24 November 2014

මලයගේ පත්වීම සහ මගේ හීනය

මේ ටිකේ මාර කාළගුණයක් තියෙන්නේ. උදේට ඝන සැරේට මීදුම. හවසට මොරසූරන වැස්ස. ඔය කාළගුණ විපර්යාස දෙක මැද්දෙන් තමා අපි දවසේ වැඩකටයුතු කරන්නේ. මේ කාළගුණ විපරියාස දෙකම මං වගේ පීනස් කාරයින්ට වහ කදුරු වාගේ. ඇයි වදේ උදේ හිටන් රෑට නින්දට යනකන් ලේන්සුව අතේ තියාන ඉන්ඩ එපෑ..

ඔය සීතල කාළගුණ විපරියාස මැද්දේ ලංකාව උණුසුම් වෙලා යන දේශපාලන උණුසුමකුත් නැතුවම නෙමේ. හැබැයි ඉතිං ඔය කොයි කවුරු දින්නත් අන්තිමේදි ආපහු හැරිලා බලනකොට ඡන්දදායකයා පරාද වෙලා. දේශපාලන වේදිකා වලදි තිබ්බ ගහ බැන ගැනිලි ඡන්දය ඉවර වෙනවත්තෙක්කම නැවතිලා දෙගොල්ලෝ සතුටින් රට කරගෙන යනවා.
ඒ දේවල් වලට සහය දීපු ඡන්දදායකයට කිසි දෙයක් නෑ...

මේ ටික හිත හිතා එනකොට දන්නෙම නැතුව මරදාන ස්ටේෂම ගාවටත් ඇවිදින්. ඔර්ලෝසුවේ පොඩි කට්ට පහ ගාවයි ලොකු කට්ට  අට ගාවයි තියෙනවා දැකලා පය ඉක්මන් කලා පහයි හතලිස්පහේ කෝච්චිය අල්ලගන්ඩ. කොහොමින් කොහොම හරි හිරිපොද වැස්ස අස්සෙම කෝච්චියට ගොඩ උනා.

කෝච්චියෙන් බැහැලා විජහට ගමට යන බස්සෙක අල්ල ගත්තා. ඒකෙන් ගෙදර එනකොට වෙලාව හතට කිට්ටු වෙලා. ගෙට ගොඩවෙලා දුම් දාන තේකක් කාරිය බීලා පුටුවේ දිගෑදිලා මහන්සි නිවාගන්නකොටම අම්මා මා ගාවට ඇවිදින්,

"ලොක්කෝ ඕං මලයට පත්වීම හම්බ වෙලා.." කියලා කිව්වා.

"ඒ කොහාටද ? අම්පාර ට ද?" මම ආසාවෙන් උන්නේ අම්පාරට පත්වීම ලැබෙනකන්. මොකද මයේ හිතේ ලොකු ආසාවක් තියෙනවා දිගාමඩුල්ල පැත්තේ සතියක් විතර නැවතිලා එන්ඩ.

"නෑ...පුලුවන්නං කියන්ඩ බලන්ඩ" ඒ අපේ අම්මා.

"ෂුවර් එකටම නුවරඑළියට වෙන්ඩෑ.." නුවරඑළියත් අවුලක් නෑ. සීත දේශගුණයේ සතියක් ඉන්න එකත් නරකම නෑ. උදේ සීතලේ ජර්සියක් දාගෙන පාරේ රවුමක් දාලා ඇවිදින් උනු උනුවේ දුම් දාන කෝපි එකක් බොන එකත් මගේ ආසාවක්.

"ඒත් නෑ.."

"එහෙනං ෂුවර් එකටම අනුරාධපුරේට." අනුරාධපුරේත් හොඳයි. අටමස්ථානේ, මිහින්තලාව, ඉසින්බැස්සගල් එහෙමත් බලන්ඩ වටින තැන්. ඔය කුරුණෑගල, නුවර වගේ පලාත් නං වැඩක් තියේ යෑ. එක දවසින් ගිහින් ඕන හැමදේම බලාගෙන ආවෑකි නෙහ්.

ඒ නිසාම මම ටිකක් ඈතට වෙන්ඩ තැන් කීපයක නම් කිව්වා. ඒත් ඒ එකක්කත් නෙමේ.

