03 December 2014

ආච්චිගේ මරණය හා අමුතු චාරිත්‍ර

මට මේ සතිය උදා උනේ කණගාටුදායක ආරංචියක් අහන්න ලැබීමත් එක්ක. මට වඩා මේ ආරංචියට දුක් උනේ අපේ නෝන. ඒ අපේ නෝනාව පොඩි කාලේ බලාකියා ගත්තු ආච්චි අම්මා අන්ත්‍රා වීමේ කනගාටුදායක ආරංචිය නිසා.

මේ ආරංචිය ඇහුවට පස්සේ මායි අපේ එක්කෙනායි එයාලගේ ගෙදර ගියා ආච්චි අම්මගේ අවමංගල්ලෙට සහභාගි වෙන්ඩ. ඒ ගිහිං අපි දෙන්නා ඒ කටයුතු වලට උදව් උනා. කාලයක් තිස්සේ ලෙඩ වෙලා හිටපු එක තමා මරණෙට හේතු වෙලා තිබුනේ.

ගමේ අය අසල්වැසියෝ ඒ වගේම නෑදෑ හිත්‍රමිත්‍රාදීන් අවමංගල්ලෙට සහභාගි වෙලා ගියා. ඔහොම ආපු ගියපු අය අතරේ එක්කෙනෙක් මිනිය දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා පෙට්ටියට වඩා මිනිය ගොඩක් කොටයි. ඒ නිසා කකුල් තියෙන හරියට බිත්තර දෙකක් තියන්ඩ කියලා කිව්වා.
ඒ මනුස්සයා කියපු දේ හරි. ආච්චි අම්මා ගොඩක් මිටි නිසා කකුල් තියෙන හරියේ පෙට්ටියේ අඟල් හය හතක් ඉඩ තියෙනවා. ඒත් මට තිබ්බ ප්‍රශ්නේ තමා ඇයි එහෙම බිත්තර දෙකක් තියන්ඩ කිව්වේ කියලා.

ඉස්සර මම කැම්පස් ඉන්න දවස්වල එක එක පලාත් වල තිබ්බ අවමංගල චාරිත්‍ර ගැන ලිපියක් ලිව්වා. ඒ වගේ මේ පැත්තේ අයගේ චාරිත්‍රයක් ද දන්නේ නෑ කියලා හිතුවා.

දන්න කෙනෙක් ඉන්නවා නං ඒකට හේතුව පහදලා දෙන්න.

ඔය වාගේ තව චාරිත්‍රයක් එහේ කෙරුනා. ඒ තමා මිනිය ගෙදරින් පිට කලාට පස්සේ තෙල් වළඳක් ලිපේ තියලා කරවල කෑල්ලක් බදින්ඩ දැම්මා. පස්සේ ඒ කරවල තෙල් දාලා ඒ ටික මල බතට තිබ්බා.මේකත් මට අහන්න දකින්න ලැබුනු චාරිත්‍ර වලින් ටිකක් විතර අමුතු චාරිත්‍රයක්. ඒකට හේතුවත් මොකද්ද කියලා දන්නේ නෑ.

මේ ජාතියේ නානාප්‍රකාර චාරිත්‍ර අපි අතරේ ඇති. ඒ වගේ ඒවා දන්නවනම් පහලින් කමෙන්ට් කරලා යන්ඩත් අමතක කරන්ඩ එපා.

අවසාන වචයෙන් කියන්ඩ තියෙන්නේ ආච්චි අම්මාට නිවන් සුව අත්වේවා ! කියලා.

25 comments:

  1. ඒ අත්තම්මට සුබ ගමන් පතනවා අපිත්.

    ඒත් අර කිව්ව චාරිත්‍රෙට හේතුවනම් හිතාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මටත් හේතුව හිතාගන්ඩ අමාරුයි.

      Delete
  2. මරණයක් වුඅන්ත් ට්ට්‍රැෆික් වැඩිකරගන්න භාවිතය කුජිතයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු. එහෙම කරනවා නං ඒක කැතයි. ඒත් මම නම් එහෙම කරන්නේ නෑ. මම මගේ කම්මැලිකමට ලියන්නේ. හිට්ස් බලාගෙන ලියන්නේ නෑ.

      Delete
  3. මේකට සමානම දෙයක් සිද්ධවෙලා තියනවා අපේ සීයගේ කුඩම්මා නැති වුන වෙලාවේ.. ඒ ආච්චි නැති වෙද්දි මම 3 වසරේ වගේ ඒත් ඔය බිත්තර සිද්ධිය මතකයි.. ඒ ආච්චිගේ මිනී පෙටිටිය අගල් ගානක් දිගයිලු... ගමේ පන්සලේ හිටපු ලොකු හාමුදුරුවෝ කියල බිත්තරයක් පෙට්ටියට දාලා වහන්න කියලා.. පස්සේ තමයි හේතුව දන්නේ... හේතුව තමයි සාමාන්යෙන් මිනීපෙට්ටියක් මිනියට වඩා ලොකුවට ගන්නේ නෑලු. එහෙම ගත්තොත් ඒ ඉඩට ගෙදරින් ප්‍රාණයක් ගෙනියනවා කියලා විශ්වසයක් තියනවාලු. බිත්තර කියන්නේත් ප්‍රාණයක් නිසා ඒක කැපිල යනවා කියලයි කියන්නේ... ඒත් ඊට අවුරුද්දකට පස්සේ කිසිම අසනීපයක් නැතුව හිටපු සීයා නැති වුනා... ඇත්ත නැත්ත දන්නේ නෑ...

    ආච්චිට නිවන් සුව පතනවා...

    ReplyDelete
    Replies
    1. ෆාම් බිත්තරයක් තියන්න අැත්තෙ. ඒකයි සීයත් යන්න ගියේ. ගම් බිත්තරයක් තිබ්බ නං ගොඩ!

