25 November 2014

සිතින් මහියංගනේ සැරිසැරුවෙමි

අද උදේ බස් එකේ යනකොට මට අපූරු සිංදුවක් අහන්ඩ හම්බ උනා. බස් වල රේඩියෝ එකේ දාන සිංදු ගොඩක් වෙලාවට කැමැත්තෙන් අහනවාට වඩා බලෙන් අහන්ඩ සලස්වලා නෙහ් තියෙන්නේ.ගොඩක් වෙලාවට බස්වල රේඩියෝ එකේ යන සිංදුවලින් වැඩිහරියක්ම තියෙන්නේ නාහෙන් අඬන ඒවා. පැයක් දෙකක් බස්සෙකේ වාඩිවෙලා එලියට බහිනකොට නාහෙන් ඇඬිලි අහලා හොඳටම හෙම්බත් වෙලා.

ඔය නානාප්‍රකාර සිංදු අතරේ මට එක සිංදුවක් අහන්ඩ ලැබුනා. ඒ සිංදුව තමා පහලින් දාලා තියෙන්නේ.

කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ


මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ

ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ
මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ

කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා

කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා
වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා
අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා


ඔය සිංදුව අහනකොට මගේ හිත මටත් නොදැනීම අතීත මතකයක සැරිසරන්ඩ උනා. මගේ මතකය මාවත් අරගෙන අනූ ගනන් වල අග භාගයට ගියා. ඒ වෙනකොට මම නිල් කොට කලිසමයි සුදු ෂර්ට් එකයි අඳින ඉස්කෝලේ යන පොඩි එකෙක්.ඒ කාලේ අපේ ඉස්කෝලෙන් මහියංගනේට චාරිකාවක් ගියා.

ඒක දවස් දෙකක අධ්‍යාපන චාරිකාවක් !

පලවෙනි දවසේ මහියංගනේටයි දෙවෙනි දවසට මහියංගනෙන් දිඹුලාගල හරහා පොලොන්නරුවටයි තමා අපි ගියේ. ඔය දවස් දෙකෙන් මහියංගනේ ගමන මගේ හිතේ හරි අපූරුවට සිත්තම් වෙලා තියෙනවා. ඒක හරිම සුන්දර මතකයක්. !

අපි උදෙම්ම ගෙවල් වලින් පිටත් වෙලා ආවා. උදේ කෑම කෑවේ නුවර දළදා මාලිගාවට ඇවිදින්. ඊට පස්සේ කෙලින්ම හුන්නස්ගිරිය උඩුදුම්බර හසලක වේරගංතොට හරහා මහියංගනේට.

මේ යන ගමනේදි එක පැත්තකින් කඳුවලල්ලකුයි අනිත් පැත්තෙන් මහවැලි නිම්නයයි අපේ තනිනොතනියට උන්නා. පහු පහු වෙනකොට කඳු වලල්ල අපෙන් අයින් වෙලා අපේ තනියට මිනිපේ ඇළ අපිත්තෙක්ක හිටියා. ඒ දවස්වල දහ අට වංගුව පාර හදලා තිබුනේ නෑ. ඒ නිසා අපි ගියපු බස් එක රිවර් ගගහා දහ අට වංගුව පහු කලා. අපි ආසාවෙන් බලාගෙන උන්නා. කොහොමින් කොහොමහරි දවල් කෑමට අපි මහියංගනේ විහාරේ ගාවට ආවා.

"පුතාලා දන්නවද මහියංගනේට නම හැදුන හැටි ?  මහියංගනේට ඉස්සර කිව්වේ බින්තැන්න කියලා.මහියංගනේට බින් තැන්න ය කියලා කිව්වේ වැදි ජනතාව. වැදි ජනතාව බින්තැන්න කිව්වට පස්සේ පස්සේ අපේ පණ්ඩිවරු මේ ගමට මහියංගනේ කිව්වා. බින් එහෙමත් නැත්තං මහි. තැන්න එහෙමත් නැත්තං අංගනය එකතු වෙලයි මහියංගනේ උනේ." අපේ ජනක සර් අපට පැහැදිලි කලා.

"මෙතනින් පස්සේ අපි සොරබොර වැවෙන් නාලා ගිරාඳුරුකෝට්ටේ ඉස්කෝලේ රෑ ගත කරන්ඩ ඉන්නේ. රෑ කෑම අපිම උයාගන්ඩ ඕනා. ඒ නිසා ඉක්මන් කරමු." සර් තව දුරටත් කිව්වා.

