07 November 2014

මොන පොල් බෑය ද

කාලෙකට කලින් ලියලා පල කරන්න බැරි වෙච්ච ලිපියක් ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා දැකලා මට හිතුනා ඒක ටිකක් සුද්ද බුද්ද කරලා පල කලා නං හොඳයි කියලා. මේක මේ මම පත්තරේක දැක්ක පොඩි තීරු ලිපියකින් උපුටා ගත්තු කෑල්ලක්. එහෙනං කියවලා බලමුකෝ.

වෙනදා වගේම අදත් බස් එකේ පෑ තුනක් විතර ගත කරලා ගෙදර ආවා. ඇවිදින් ඇදුම් මාරු කරලා ඇඟපතකාරිය හෝදගෙන උනු උනු ප්ලේන්ටියකුත් හදාගත්තා. ප්ලේන්ටිය බොන ගමන් සාලේ ස්ටූල් එක උඩ තිබ්බ අම්මා බලන සිරිකත පත්තරේ දැකලා තේක පැත්තකින් තියලා පත්තරේ බලන්ඩ ගත්තා.

පත්තරේ මුල ඉදන් අගටම තියෙන්නේ  එක එක කෑම ජාති හදන හැටි මේකප් දාන එවුවා මෙව්වා ඇඳුම් මෝස්තර එහෙම.කියවන්ඩ කියලා එහෙමට දෙයක් ඇත්තෙම නෑ... බවලත් උදවියගෙම පත්තරයක් නෙව.

ඔහොම පත්තරේ පෙරල පෙරල ඉන්නකොට එක ලිපියක් මගේ ඇහැ ගැටුනා.

ඒ ලිපියේ තිබ්බේ මේකයි,


පොල් ගෙඩියක් බිඳපුවහම ඒ පොල් ගෙඩියේ මුලින්ම ගාන්ඩ ඕන පිරිමි බෑය ලූ. ගෑනු පොල් බෑය ඉස්සෙල්ලහම ගාන්ඩ හොඳ නෑලූ.
(ඇහි තුනක් තියෙන පැත්ත ගෑනු බෑය වන අතර අනෙක් බෑය පිරිමි බෑය වේ. )

එහෙම ඉස්සෙල්ලාම ගෑනු පොල් බෑය ගෑවොත් ගෙදර ස්වාමිපුරුෂයාට හොඳ නෑලූ.

ඔන්න ඔය කතාව මං පොඩි කාලේ අපේ ආච්චි අම්මත් කාටදෝ මන්දා කියනවා ඇහිලා තියෙනවා.
මොකද හිතෙන්නේ ඒක ඇත්තක් ද ?

නෑ.. ඒක මිත්‍යාවක් ලූ. !!!

එහෙම දෙයක් නෑලූ.පොල් ගෙඩිය බින්දහම ඉස්සෙල්ලම ගෑනු බෑය ගාන එක හොඳයි කියලා තම පත්තරේ ඒ ලිපියේ තිබ්බේ. ඒකට හේතු විදිහට දීලා තියෙන්නේ ගෑනු බෑයේ ඇහි තුනක් තියෙන නිසා ඉක්මනින්ම නරක් වෙන්ඩ පුලුවන් ලූ. ඒ නිසා ඒක මුලින්ම ගාලා ඉවර කරන එක හොඳයි ලූ.

මට ඒ ලිපිය කියෙව්වහම හිතුනේ අපි අතර මෙන්න මේ වගේ බැහැර කළ යුතු මිත්‍යාවන් කොච්චරක් නම් කියලා තියෙනවද ? 

12 comments:

  1. //පොල් ගෙඩියක් බිඳපුවහම ඒ පොල් ගෙඩියේ මුලින්ම ගාන්ඩ ඕන පිරිමි බෑය ලූ. //
    ඔය කතාව මංනං අහලා තියෙන්නේ ඉස්සෙල්ලා ගාන්න ඕන ගෑණු පොල් බෑයයි කියලා.. එකෙන් අදහස් කරන්නේ ගෙදර මනුස්සයට කලින් ගෑණි මැරෙන්න ඕන කියන එකයි කියලයි කියවෙන්නේ. පුරුෂ මූලික සමාජයක වෙන්න පුළුවන් දෙයක් හින්දා මාත් හිතන්නේ කියමනේ ඒ පැත්ත වෙන්න ඕන තිබුනේ. ගෑණු උනත් මිනිහා කලින් මලොත් තමන්ට කවර පිහිටක්ද කියලා කැමැත්තෙන්ම ගෑණු පොල් බෑය මුලින් ගෑවා කියලා හිතන්න පුළුවන්.. මොකද අද වගේ කාන්තාවන්ට හරි හම්බ කරන්න පුළුවන් කාලයක් නෙවෙයිනේ තිබුනේ. හැබැයි මිත්‍යාව හරි මොකක් හරි අදහස කොහොම උනත් විද්‍යාත්මකවත් ඒක හරි.. ගෑණු පැත්ත ඉක්මනට දිය අල්ලලා නරක් වෙන පැත්ත. එ් හින්දා මොකා කලින් මලත් නැතත් ඒ පැත්ත මුලින් ගාන එක තමා නිවැරදි.

