08 November 2014

වලල්ලාවිට ගමන සහ මගේ සංකල්පනාව

එදා පොසොං පෝය දවසක්... මං උදේ වරුවක තිබ්බ සරුවත් දන්සලක් වඳින්න ගෙදරින් එලියට අඩිය තිබ්බා. එතකොටම,

"අයියේ උබත් එනවනං නැගහං ලොරියට !" පාරේ නවත්තලා තිබ්බ ලොරියේ තට්ටුවේ ඉදන් මල්ලි කෑගැහුවා.

"උබ කොහේද මේ යන්නේ ?"

මුගේ යාළුවෝ රෑනත් හිටපු හන්දා මං ඉවෙං වගේ දැනගත්තා මේ නම් කොහේ හරි ට්‍රිප් එකක් යන වැඩක් තමා කියලා. මං සරුවත් දන්සලට යන ගමන අතෑරලා ලොරියට ගොඩ උනා. ලොරියට නගින ගමන්,

"අම්මේ මාත් මූ එක්ක යනෝ !!!!!" කියලා අම්මට දැනුම් දුන්නා.

යන ගමන් තමයි දැනගත්තේ කොහේද මුං යන්නේ කියලා. මුං යන්නේ ආරණ්‍යයක් වඳින්ඩ. වලල්ලාවිට පැත්තේ !

මුලින්ම අපි කළුතර බෝධිය වැඳගත්තා.ඊට පස්සේ කළුතරින් අතුරු පාරකට ලොරිය හරවලා වලල්ලාවිට ආවා. වලල්ලාවිට එන්ඩ කලින්දවල් එකත් පහුවෙලා. බඩේ පණුවෝ කෑ ගහන්ඩත් අරගෙන. තව දුරටත් උන්ට වද දෙන්නේ නැතුව ලඟපාත තිබුන දන්සලකින් නූඩ්ලස් කෑවා.

ආරණ්‍යය තිබුන පාර ගාවට එනකොට ඉරත් හැරිලා හවස් වේගෙන ආවා. 

ඊට පස්සේ කැලෑවක් මැද්දෙන් තිබ්බ පාරක පයින්ම ගමන පටන් ගත්තා. වටපිටාවේ ලස්සන බල බල ආපු නිසා එච්චර මහන්සියක් දැනුන් නෑ... මහන්සියක් දැනුනා නං දැනුනේ ගල් පඩි ටික නැග්ගහම. ඒ ටිකත් ආවහම තමා ආරණ්‍යයයේ ධර්ම ශාලාව තියෙන්නේ.

දාඩිය නිවෙන්ඩත් එක්ක ධර්ම ශාලාවේ පිල උඩ වාඩි උනා. එතකොට මොනවද ලියපු කොළයක් බිත්තියක අමුණලා තියෙනවා. ඒ කොළ කෑල්ලේ ලියලා තිඋනේ ගාථාවක්... ඔය පහලින් තියෙන්නේ ඒක.

දීඝා ජාගරතෝ රත්තී,
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ,
සද්ධම්ම අවිජානතං

නිදිවරන්නාට රැය දිග ය.

ගමන් විඩා සහිතව ඇවිදින්නා හට යොදුන දිග ය.
සද්ධර්මය අවබෝධ නො කරන්නා වූ බාලයාට සසර දිග ය.

 අපි ආපු ගමනේ මහන්සිය නිවෙන්න ධර්ම ශාලාවේ පිලේ වාඩි වෙලා ඉන්නැද්දි  කියවපු නිසාද මන්දා මං මේ ගාථා පාඨයට සෑහෙන මනපයි. ඒ නිසාමයි බ්ලොග් එකේ දකුණු පැත්තෙ මේ ගාථාව ලියලා එල්ලුවේ... !!!

හැබැයි තාම මේ ගාථාවෙන් කියන දේ පිලිපදින්න ගිහිං නං නෑ.. :)

ඊට පස්සේ මහන්සි නිවෙනකන් ඉදලා හොඳ හැටි නා ගත්තා. මං ඇදුං ගෙනත් තිබ්බේ නැති හන්දා එකෙක් නානකං ඉදලා උගේ කලිසම ඉල්ලන් ඒක ඇඳං නෑවා. නාල ගොඩ වෙනකොට ආයෙම බඩගිනියි. වෙලාව හොඳ කමට දන් ඉතුරු වෙලා තිබ්බා. ඒවත් වළඳලා ගෙවල් වලට එන්ඩ පිටත් උනා.

එමින් ගමන සරුවතුයි, කෝපියි, බෙලිමලුයි... ඔය වගේ නානාප්‍රකාර දේවල් බිබී ආවා. නියම දවසක් එදා !!!!
කැමරාවක් තිබ්බේ නැති නිසා පින්තූර කෑල්ලක් එල්ලන්ඩ බැරි උනා.කවදහරි ආයෙම ගියපු දවසක පින්තූර දාන්න හිතාගෙන කතාව මෙහෙම ලියලා දානවා. :)

15 comments:

  1. නියමයි.. :)
    වලල්ලාවිට තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
  2. කෝ බං මේකෙ කථාවක්...කථාව පටන්ගද්දිම ඉවර වෙලානෙ....