ගිරාදුරුකෝට්ටේ අයිති වෙන්නේ මහවැලි සී කලාපෙට. වැව් මැද්දෑවේ තියෙන ගස් අතුවල ගිරව් බෙන හදාගෙන ජීවත් වෙනවා. උන් උදෙම්ම කෑම හොයාගෙන බෙන වලින් ඉගිලිලා ගිහිං හවස් අතේ ආයෙම බෙන වලට එනවා. ගිරවුන් එක්කම අඳුරට යන නගරය ගිරා අඳුරු කෝට්ටේ, ගිරාඳුරුකෝට්ටේ උනා කියලා තමා අපේ සෑර් අපට පැහැදිලි කරලා දුන්නේ.

ගිරාඳුරුකෝට්ටේ ඉස්කෝලෙත් හරි අපූරුයි. එක පැත්තකින් ලස්සන වැවකට මායිම් වෙන, වාහනේක සද්දයක්කත් ඇහෙන්නේ නැති හරි නිස්කලංක පරිසරේක තියෙන ඉස්කෝලයක්.

මහියංගනෙයි ගිරාඳුරුකෝට්ටේ ඉස්කෝලෙයි ගත කරපු අපූරු අතීතාවර්ජනයකට මාව ඒ සිංදුව අරගෙන ගියා. ඒ සිංදුවෙන් නං කියවෙන්නේ ආදර කතාවක් උනාට ඒ සිංදුවෙන් කියවෙන තැන් ටිකට ආයෙම හිතින් හරි දුවලා එන්න තරම් ලෝබ කමක් හිතෑතුලෙන් ඉපැදීගෙන ආවා. ඒත් ඒ හැඟීමට තිත තියන්ඩ සිද්ද උනා. ඒ මම බහින්ඩ ඕන තැන කිට්ටු වෙච්ච නිසා...

මම සමන් මාවත හෝල්ටෙකෙන් බැහැලා ඇවිත් කන්තෝරුවේ පුටුවකට කූඩු උනා !  :(

26 comments:

  1. සින්දුවේ දේවල් හිත හිත ඉඳල බහින තැන එහෙම පහු වුනා නම් කොහොමද ... :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙච්ච වෙලාවල් නැතුවත් නෙමේ..

      Delete
  2. Lyrics & Music of the above said song by Mr Ashoka Kovilage & the singer is Kumar Attanayake , if I'm correct. Nice song with a touchy tune.

    ReplyDelete
  3. කඳු අතරින් උදේ හවා......

    පද රචනය - අශෝක කෝවිලගේ
    සංගීතය - අශෝක කෝවිලගේ
    ගායනය - කුමා අත්තනායක

    ගීතය බාගන්න මෙතන ක්ලික් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ සිංදුව ගෙඩි පිටින්ම..

      Delete
  4. පුරේ කියන්නෙත් ඔය වගේම සොදුරැ ප්‍රන්තයක්..රාංඡගනේ වැව් තාවුල්ලට එන ඔරැවකින් කොරලි පැට්ව් දෙන්නෙක් ඉල්ලගෙන බැදලා.වාන් දොරටු 32කින් එන සිහින් දිය සිරාවට කකුල් දෙක දාගෙන බෝතලයක් ගහලා..
    ඡය ශ්‍රි මහා බෝධිය..රැවන් වැලි සෑය වැදලා නුවර වැවේ නලා තිසා වැව පහල වෙස්සගිරියේ ගලක් උඩට වෙලා නිදා ගන්න

    ReplyDelete
    Replies
    1. ශා මරුනේ. මාත් එහෙම ඉන්ඩ සෑහෙන මනාපයි !
      වෙලාවක එහෙනම් ඔය පැත්තේ සෙට් වෙමු ඈ.

      Delete
  5. මොනරාගල හිනෙන් දැක්කොත් කියහං

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..
      මම කියන්නම් !

      Delete
  6. ඕක ටිකක් පරණ සින්දුවක්. මාත් ආසම සින්දුවක් තමයි ඔය සින්දුව.
    ඒ වගේම ඒ පැත්තත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒ පැත්තත් ලස්සනයි. වියළි කලාපේ උනාට අමුතු සුන්දරත්වයක් තියෙනවා.

      Delete
  7. මහියංගනේ ගැන මොන සිංදුවක් ගියත් ඒක මහ පෙරේත විදියට අහනව බං මං. ඒ මං මෙහේ නිසා වෙන්න ඇති.

    ගිරාඳුරුකෝට්ටෙට නම හැදුන විදිය උඹ ඔය කියනකොටයි මාත් දන්නේ.

    ReplyDelete
    Replies
    1. ගමේකම නෙව.
      ඒ නිසා වෙන්ඩ ඕන. මාත් ආසයි අපේ ගම ගනත් සිංදුවක් දෙකක් අහන්ඩ තියෙනවා නං ...