"ඔය සේරම වැරදියි.මලයට හම්බ උනේ මොණරාගල !" අම්මා එහෙම කිව්වහම මගේ ඉහේ මලක් පිපුනා. මලයගේ බයිසි මොටෝව අරගෙන ගිහිං බුත්තල යුදගනා විහාරේ දෙමටමල් විහාරේ දියළුම ඇල්ල වගේ එක එක පැති බලන්ඩ යන්ඩ පුලුවන්. ටිකක් දුර උනත් බයිසිමොටෝවෙන් කතරගම ඇවිදලා එන එකත් නරකම නෑ.

ඒ කොයි හැටි වෙතත් මොණරාගල වගේ පැත්තක සතියක් හමාරක් කරක් ගහලා එන්ඩ තියෙන එකම මදෑ. ඉදිරි දවස්වල මොණරාගල පැත්තේ තියෙන තැන් ගැන ලියන පෝස්ට් එහෙමත් බලාගත්තෑකි. අපේ මලයා මේ මාසේ 27 වෙනිදා පත්වීම බාර ගන්ඩ ඉන්නේ. අපි ඉතිං ඌව ඇරලවලා එන්ඩ යන්ඩම එපෑ. :)

කොහොමහරි මම හිත හිතා උන්නේ මල්ලිට ටිකක් ඈතට පත්වීමක් ලැබේවි කියලා. කොහේ හිටියත් ඉතින් මිනිස්සුන්ටනේ සේවය කරන්ඩ තියෙන්නේ.

45 comments:

  1. මලයා ඩොකෙක් නේ... මගේ බෙන්ස් ෆ්‍රෙඩෙක් ඉන්නව මොණරාගල ඉස්පිරිතාලෙ ඩොකෙක්.... අවුරුදු 4ක් තිස්සෙ දවස් දෙකතුනක් නැවතිලා ඉන්න වරෙං කියනව තාම යන්න හම්බුනේ නෑ.....

    ReplyDelete
    Replies
    1. බෙස්ට් ෆ්‍රෙඩෙක්*

      Delete
    2. අපරාදේ ගිහින් එන්ඩ තිබ්බා නෙව.
      මම නං ඔය වගේ චෑන්ස් අතාරින්නෙම නෑ...

      Delete
    3. 'බෙන්ස් ෆ්‍රෙඩෙක්' කිව්වත් අවුලක්ම නෑ හැබැයි.. :D

      Delete
    4. බෙන්ස් පක්ෂ කෙනෙක් වෙන්ටැති තෝ වගේම..

      Delete
  2. මල්ලි වත් ඔච්චර ප්ලෑන් ගහල නැතුව ඇති :P :D

    හොඳයි හොඳයි. වැඩි විස්තර සමග පසුව හමුවෙමු !

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. මගේ හිතේ තියෙන ප්ලෑන් තරම් මල්ලි ප්ලෑන් කරලා නැතුවැති ..:)

      Delete
  3. ටෙම්ප්ලේට් එක නිවැරදි කරවා ගන්න කෙලමෝලෙන් අනින්න උනානෙ මටයි අර දුසකයා කියන එකාටයි.ඔන්න දැන් හරි.මේක නොහැදුව නං ආයෙ කමෙන්ට් නොකරන්නැයි හිටියෙ.තැන්ක්ස් මධු.

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයිහාංදුරුවනේ... නිවාඩුවක් තියෙන්ඩ එපා ය. මම මුලින් ට්‍රයි කොරා ටෙම්ප්ලේට් එක මාරු නොකර කෝඩ් එකෙන් ගොඩ දාගන්ඩ. එහෙම හරි නොගිය සැරේ තමා ටෙම්ප්ලේට් එකේ තිබ්බ පාට, අකුරු සයිස් එහෙම ලියාගෙන තමා වැඩේට බැස්සේ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අම්පාර ට ද? - ... ලොකු ආසාවක් තියෙනවා දිගාමඩුල්ල පැත්තේ ...

