැඩ බලන්න නෙමේ.නමුත් ඔබට නොදැනිම ඔබේ ඇස් වටිනාම කෝප්පය තෝරන්න ගත්තා. ඒ වගේම එක එක අය අරගෙන තියෙන කෝප්ප දිහා බලන්න ගත්තා. ඒ අයගේ කෝප්පයයි ඔබ අරගෙන තියෙන කෝප්පයේ වටිනාකමයි සංසන්දනය කරන්න ගත්තා."

ජිවිතය කියන කෝපි කෝප්පයේ තත්වය, රැකියාව, මුදල් කියන්නේ කෝපි ටික දාලා තියෙන කෝප්පයට මිසක් ඔබට බීමට ඇති කෝපි වලට නොවේ. ඒවයින් කෙරෙන්නේ ජීවිතයේ රදා පැවැත්ම උදව් කරන එක විතරයි. ඔබ පාවිච්චි කරන කෝප්පයේ වර්ගය අනුව ඔබේ ජීවිතයේ ගුණාත්මකබව වෙනස් වෙන්නේ නෑ.

කෝප්පයේ වර්ගයට ගැන පමණක්ම හිතලා කෝපි රස විඳින එක අමතක කරන්න එපා.

ඔබට ලැබී ඇත්තේ කෝපි මිසක් කෝප්පයක් නොවේ.. කෝප්පය නොව කෝපි රස විඳින්න... !

සාර්ථක මිනිසුන්ට හොඳම දේවල්ම පමණක් ලැබී නොමැත. ඔවුන් ලැබී තිබෙන දේවල් හොඳම දේ බවට පත්කර ගනී..
සරලව ජීවත් වන්න.

----------------------------------------------------------------
ප.ලි. - අන්තර්ජාලයේ තිබිලා කියවන්න ලැබුන කතාවක් සිංහලයට පරිවර්තනය කලා.මේක කලින් කියවපු අයත් ඇති.
මූලාශ්‍රය -  God's Coffee

14 comments:

  1. ඉතාම හොඳ ජීවනාවබෝධයක් මචෝ.. ස්තූතියි කියවන්න සැලැස්සුවාට.

    අපි අපේ ජීවිත වලින් වෙඩි හරියක් කැපකරන්න් අපේ සතුටකට නෙවෙයි බං, අනුන්ව සතුටු කරන්න. අනුන්ව සතුටු කරනගමන් සමාජය තුල අපේ ප්‍රතිරූපය නඩත්තු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපට ඕන දේ නෙමෙයි. අනිත් අයට වඩා කැපී පෙනෙන්න ඕන දේවල්.

      Delete
  2. එකගයි..මම මගේ රස්සාව කරන්නේ මාර කැමත්තකින්

    ReplyDelete
    Replies
    1. මාත් මගේ රස්සාව කරන්නේ හිතේ කැමැත්තකින්. වෙලාවකට වැඩ වැඩි උනත් ඒ ටික ආසාවෙන් කරනවා.

      Delete
  3. මම නම් රස විඳින්නේ කෝපි...:D

    ReplyDelete
  4. කෝපි වලට වඩා කෝප්ප හොයන යුගයක්නෙ මේක.

    ReplyDelete
  5. කලින් කියවලා තිබ්බ කතාවක් උනත් මේ වගේ අදහස් නැවත නැවත සමාජ ගත විය යුතුයි.. හරියට බණ නැවත නැවත කියනවා වගේ.. ඔබේ උත්සාහය අගේ කරනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කලින් කියවලා තියෙනවා උනත් මේ ලිපිය කියවලා සටහනක් තැබුවාට ස්තූතියි

      Delete
  6. මහාචාර්ව වරුත් එහෙමනං ඉතිං.....

    ReplyDelete
    Replies
    1. අපි ගැන කවර කතාද නෙහ්.. :)

      Delete
  7. මේක ඔහේලා අපි ඉගෙන ගත්තු තැන විද්‍යාර්ථීන් ගේ සංගමයේ රැස්වීමක් නං වෙන්න බෑ. එතැන විහිළුවටවත් කෝපි නං බොන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ වගේ තැනක් නං වෙන්නම බෑ.. රත්වෙන ජාති බිව්වට කෝපි නම් බොන්නෙම නෑ.. :)

      ශා... කකා ආයෙම ඇවිල්ලා. වෙනසකුත් එක්ක.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.