    ReplyDelete
  2. පොල් ගෙඩියක් බින්දට පස්සෙ මොන බෑය උනත් එලියෙ තිබ්බ‍ොත් ඉක්මනට නරක් වෙනව. ඒ හින්ද බිඳල වැඩි කාලයක් යන්න ඉස්සර ප්‍රයෝජනේට ගන්න එක තමයි හොඳ.
    අැයි ඔය පත්තෙරේ පිටුවක් හෝ දෙකක්ම තියෙනවනෙ වශී ගුරුකං ගැන. ඒක දැක්කෙ නැද්ද? :D

    ReplyDelete
  3. එහෙම උනානං ලංකාව අනාථ රටක් නේ බං... මම කියන්නේ ගාපං ගෑනු කෑල්ල ඉස්සෙල්ල. නැත්නං පිජ් එකේ දාහං.. මේ මගුලේ රිප්ලයි වෙනම එන විදියකට හදහං. .මේ අවසන් නිවේදනය... ඔව් ඉදගෙන

    ReplyDelete
  4. මධුරංග

    මට හිතෙන්නෙ ඔය පත්තරේ එකා කියන්න දෙයක් නැතිවට කතාවක් හදල කියල.. මං නම් පොඩිකාලේ ඉඳල අහල තියෙන්නෙ පොල් ගෙඩිය බින්දම මුලින්ම ගෑනු බෑය එහෙම නැත්නම් මුඩ්ඩ තියෙන පැත්ත ගාන්න ඕනි කියල.. ඕක අපේ ආච්චිල අම්මල හැමෝම අදටත් කරන දෙයක්.. ඒ ගොල්ලන්ම කියනව ඔය මිනිහට කලින් ගෑනි මැරෙන්න ඕනි නිසා කියල එහෙම කතාවක් හදල තියෙන්නෙ මිනිස්සුන්ව මේ දේට යොමු කරන්න බවත් ඇත්තම නම් අර ඇහි ගතිය නිසා ඉක්මණින් නරක් වෙන්න හැකි නිසා බවත්.. මේ වගෙ ගොඩාක් තව දෙවල් තියෙනව හේතු සහගතව පැරැන්නෝ ඉදිරිපත් කරපු නමුත් වෙන අර්ථයක් පිටින් පෙන්නන..

    පත්තර කාරයෝ කතා මවනව.... හොඳ බ්ලොග් එකක් අදයි ආවෙ ඉස්සෙල්ලම.. ඉඩ තියෙන වෙලාවක කලාහිත පැත්තෙත් එන්න. ජය ශ්‍රී!

    ReplyDelete
  5. සමහර මිත්‍යා මත තුල බලපෑම් තියෙන්න පුළුවං....
    http://hithamutikak.blogspot.com/2012/11/blog-post_23.html

    ReplyDelete
  6. මෙහමනේ මධුරංග...........

    ඉස්සර පොල් කියන්නේ නැති දෙයක් නෙමෙයි. හොද්දකට වුණත් අත දිගඇරලා දානවානේ.... ඒ නිසා මොන බෑය ගෑවත් කමක් නැහැ. දැන් වගේ දවස් ගණන් අනික් බෑය තියාගෙන බල බල ඉන්නෑ... ගෙදර ඉන්න පෝලිමට උයන්න පොල් බෑයක් මදිනේ... ඉතින් ඒ කාලෙට ඔය විශ්වාසයන් හරි.. ඒත් දැන් කාලෙට පත්තරේ තියෙන එක හරි................

    ReplyDelete
  7. මිත්‍යාව හැදුවෙත් හදන්නේත් වෙන කවුරුවත් නෙවෙයි ඇත්තට බය මිනිස්සු!!
    මේ පොල් සීන් එක නම් අද තමා ඇහුවේ!

    ReplyDelete
  8. Anonymous :
    ඇනෝගේ අදහස් වලට බොහොම ස්තූතියි... ගොඩක් වටින විස්තර ටිකක්...

    Praසන්ன :
    අපොයි ඔවු.. ඔක්කොම ඉන්නේ වල්ලියෝ...උන් සේරගෙම නම ඉවර වෙන්නේ වල්ලියෝ කියලා.

    දේශක යා :
    කොහොමද රිප්ලයි වෙනම දාන්න හදන්නේ ??

    ReplyDelete
  9. කල්‍යාණ මිත්‍ර :
    අනිවාර්යෙන්ම කලා හිත පැත්තේ ඇවිත් යන්ඩ එන්නම්.... ජය ශ්‍රි !

    sanjeewa mendis :
    එල එල ඒ !!

    ඉන්ද්‍රජිත් :
    ඔය ලිපිය කියවලා එන්නම්... !

    කුරුටු ගෑ ගී පවුර :
    කාලෙන් කාලෙට වෙනස් වෙනවා නෙහ්...

    රූපේ :
    ඒකත් එක අතකට වෙන්න පුලුවන් දෙයක්....

    ReplyDelete
  10. මේ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කාලෙ හරි මධුරංග... රිප්ලයි වෙනම දාන එක ලෙඩක් වගේ...

    අර කලින් කියල තියෙනව වගේ පොල් ගෙඩියෙ නරක් වෙන්නෙ ඇහි තුන තියෙන පැත්ත හින්ද ඒ බෑය කලින් ගාන්න කියල අපේ අම්ම නං කිව්වෙ... ඔය කෝකත් එකයි දැං ෆ්‍රිජ් එකේ දාන හින්ද...

    ReplyDelete
  11. අපි නම් අහල තියෙන්නෙ ඇස් බෑය ඉස්සරවෙලා ගෑවේ නැත්නම් මාමලාට අගුණයි කියලා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.