      Delete
  8. මම හිතන්නෙ ඔය උන්නැහෙ නිවාඩුවක් එහෙම දාලා ඉක්මනටම ඔය පැත්තෙන් චාරිකාවක් ගිහින් විවේක සුවයෙන් ඉඳල ආවානම් හරි. පහුගිය දවස්ටිකේ හිත රස්තියාදුවේ ගියා වැඩියි වගේ. :)

    ReplyDelete
    Replies
    1. ඊට කලින් මොනරාගල.. ඊට කලින් මොනරාගල

      Delete
    2. හ්ම්ම්.. ඒක ඇත්ත.
      මට නිවාඩුවකට ගිහිං එන්ඩ හොඳ කාලේ වගේ.

      Delete
  9. දහඅට වංගුව පාරෙ තාම ගිහින් නෑ. මම ඉස්සර නුවරින් රජ මාවතට දාල බිබිල හරහා ලුණුගල යනව. යද්දී තියන ලෝක්ගල් ඔය බන්ට් එක මාර ලස්සන තැනක්.

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ පාරෙත් දවසක ගිහිං එන්ඩ හිතෙනවා. ලොග්ගල් ඔය දැකලා නෑ නෙව.

      Delete
  10. මචෝ, කෝට්ටෙ කියන්නෙ නිකං නගරයකට නෙමෙයි, බළකොටුවකට.

    ලංකාවෙ ප්‍රසිද්ධම "ජයවර්ධනපුර" කෝට්ටෙ, තව තීනව බලන කෝට්ටෙ, මාතලේ කෝට්ටෙ වගේ ඒවත්.

    ඔය සින්දුව ඇහුවම මට මතක් උනේ මේ පාර නිවාඩුවට ගිහින් වෙච්චි වැඩේ. අලුත් 18 වංගු පාර බහින්න ආසාවට නුවර හරහ මහිංගනෙන් ට්‍රින්කො යන්න ප්ලෑන් කරල පිට උනා. නුවරට එත්දිම 6. තාත්තට දතේ පන්සලට යන්නම ඕනෙ කිව්ව නිසා ගිහින් ඇවිත් කට්ට කරුවලේ 18 බැස්ස. අපරාදෙ පැට්‍රල්!

    කම්මලේ, මට ලොක්ගල් ඔය හම්බුනේ මහියංගනේ ඉඳල බදුලු එනකොටනෙ බං! රජමාවත ගියෙ රන්දෙනිගලින් පස්සෙ ගම් මඬියක් මැදින් වෙල් මැදින්නෙ!

    ReplyDelete
    Replies
    1. බිබිලට යද්දී ඕකෙ ජලාශයක් තියනව බන්ට් එකේ ඉදන් බලනකොට මාර දර්ශනයක් තියනව. ඕව මගේ මැප් එකේ පාරවල්.
      අනික මචං රජ මාවත මැද හරියෙ තියනව බෙලිහුල් ඔය වගේම තැනක්. එතනටත් කියන්නෙ බෙලිහුල් ඔය කියල ( දැන් ). ඒ පාලම පාස් කරලා කන්ද නැග්ගම පේන දර්ශනේ මාරම ලස්සනයි. කුබුක් ගස් මැදින් ගල් යන ඔය , හෙල්මළු කුබුරු මැද්දේ තියන තනි ගෙදර , කුබුරු වල තියන පැල් etc.

      Delete
    2. රජ මාවත දැන් අජ මාවත වෙලා , වැලි ලොරි ගිහින්ම.

      Delete
    3. ඔය බෙලිහුල්ඔය කතාව එකපාරක් සිරාගෙද කොහෙද බ්ලොග් එකකත් තිබුණ. එතන්දිත් බලංගොඩ බෙලිහුල්ඔයත් එක්ක කට්ටය පටලගෙන තිබුණ.

      Delete
    4. ඒකනේ... !
      අපරාදේ රෑට පල්ලම් බහින්ඩ සිද්ධ උනේ. දවල් දවසක ගිහින් එන්ඩ තිබුනා නං පට්ට.

      Delete
  11. මාත් ඔය වගේ ගිහිං දළදා මාලිගාව කිට්ටුව කෑම කාලා තියෙනවා. මේක කියවද්දි මාත් ගියා බං ඒ අතීතෙට.

    ReplyDelete
    Replies
    1. අතීතයට ගිහිං එන එක නෙමේ වැඩේ. මොකෝ වර්තමානේ අතුරුදහන් වෙලා ඉන්නේ ???

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.