22 December 2014

කෝට්ටේ නටබුන් සොයා - 5වන කොටස

තලවතුගොඩ පාරේ දිගටම ගියහම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ පිට්ටනිය හම්බ වෙනවා. ඒත්තෙක්කම තියෙන තුම්මන්හන්දියෙන් හැරිලා මම ටික දුරක් ගියා. ඒ පාර කෙලවර වෙන්නේ බැද්දගාන කනත්තත් එක්ක තියෙන තුම්මං හන්දියකින්. එතන තමා බැද්දගාන පාර.

මම හිරිපොද වැස්සෙම  බැද්දගාන පාරේ කිලෝමීටරයක් විතර ඇවිදගෙන ආවා. එතකොට බෝධියක් මැදිකරගත්තු තුම්මංහදියක් හම්බ උනා. එතැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු බෝඩ් ලෑල්ලක් තියෙනවා. මම ඒ පාරට හැරිලා ටික දුරක් ගියා.

එතනින් තමා වෙහෙරකන්ද පාරට හැරෙන්නේ. වෙහෙරකන්ද පාර ඉවර වෙන්නේ වෙහෙරකන්ද පන්සලෙන්. පන්සල නම් පස්සේ කාලෙක හදලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. පංසල තිබ්බ භූමියේම තමයි වෙහෙරකන්ද නටබුන් තියෙන්නෙත්.


මේ ස්ථානයට වෙහෙරකන්ද කිව්වට මේ තියෙන්නේ වෙහෙරක නටබුන් නෙමේ. මේ සොහොන් කොත් දෙකක නටබුන් !

ඒ සොහොන්කොත් දෙක අයිති වෙලා තියෙන්නේ  සයවෙනි පරාක්‍රමබාහු රජතුමාටයි එතුමාගේ බිසවටයි (රන් මැණිකා) ලු. මේ සොහොන් කොත් දෙකම තියෙන්නේ සෘජුකෝනාස්‍රාකාර වේදිකාවක් මත. ඒ වගේම නා ගස් පේලියකුත් දකින්න පුලුවන්.

පින්තූර ටික බලලම ඉම්මුකෝ.. !

පුරාවිද්‍යා භූමියට ඇතුල් වෙන තැනම මෙන්න මේ ජාතියේ පුවරු දෙකක් සවි කරලා තියෙනවා.
ඒ දෙක පහුකරගෙන ආවහම තමා පල්ලෙහා තියෙන නටබුන් බලන්ඩ පුලුවන් වෙන්නේ.
මට හිතෙන විදිහට මේ දෙකෙන් විශාල එක රජතුමාගේ වෙන්ඩෝන. එකක් රජතුමගේ නම් අනික බිසවගේ වෙන්ඩ එපෑ.. ඒත් ඒ කාලේ මේ දෙකම එක උසෙන් තිබ්බද දන්නේ නෑ.. :)

පහලින් තියෙන්නේ එක සොහොන් කොතක්.
 ඒවගේම තමා මේ වේදිකාවට හතර දෙසින්ම පඩි පෙළවල් දකින්න පුලුවන්. පහලින් තියෙන්නේ පාර පැත්තට වෙන්න තියෙන පඩිපෙළ.
මේ ටික බලාගෙන මම ආයෙම පිටකෝට්ටේ හන්දියට එන්න පිටත් උනා. ඒ එන ගමනේදි ආපහු හැරිලා සොහොන් කොත් දිහා බැලුවා. කෝට්ටේ රාජධානියට අපමණ සේවයක් කරපු සවැනි පරාක්‍රමබාහු රජතුමායි එතුමාගේ ආදරනීය බිසවයි නා ගස් පේලියක් තියෙන ලස්සන සොහොන් බිමක විරාජමානව සැතපිලා ඉන්නවා කියලයි මට හිතුනේ..
ඔය ටික බලාගෙන පිටකෝට්ටේට එනකොට බඩගින්නකුත් ආවා. මම පිටකෝට්ටේ කඩේකට ගොඩ වෙලා බඩට කෑම ටිකක් දාගෙන උනු උනුවේ ප්ලේන්ටියක් බීලා අපේ නෝනලෑ දිහෑවට එන්ඩ පිටත් උනා.
හිරිපොද වැස්සේ උනත් හිතුමනාපෙට ඔහේ ඇවිදලා ගතකරපු දවසක මතකයක් හිතේ හැමදාකටම රැදිලා තියේවි. මෙතනින් එහාට්ට කෝට්ටේ නටබුන් බලන්ඩ නෑ.. ඒ සේරම ටික මම බලා ගත්තා. තව ඕන්නං රජමහා විහාර දෙක තුනක් තියේවි බලන්ඩ. :) ----------------------------------------------------------------------
ප.ලි. - කෝට්ටේ ගමන ගැන මම ලියපු ලිපි හතර මෙන්න.

පළමු ලිපිය | දෙවන ලිපිය | තුන්වන ලිපිය | හතරවන ලිපිය

8 comments:

  1. වටිනා ලිපියක්....................... හැකි වුණ වෙලාවක යන්නම්

    ReplyDelete
    Replies
    1. ඔවු.. හම්බ වෙච්ච වෙලාවක ගිහින් එන්ඩ.

      Delete
  2. මුලින් ගිය වෙලාවෙ කෝට්ටෙ කෞතුකාගාරෙ බැලුවද? සොහොන්වලින් හමුවුන යුරෝපීය කෙස් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක තමයි තුන්වෙනියටම බැලුවේ.

      Delete
  3. // ඒ සොහොන්කොත් දෙක අයිති වෙලා තියෙන්නේ සයවෙනි පරාක්‍රමබාහු රජතුමාටයි එතුමාගේ බිසවටයි (රන් මැණිකා) ලු//
    මෙතැන මට නිකං පොඩි විචිකිච්චාවක් වගේ එකක් ඇතිඋනා මදුරංග.. කොහොමද මැරිල වලේ දාපු එකාට ඒ උඩ බඳින සොහොන් කොතක් අයිති වෙලා තියෙන්නේ. මට හිතෙන්නේ ඒක කියපු විදිය වෙනස් වෙන්නොනෙ.. හරියට නිකං 'මේ සොහොන් කොත් තුල නිදන් කරල තියෙන්නේ උන් දෙන්නට අයිති වෙලා තිබ්බ සරීර කූඩු වල නෂ්ඨාවශේෂ' කියල වගේ නේද?

    කොහොම උනත් බලන්න යන්නම ඕනි තැන් ටිකක් බැලුව වගේ මතක හිටින්ඩ විස්තර කරල ඔබ ලියපු මේ ලිපි ටික සෑහෙන්න වටිනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මේ සොහොන් කොත් යට තමයි රජතුමාගෙයි බිසවගෙයි ශරීර දෙක තැන්පත් කරලා තියෙන්නේ.

      Delete
  4. ඔබතුමා පිටකොට්ටේ තියන සිරි කොත බලන්න ගියේ නැද්ද එකත් අර ඉස්සර ලංකාව පාලනය කරන්න නායකයෝ රැස් වෙච්ච තැනක්නේ .පුරා විද්‍යා එකෙන් බෝඩ් එකක් ගහලා නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ... සිරිකොත ඉස්සරහින්මනේ ගියේ. සිරිකොතෙන් මා පොදු අපේක්ෂකයා ගැන කියන අත්පත්‍රිකාවකුත් ලැබුනා :)

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.