09 November 2014

කෝට්ටේ රාජධානියේ නටබුන් සොයා ගිය ගමන

අද ඉරිදා දවසක්... මට නම් නිවාඩු දවසක්... ඒත් මගේ චූටි ටිචර්ට නිවාඩු නෑ.. එයාට අමතර පංතියක් කරන්ඩ තියෙන දවසක්.. ඒ නිසාම මටත් එයා එක්කම නුගේගොඩට එන්ඩ සිද්ධ උනා... එයාව පංතියට දාලා මම නුගේගොඩ ලර්නර්ස් එකකට ගියා. ඒකේන්වත් ලයිසන් එක ගන්ඩ කතා කරගන්ඩ.

ලර්නර්ස් එකේ වැඩ ටික ඉවර වෙලා මම නුගේගොඩ පාර්ක් එකට වෙලා උන්නා අපේ එක්කෙනා පංතිය ඉවර කරලා එනකන්..එයා උදේ එකොලහට විතර පංතිය ඉවර කලා. ඊට පස්සේ මායි එයයි නුගේගොඩ බස් නැවතුම්පොලෙන් 168 නුගේගොඩ- කොටහේන බස් එකට නැග්ගා කෝට්ටේ යන්ඩ.

බස් එකේ වාඩිවෙලා ටික වෙලාවක් ඉන්නකොට බස් එක පිටත් උනා. මම පිටකෝට්ටේ හන්දියට ටිකට් ගත්තා. විනාඩි විස්සක් විතර යනකොට පිටකෝට්ටේ හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ අපි දෙන්නා කෝට්ටේ රජමහා විහාරයට ගියා.

ඉරිදා දවසක් උනත් අපි ගියේ දවල් වෙලාවක නිසා පන්සලේ කවුරුවත් උන්නේ නෑ..

කෝට්ටේ රජමහා විහාරය ගැන කියනවා නං මේ රජමහා විහාරය කරවලා තියෙන්නේ කෝට්ටේ රජකම් කරපු හයවෙනි පරාක්‍රමබාහු රජතුමා.  හයවෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි කෝට්ටේ රාජ්‍යධානියට හිටපු ශ්‍රේෂ්ඨතම රජතුමා. මේ රජතුමා අවුරුදු 53ක් රජකම් කලා කියලා තමයි සඳහන් වෙන්නේ.

ඒවයින් කාරි නෑ.. අපි එහෙනං කෝට්ටේ රජමහා විහාරෙට ගොඩ වෙමු.ප්‍රධාන පාරේ ඉදලා බලනකොට විහාරේ ප්‍රධාන දොරටුව පේන විදිහ තමා ඔය පහලින් තියෙන පින්තූරෙන් පේන්නේ..

ප්‍රධාන දොරටුව වහලයි තිබුනේ.අපි ඊට එහායින් තිබුන ගෙට්ටුවෙනුයි විහාරෙට ඇතුල් උනේ. ඒ හරියටම එනකොට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු පුවරුවකුත් තිබුනා.
ඒ පුවරුවත් පහු කරගෙන එනකොට විහාර බිමේ තියෙන ගොඩනැගිලි ටික පේන විදිහ තමා පහල තියෙන පින්තූරෙන් පේන්නේ. ඒකත් බලලා ඉම්මුකෝ..
ඊට පස්සේ අපි දෙන්නා සෙරෙප්පු ගලවලා විහාර මළුවට ගොඩ උනා. විහාර මළුව කිට්ටුව ලොකු නා ගහක් තියෙනවා. ඒ නිසා සෑහෙන සිසිලසක් තියෙනවා.ඒ වගේම නා ගහේ කොළ සිලි සිලි ගාලා සෙලවෙන අපූරු හඩත් ඇහෙනවා. අවේලාවේ ආපු නිසාමද කොහෙද විහාර ගෙයි අගුළු දාලයි තිබුනේ.

කොයික උනත් කමන් නෑ කියලා විහාරගෙයි වටේ ටිකක් සක්මන් කරලා පින්තූර කෑල්ලක් ගත්තා. පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූරයක්.. !
ඒත්තෙක්කම වාගේ පැත්තකින් ඝාණ්ඨාර කුළුණත් තිබුනා.
තවත් පැත්තකින් සුදට සුදේ බැබලෙන චෛත්‍යය දකින්න පුලුවන්. චෛත්‍යය දිහෑ ටික වෙලාවක් එකා සීරුවම බලා ඉදලා පින්තූරයක් ගත්තා.
තව දෙයක් තමයි කෝට්ටේ රජමහා විහාරයේ දළදා වහන්සේ තැන්පත් කරලා තියෙනවා. ඒ සදහා තෙමහල් දළදා මන්දිරයක් තිබුනාය කියලා සඳහන් වෙනවා. මේ තෙමහල් දළදා මන්දිරය ගැන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් රචනා කරපු සැළලිහිණි සංදේශයේ එක කවියකත් සඳහන් වෙනවා.

ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමදා සිරි සඟමොක් සැප නිසැදී
ලද මුනිදා දම්කද පහස මන බැඳී
වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී

-සැළලිහිණි සංදේශය-

අද තියෙන දළදා මන්දිරය ඒ දවස්වා ඉදි කරපු එක නෙමේ වෙන්ඩ ඕන. මේ දළදා මන්දිරය මෑතකදි ඉදි කරපු තෙමහල් මන්දිරයක් වෙන්ඩ ඕන කියලා මට හිතෙනවා.... :)
මේ පහලින් තියෙන්නේ ඒ දළදා මන්දිරයේ පින්තූරයක්.
රජමහා විහාරේ බලලා ආපහු පිටකෝට්ටේ හන්දියට එන්ඩ පල්ලම් බහිනකොට ඉරත් මුදුන් වෙලා. හරිම රස්නෙයි... ඒ වගේම මාර විදිහට දහඩිය දානවා. ඒත් ඉතිං කමන් නෑ කියලා අපි ඉතුරු ටිකත් බලන්ඩ පිටකෝට්ටේ හන්දියට ආවා.

ඊලඟට අපි ගියේ පිටකෝට්ටේ ගල් අම්බලම බලන්ඩ..... ඒක ඊලඟ ලිපියෙන් ලියන්නම්... දැන් නිදිමතයි... :)

------------------------------------------------------------------------
ප.ලි. - කෝට්ටේ රජමහා විහාරය ගැන ඉතිහාස කරුණු මම ලියන්ඩ යන්නේ නෑ..ඉතිහාස කරුණු තවත් දැනගන්ඩ ඕන නං බුත්සරණ පත්තරේ තිබ්බ මේ ලිපිය කියවන්ඩ.ඒ නැත්නං මවුබිම පත්තරේ තියෙන මේ ලිපිය කියවන්ඩ.

10 comments:

  1. වටිනා ලිපියක් මදුරංග.. අර ලින්ක් දෙකටත් ස්තූතියි.. ගොඩාක් වටින කරුණු දැන ගත්තා.. ජය ශ්‍රී!

    ReplyDelete
  2. (y)
    සබැඳි ලිපි -
    [
    අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
    http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
    රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
    http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
    සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්
    http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
    නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
    http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
    මැටි නළ මාර්ග පද්ධතියක්‌ සහිත වැසිකිළි පද්ධතියක්‌ ජේතවන භූමියෙන් සොයාගනී
    http://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
    දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේ
    http://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
    අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේ
    http://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
    කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!
    http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
    කල්තොට ඉඩමකින් අඩි 6ක්‌ උස ඉපැරැණි බුදුරුවක්‌ හමුවේ
    http://denethharinna.blogspot.com/2014/05/6.html
    අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරී
    http://denethharinna.blogspot.com/2014/05/7.html
    ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්
    http://denethharinna.blogspot.com/2014/04/300.html
    ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේව
    http://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
    අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
    ]

    ReplyDelete
  3. සබැඳි ලිපි 2-
    [
    http://denethharinna.blogspot.com/2014/03/2000.html
    වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!
    http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
    වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේ
    http://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
    හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!
    http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
    සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළය
    http://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
    මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.
    http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
    සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේ
    http://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
    සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේ
    http://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
    මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
    http://denethharinna.blogspot.com/2013/10/2500.html
    හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයි
    http://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
    පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ
    http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
    උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්
    http://denethharinna.blogspot.com/2013/08/400.html
    අනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේ
    http://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.html
    හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...
    http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.html
    සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ
    http://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.html
    පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්
    http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.html
    සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
    http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
    ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
    http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
    කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
    http://denethharinna.blogspot.com/2013/01/200.html
    අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
    http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
    ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
    http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
    නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
    http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
    ]

    ReplyDelete
  4. දෙන්නා ඇවිදිනවා නේ. ෂෝයි.

    ReplyDelete
  5. අවංකව මං කවදාවත් ගොයින් නෑ. යන්න හිතුනා.. තැන්කුයි

    ReplyDelete
  6. සාමාන්‍යයෙන් විහාර වල දොරවල් වසා තබන්නේ නෑ නේද...
    හොරු එහෙම ඉන්නවද දන්නෑ නේහ්...
    හිහි
    ඉස්කෝතුයි ඈ

    ReplyDelete
  7. යකෝ පන්සලක් වගේ පොදු තැනක් වෙච්චකොට දවල්ටත් ගේට්ටුයි දොරවලුයි වහගෙන ඉන්නවද. හාමුදුරු නමක් පන්සලේ හිටියෙ නැද්ද?

    ReplyDelete
  8. කල්‍යාණ මිත්‍ර :
    නිවාඩු වෙලාවක ගිහින් බලන්ඩ..

    දෙනෙත් හරින්න ! :
    ශා... මරු ලිපි පෙලක්නේ... ලින්ක් සෙට් එකට ස්තූතියි !

    Podi Kumarihami :
    ඔවු ඔවු.. මේ ටිකේ ඇවිදිනවා. :)

    ReplyDelete
  9. දේශක යා :
    යන්ඩ යන්ඩ.. ගිහින් බලලා එන්ඩ ඈ..

    Mahesh Rathnayaka :
    ඒක දන්නේ නෑ මල්ලි. එක්කෝ අපි ගියපු වෙලාවේ පන්සලේ කවුරුවත් හිටියේ නැද්ද දන්නේ නෑ..

    Praසන්ன :
    හාමුදුරු නමක් නං දැක්කේ නෑ.. පන්සලේ ඇතායි ඇත් ගොව්වයි නං හිටියා. :)

    ReplyDelete
  10. ඔය පන්සලේ අලි ගාලක් තියෙනවා. ඒ පැත්තෙ ගියෙ නැද්ද? ඇතෙකුත් ඉන්නව මියන්මාරෙන් ලැබිච්ච.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.