29 November 2014

රස්සාව ලැබෙනකන් ගේට්ටුව ළඟ

දවසක් අපේ සීයා මට කියපු කතාවක් මතක් උනා. ඒක කතාවක් කිව්වට මහ ලොකු කතාවක් නෙමේ. මනුස්සයෙක්ට රස්සාවක් ලැබුනු විදිහක්. සීයා කියපු විදිහට ඒ මනුස්සයා ජීවත් උනේ සීයලෑ ගමට අල්ලපු ගමේ ලූ.

ඒ මනුස්සයා එක වතාවක් කොහෙදෝ මන්දා තැනක රස්සාවකට සම්මුඛ පරීක්ෂණයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ මනුස්සයාට සුදුසුකම් තිබිලා තිබ්බත් ඒ වෙනකොට පුරප්පාඩු පිරවිලා තියෙන නිසා රස්සාවක් ලැබිලා නෑලු.

සීයා කියපු විදිහට ඒ කාලේ ඉන්ටර්විවු තියලා ඒ මොහොතෙම වගේ කියනවලු රස්සාවට එන්ඩ ඕන දවසත්. දැං නං කියන්නේ පස්සේ දන්වන්නම් කියලා නෙහ්. ඒ වගේම තමා ඉන්ටර්විවු තියලා පුරප්පාඩු වලට කට්ටිය තේරුනහම ඉතුරු කට්ටියව හරවලා යවනවලු.

ඉතිං මේ මනුස්සයා එදා අප්සැට් එකේම හැරිලා ආවලු.ඒ එන ගමන් මේ මනුස්සයා හිතා ගත්තාලු මම කොහොමහරි එතන රස්සාවට යනවමයි කියලා.

ඊට පස්සේ මොකද දන්නවද ඒ මනුස්සයා කරලා තියෙන්නේ ?
ඒ මනුස්සයා හැමදාම උදේට වැඩපොලේ ගේට්ටුව ගාවට වෙලා ඉන්නවලු. බොසා වැඩපොලට යනකන් ඉදලා ගෙදර එනවලු.ආයෙම හවස වැඩ ඇරෙන වෙලාවටත් ගේට්ටුව ගාවට වෙලා ඉන්නවලු. බොසා වැඩ ඇරිලා ගෙදර ගියාට පස්සේ ඒ මනුස්සයා ගෙදර එනවලු.

මේ වැඩපොලේ බොසා දැක්කලු මේ මනුස්සයා උදේටයි, හවස වැඩ ඇරෙන වෙලාවටයි ගේට්ටුව ගාවට වෙලා ඉන්නවයි කියලා. මුලදි මුලදි මේ මනුස්සයා පිස්සෙක් කියලා හිතුවලු.. !

මේ විදිහට මාසයක් ගත උනාලු. මාස දෙකකුත් ගතවෙන්න ආවලු. මේ මනුස්සයා ඒත් ඉන්නවලු...

ඒ වෙනකොට මේ වැඩපොලේ එකෙක් අයින් උනාලු. බොසා කරලා තියෙන්නේ ආයෙම ඉන්ටර්විවු කැදවන්නේ නැතුව මේ මනුස්සයාට එතන රස්සාව දුන්නා ලු. මේ කතව අපේ සීයා මට කියලා දෙන දවස්වල හිතුනේ මේ මනුස්සය නං පිස්සෙක් කිඅලා. මොකද වෙන රස්සාවකට ඉල්ලුම් කරන්නේ නැතුව ගේට්ටුව ගාව කාලේ කන නිසා.

නමුත් මේ මනුස්සයාගේ අධිශ්ඨානය ගැන වෙලාවකට පුදුමත් හිතෙනවා. මං එහෙම නං දවසක් දෙකක් යයි. වැඩිම උනොත් සතියක් යයි. ඊට පස්සේ වැඩේ අතෑරලා දාලා නිකා ඉන්නවා. ඒත් මේ මනුස්සයා මාස දෙකකට කිට්ටු කාලයක් ගිහින් තියෙනවා නෙව. :)

දැං නං එහෙම රස්සාව ගත්තු මනුස්සයාත් නෑ.. මේ කතාව කියපු අපේ සීයත් ජීවතුන් අතර නෑ.. :(

10 comments:

  1. මධු මේ දවස්වල ලියන වේගෙට කියවගන්ටත් අමාරුයි. :)

    ReplyDelete
    Replies
    1. මේ මාසේ විතරයි මෙහෙම ලියන්නේ. :)

      Delete
  2. දැන්නං ඔහොම ගේට්ටු ගාව හිටියොත් කතනට ගහල පොලිසියට බාරදෙයි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු.. දැන් ඔය කෙලි කරන්න බෑ..

      Delete
  3. මාරයා මහතා ලොරියත් සමග විනෝද වෙන උද්වේගකර අවස්ථාවක්...
    https://www.facebook.com/video.php?v=995941460446217&fref=nf

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.