      Delete
    2. හේතුව කිව්වට බොහොම ස්තූතියි !

      Delete
  4. පරණ එකත් එක්කම කියෙව්වා.. මාත් ඔය හැම එකක්ම වගේ අත්දැකල තියෙනවා ඒත් අද තමයි විශේෂයක් විදියට දැක්කේ. මේ බොහෝ වෙනස්කම් තියෙන්නේ සිංහල මිනිස්සුන්ගේ මල ගෙවල් වල තමයි.. බොහොම තැනක තියෙන දෙයක් තමයි අඟහරුවාදා හා සිකුරාදා දවස් වල මිනිය ගෙදරට ගන්නෙත් නෑ ගෙයින් පිට කරන්නෙත් නෑ.. ලිපිය ඉතාමත් වටිනව අනිත් අයත් තමුන්ගේ අත්දැකීම් බෙදා ගන්නවනම් හොඳයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් ඔය අඟහරුවාදා, සිකුරාද කේස් එක මෙහේ තිබ්බත් දැන්නං බොහෝ දෙනෙක් ඒක එච්චර සලකන්නෙ නෑ.

      Delete
    2. දැන් නම් ඔය අඟහරුවාදා සිකුරාදා සීන් එක නෑ වගේ. මේ ආච්චිගේ මිනිය වල දැම්මෙත් අඟහරුවාදා දවසක

      Delete
  5. ඇයට නිවන් සුව පතමි....

    ReplyDelete
  6. අච්චි අම්මාට නිවන් සුව!
    චාරිත්‍ර ගැන නං දන්නෙ නෑ. මොකද ඕව හොයන්නෙ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන හොයන්නේ නැතුව ඉන්න එකම හොඳා..

      Delete
  7. ආච්චි අම්මාට නිවන් සුව !
    ඔය චාරිත්‍ර ඉස්සර බොහෝ දැඩි සේ සැලකුවත් දැන්නං ඒව ක්‍රමයෙන් අභාවයට යන හැඩක් තමයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒක නම් ඇත්ත. ගොඩක් චාරිත්‍ර කෙරෙන්නේ නෑ දැං.

      Delete
  8. අනේ මංද ඉතිං...

    ආච්චි අම්මාට නිවන් සුව පතමි..!

    ReplyDelete
  9. ආච්චි අම්මට නිවන් සුව පතනවා...!

    ReplyDelete
  10. ආච්චි අම්මාට නිවන් සුව පතනවා ! චාරිත්‍ර ගැනත් නොදැන හිටිය හුඟක් දේවල් දැන ගත්තා ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. දන්න කියන චාරිතයක් තිබ්බොත් පහලින් ලියන්ඩ ඈ..

      Delete
  11. මළ ගෙවල්වලදී වගේම අවසන් කටයුතු සිදුකරන අවස්ථාවලදීත් විවිධ චාරිත්‍ර මමත් දැක තිබෙනවා. එවැනි චාරිත්‍ර ඇතිවීමට අතීතයේ දී නම් විවිධ හේතු බලපාලා තියනවා. ( සමාජ විද්‍යාවේ එන රෙබට් කේ. මර්ටන් ගේ කෘත්‍ය හා කෘත්‍ය පූර්ව අවහශයතාවය කියන කාරණය)
    එවැනි මා අසා දැනගත් සිරිත් කීපයක් සඳහන් කරන්නම්.
    1. රතිඤ්ඤා දැමීම. - අවසන් කටයුතු ඉටුකිරීමට ආසන්න බව දැනුම් දීම.මේක එක කාරණයක් තවත් කාරණයක් තමයි පැරණි කාලයේ සිදුවුනේ මළ සිරුර කැලයට ගෙන ගොස් දැමීම. එසේ කැළයට ඇතුල්වන විට විවිධ සතුන් (මළමිනිය ආහාර කර ගන්නා සතුන් ඇතුළුව ) පැමිණීම වැළැක්වීමට.
    2. මළ සිරුර වලදැමීමට හෝ ගිනි තැබීමට පෙර තුන් වටයක් කර කැවීම - පැරණි කාලයේදී සිදුකළේ මළසිරුර රෙද්දක ඔතා කැළයට ගොස් දැමීමයි. මියගිය පුද්ගලයා ආපසු සිය නිවස සොයා පැමිණීම වැළැක්වීමට ඔහුට ආ පාර සොයාගැනීමට නොහැකි වන ලෙස මෙසේ කළ බවට අදහසක් පවතී. සත්‍ය අසත්‍ය කෙසේ උවත් මෙම කරුණු මා අසා දැනගත්තේ අපේ ගමේ සිටි පැරණි පුද්ගලයෙකුගෙනි. අපේ ගමේ සුසාන භූමියේ පැරණි කෝන් ගසක් තයනවා. මට තොරතුරු කියා දුන් අය පැවසුවේ මුල් කාලයේ මියගිය අයගේ සිරුරු කොන් ගස ට හේත්තු කර දර ගොඩ ගසා ගිනි තබා ඇති බවයි. එනිසා කෝන් ගස කාලයක් යන විට ගිනි ගෙන දැවී ගොස් තිබෙනවා .දැනට ඇත්තේ පසුව එහි මුල්වලින් හටගත් කොන් ගසක්.

    ReplyDelete
  12. ආච්චි අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    එක එක පැති වල ඉතින් චාරිත්‍ර හරි අමුතුයිනේ.. අපි නොදන්න ඒවා කොච්චර තියෙනවද..

    ReplyDelete
  13. There are customs like this in Enderamulla, Maduranga's home doing home comings borrowing money without telling the bride.How about that Custom.So amazing!!!!!!!!!!!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.