27 November 2014

හිස්තැන පුරවන්න

හවසට මං අපේ කන්තෝරුවේ ඉදලා ගෙදෙට්ට බස් එකේ යනවා නං පෑ දෙකාමාරක් විතර ගත වෙනවා.ඒ තරමටම පාරේ ට්‍රැෆික්. ඒ නිසාම මම තීරණය කලා දවසක් දෙකක් කෝච්චියේ ගිහිං බලන්ඩ.පෑ දෙකහමාරට වඩා අඩු කාළයකින් මට ගෙදෙට්ට යාගන්ඩ පුලුවන් උනා නං මම දිගටම හවසට කෝච්චියේ ගෙදර යනවයි කියලා.

(කට්ටිය දැං කියයි මම කසාද බැන්දට පස්සේ ඉක්මනින් ගෙදර යාගන්ඩ හොයනවයි කියලා. ඉක්මනින් ගෙදර යන්ඩ ඕන කියන තීරණය ගත්තේ බඳින්ඩ කලින් ඈ.. :) )

අපේ කන්තෝරුවේ ඉන්නවා ඒ දවස්වල ඉදලම කෝච්චියෙන් වැඩට එන අය. ඒ උන්දලා කෝච්චියෙ සිද්ධ වෙච්ච රස කතා එක එක සිදුවීම් අපිත්තෙක්ක බෙදා හදා ගන්නවා. අපිත් ඉතිං කරන වැඩේ නවත්තලා ඒ කතා අහගෙන ඉන්නවා. :)
දවසක් අපේ එකෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කලා.

"මචං, පුලුවන් නං මේ වාක්කියේ හිස් තැන පුරවපං.."

"මොකද්ද වාක්කිය ?" අපි හැමෝගෙම හිත්වල ඒ ප්‍රශ්නය තිබ්බා. ඒ බව මුනෙන් පෙනුන නිසාමද කොහෙද ඌ වාක්‍යය කිව්වා.

"මේකයි වාක්කිය. 'මහමායා දේවිය, සිදුහත් කුමරුගේ මවගේ ----- ය.' පුලුවන් නං ඔය හිස්තැන පුරවන්ඩ." කියලා අපි හැමෝගෙම දිහා බැලුවා. අපිත් එකේක උත්තර දුන්නා.

අන්තිමේදි අපේ තව එකෙක් හරි උත්තරේ කිව්වා.

මම ඒ ප්‍රශ්නෙම අහනවා. මොකද්ද හිස්තැනට එන්ඩ ඕන උත්තරේ ?

ප්‍රශ්නේ මේකයි..

මහමායා දේවිය, සිදුහත් කුමරුගේ මවගේ <හිස්තැනක්> ය.

දන්න කට්ටිය ඉන්නවා නං ඉක්මනටම උත්තර දෙමු බලන්ඩ.


21 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම පොඩ්ඩක් බුද්දාගම ඉගෙන ගෙන එන්න ගියා

      Delete
    2. එහෙනං කමන් නෑ..
      මම බැලුවේ කෝ මේ පලවෙනියටම දාපු කමෙන්ට් එක කියලා.

      Delete
  2. Replies
    1. දෙවෙනි ජයග්‍රාහකයා !

      Delete
  3. Replies
    1. තුන්වෙනි වාසනාවන්තිය

      Delete
  4. Replies
    1. ඔබේ පිලිතුර නිවැරදි ය.

      Delete
  5. ඉතිං මේකට අපි මක්කයැ කියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මුකුත් එපා ඕං.. කමෙන්ට් කලහම ඇති. :)
      හිට් එකක් දෙකක් දෙන එකත් කරන්න ඕන ඈ.. උම්මා :)

      Delete
  6. 'මහමායා දේවිය, සිදුහත් කුමරුගේ මවගේ හස්බන්ඩ්ගේ වයිෆ් ය.'

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්ම්ම්..හ්ම්ම්ම්ම්ම්

      Delete
  7. "මහමායා දේවිය, සිදුහත් කුමරුගේ ලොකු අම්මාය."

    අම්මා තමයි ප්‍රජාපතී ගෝතමී....:P

    ReplyDelete
    Replies
    1. හෑ...
      ඒක නෙමේ. කොහෙද මෙච්චර කල් ගිහින් උන්නේ ?

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.