04 November 2014

ලක්ෂ දෙකක හිට්ස්

ඊයේ සම්මුඛ පරීක්ෂණය ගැන පෝස්ටුව දාලා අද උදෙම්ම බ්ලොගයට ගොඩ උනේ කමෙන්ට් ටික කියවන්ඩ. එතකොටම තමයි දැක්කේ මගේ බ්ලොගයේ හිට්ස් ගාන ලක්ෂ 2කට පොඩ්ඩක් වැඩි වෙලයි කියලා.

මේ හිට් ලක්ශ දෙක ගන්න මට අවුරුදු හතරාමාරක් විතර බ්ලොග් එක කරගෙන යන්න සිද්ධ උනා. මේ වෙනකොට එක එක වර්ගයේ ලිපි 388ක් විතර ලියන්ඩ සිද්ධ උනා.

කොහොම උනත් බ්ලොග් අඩවියේ හිට්ස් ගාන වැඩි වෙලා නෙව. ඒක සෑහෙන සතුටක්. ඒ හිට් ගාන වැඩි කරගන්ඩ මම ලියන එවුවා අමාරුවෙන් හරි කියවන පාඨකයින්ට නොසෑහෙන්ඩ ස්තූතියි.

මොකෝ ඉතින් ඒ අය නැත්නම් මේ තරම් හිට් ගානක් ලේසියකට ගන්ඩ පුලුවන් කියලා යෑ.. ඒ වගේම තමා මගේ බ්ලොගය පස්සෙන් පන්නන අය 551ක් වෙලා තියෙනවා.

ඒ වගේම තම පුලු පුලුවන් විදිහට අහන්න දකින්න කියවන්න ලැබෙන දේවල් දිගටම ලියන්ඩ තමා මගේ බලාපොරොත්තුව.

එහෙනං සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.

කවදාහරි මතක් වෙන්ඩ කියලා ලක්ශ දෙකේ හිට් කවුන්ටරේ පොඩි පින්තූර කෑල්ලකුත් පහලින් එල්ලනවා.


එහෙනං මං ගියාවේ... අද පල කරන්ඩ කියලා හිතාගෙන ලිය ලියා හිටපු ලිපිය හෙට හරි අනිද්දා හරි දාන්නම්.
සියලු දෙනාට ජය වේවා !

21 comments:

  1. චිකේ බං 200182 වෙද්දිත් මං බැලුවා.. ඒත් නිකා හිටියා. සුභ පැතුම් මඩුවෝ..

    ReplyDelete
  2. සතු‍ටුයි.. ලක්ෂ දෙක හතරක් වේවා ඉක්මණින්ම !

    ReplyDelete
  3. සුබ පැතුම් !!!

    oyata onm man Hits laksha dekk 1hour walin denam. mata ehama denna Puluvn vidiyak tiynva

    ReplyDelete
  4. ලස්ස දෙකක් කියන්නේ ලොකු ගානක්....
    උනුසුම් සුභපැතුම්

    ජ ය වේ වා !!!

    ReplyDelete
  5. ඇත්තට ම සතුටුයි.......... සුභපැතුම්...

    ReplyDelete
  6. ආ........... අන්න විදානේ කියන මහාපුරුෂයා.... විදානපතිරණ කියලා කමෙන්ටුවක් දාලා..... හහ් හහ් හා..............

    ReplyDelete
  7. මේ සුවිසල් ජයග්‍රහණයක්. ඔබට තවත් දිගු ගමනකට ආසිරි.

    ReplyDelete
  8. සුභ පැතුම් මධුරංග අයියේ..

    ReplyDelete
  9. මම බලනකොට 200504 ලු. මගේ උණුසුම් සුභ පැතුම් පුද කර සිටිනවෝ :)

    ReplyDelete
  10. සුභ පැතුම් සුභ පැතුම් !!!! 

    ReplyDelete
  11. මේ බ්ලොග් එකට කම්පියුටරෙන් ලොග් වෙනකොට කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ඔප්ෂන් එකක් නෑ. ඒත් ෆෝන් එකෙන් එනකොට තියෙනවා. අනේ මන්දා.

    ReplyDelete
  12. ලිය ලිය දිගටම ලිය
    සුභ පැතුම් මගෙන්
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  13. උණුසුම් සුභ පැතුම්! :)

    ReplyDelete
  14. සුභ පැතුම්! යකෝ මාත් ඔයිතරම්ම කාලයක් ලියනව, තාම එකයි අසූ ගානයි. උඹ දස්සයනෙ ඒ කියන්නෙ!

    ReplyDelete
  15. @ සරත් අපියිසිල්ලවා..

    දෙක දැන්ම තුනක් නොවී කෝමද බං එකපාර හතරක් වෙන්නේ. පව් අහිංසක කොල්ලා.

    ReplyDelete
  16. Subapethum!!! (ranjan)

    ReplyDelete
  17. සුභ පැතුම් ඔන්න, දිගටම ලියන්න,

    ReplyDelete
  18. ඇත්තටම සතුටුයි මචං , අපේ ආතත් හෙන සතුටෙන් ඉන්නේ උඹ ලස්ස පතියෙක් වෙලා කියල

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.