    ReplyDelete
  3. ගාථාවේ තේරුමනම් අපි කාට කාටත් හොදයි වගේ..

    ReplyDelete
  4. අපි නම් ගාපු පොල් ගන්නේ කියලා පොල්බෑයට කමෙන්ට් කරන්ට එනකොට මෙයා අලුතෙන් පෝස්ට් දාලා. හැබෑට ඔයාට කුස්සියේ වැඩ නැද්ද? :D

    //නිදිවරන්නාට රැය දිග ය.//

    මේක නම් තේරෙන්නෙම නැතුව ඇති.:P

    ReplyDelete
  5. දැං මේ මොකක් කියලද හිතන්න ඕන. අඩු ගානේ කැමරාවත් තිබ්බ නං හිතන්න තිබුනා මේක සංචාරක සටහන ක් කියලා..
    //එන්ඩ කලින්දවල් එකත්// මේ මොකක්ද බොල

    ReplyDelete
  6. කැමරා නැති ෆෝන් දැන් භාවිතයේ නෑ නේද?

    ReplyDelete
  7. @ දේශකයා,
    එන්ඩ කලින් දවල් එකත්
    පොඩි ස්පේස් මිසිං එකක්.
    (ඇඩෝ මේකෙ කොමෙන්ට් රිප්ලයි කරන්න පුලුවං ටෙම්ප්ලේට් එකක් දාගනිංකො.)

    ReplyDelete
  8. ඔන්න ඔහොම අපිත් එකපාරක් අහක යන ලොරියක එල්ලිලා රත්ගඟ බලන්න ගියා. යන්න හිටියෙ තුඹ‍ගොඩ අන්තිමට ගියේ සහමුලින්ම විරුද්ධ පැත්තක.

    ReplyDelete
  9. මං මේ වසවර්තියට කිව්ව බං කීපාරක් කියල කියන්නද? වොර්නිං දීලි තියෙන්නේ. ඒත් වැඩක් නෑ.. කොහේද යන බුරු පුත්තරෙයෙක්.. හැක්..

    ReplyDelete
  10. Mama danna hetiyata walallawita thiyenne Kaluthara disthrikkaye Benthara gangen dakunu palathata maimweccha pradesayak..Mathugama asanaye kotasakuth,Agalawaththa asanaye kotasakuth meyata ayath,Awiththawa palamen elpitiyata sambanda wenawa.Pelawaththa palamen Neluwa hinidumata sambanda wenawa.Meegahathenna, moragala, Polgampala Awiththawa iththepana weni gam aithi.Mein Moragala Rest house prasidda thenak Thawa nanna honda then sehena gananakma thiyenawa.Kalugala aranya senasanaya(pelawaththa) Punchi siri padaya-Pawurukanda pansala(lewwanduwa-awiththawa para) den Monawa wenas welada dannene High way eka hedunain passe yanna beriwuna.(Ranjan-Düsseldorf)

    ReplyDelete
  11. ඉන්ද්‍රජිත් :
    ඔවු සුපිරි ගමනක්...

    Ashan Ravindu Yugantha :
    මට මතක විදිහට බණ්ඩාරගම පැත්තට වෙන්ඩ තිබ්බේ...

    සිරාගෙ කාමරේ :
    චුට්ටයිනේ ලියන්නේ... ඒ නිසා ඉවරයි.

    Dinesh :
    ඔවු ඔවු ඔවු... පිලිපදින්ඩ ඕන ඈ..

    ReplyDelete
  12. Podi Kumarihami :
    නිවාඩු ටිකේ ඉක්මනින්ම පෝස්ට් ටික දාගෙන දාගෙන යන්ඩ ඕන...
    කිව්වත් වගේ රෑ දිගයි කියලා තේරෙන්නෙම නෑ නේ.. තිත් දෙකයි පී අකුරයි.

    nad wele :
    අපූ... වැඩක් නෑ... බීලා බලන්ඩ තියෙන්නේ..

    දේශක යා :
    ඉන්ඩෝ... මම වැරැද්ද හදන්නම්...

    Praසන්ன :
    මම කමෙන්ට් රිපයි කරන්න පුලුවන් විදිහක් හදන්නම්... කලින් පාර හදපු එක හරි ගියේ නෑ.. :(


    Anonymous :
    අන්න හරි.. ඔය කියලා තියෙන්නේ ප්ලේස් එක ටක්කෙටම... !!!

    ReplyDelete
  13. අල්ලපු ගමටම ඇවිත් ගිහිං. වැලිගල්පොත්ත ආරණ්‍යට වෙන්න ඇති ගියේ ඔය

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.