    නුවරඑළියට වෙන්ඩෑ? - නුවරඑළියත් අවුලක් නෑ. සීත දේශගුණයේ ...උදේ සීතලේ ජර්සියක් දාගෙන පාරේ රවුමක් දාලා ඇවිදින් උනු උනුවේ දුම් දාන කෝපි එකක්...

    එහෙනං.....අනුරාධපුරේට? -අනුරාධපුරේත් හොඳයි. අටමස්ථානේ, මිහින්තලාව, ඉසින්බැස්සගල් එහෙමත් බලන්ඩ වටින තැන්

    මොණරාගල? - අම්මා එහෙම කිව්වහම මගේ ඉහේ මලක් පිපුනා. මලයගේ බයිසි මොටෝව අරගෙන ගිහිං බුත්තල යුදගනා විහාරේ දෙමටමල් විහාරේ දියළුම ඇල්ල...

    ධනාත්මක චින්තනේ කියන්නෙ මේකට වෙන්ටෑ: :)

    බලාගෙන ගියාම හැමතැනම හොඳයි :)

    කතාව කියවන කොට, කොච්චියේ ගමන, ගමට යන බස් එක. වැඩ ඉවර වෙලා ඉස්තෝප්පුවේ හාන්සි පු‍ටුවේ පත බෑවිලා මහන්සි අරින කොට අම්මාගෙන ලැබෙන තේ එක. ගේ ඇතුලෙන් එන රෑ බතේ සුවඳ, එව්වා ඔක්කොම අද අතීත ආවර්ජනා විතරයි.

    තියෙන කොට අගයක් නැති, නැතිවුනාම ඇඬෙන, කාළය මැව් වෙනසක අරුමේ...

    ReplyDelete
    Replies
    1. ධනාත්මක චින්තනේ නේන්නං.... :)

      ඒ කතාව ඇත්ත. තියෙනකොට අගේ නැති උනාට නැතිකොට තමයි ඒවෑ අගේ සෑහෙන්ඩ වැඩියෙන්ම දැනෙන්නේ...

      Delete
  6. හෆ්ෆේ මල්ලිට කලින් අයියා ප්ලෑන් ගහලනේ වැඩ ගැන.. කමක් නෑ අපි සුබ පතනවා දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. වෙලාවක අපේ මලයලෑ පැත්තේ ගිහින් එන්ඩ ඕන.

      Delete
  7. එහෙනම් ඔන්න අපිත් මලයට (මධුරංග අයියගේ මලයා මට අයියෙක් වෙන්න ඇති )ජය පතනවා !!!

    ReplyDelete
    Replies
    1. ඔවු. අපේ මලයත් අයියෙක් වෙන්ඩ ඕන.

      Delete
  8. බුහ් හහ් හා...........
    මලයට වඩා අය්යට හදිසියි වගේ හිහි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. හදිස්සි නැතුවමත් නෙමේ ඉතිං...

      Delete
  9. ඉස්සර නං ඈත පලාත් ලැබෙන්නේ රෂියන් උපාධි අරගෙන ලංකාවට ඇවිත් විභාගෙ ලියලා ලියා පදිංචි වෙන අයටයි.

    ReplyDelete
    Replies
    1. කකා :
      ඉස්සර නං කොහොමද කියලා දන්නේ නෑ.
      දැං නම් මෙහේ කැම්පස් වලින් අවුට් වෙන අයටත් දුශ්කර සේවයේ පත්වීම් දෙනවා.

      Delete
    2. දේශද්‍රෝහී කතා කියන්නෙපා බං. මේ රජයෙ දූරදර්ශී වැඩ පිළිවෙල යටතෙ මායිම් ගම්මාන වගේම දුෂ්කර ගම්මානත් වචනෙ පවා ශබ්දකෝෂයෙන් අයින් කරල තියෙන්නෙ, හරිය. ලංකාවෙ හැම පළාතක්ම දැන් සංවර්ධනය කරල, පාරවල් හදල - දියුණුවෙලා. පහුගිය ඌව ඡන්දෙදි මොණරාගල සංවර්ධනය ගැන කොච්චර දේවල් කියවුනාද. අයියගෙ පුතා, මහඇමතිතුමා ඒ පැත්ත උඩුයටිකුරුකරල සංවර්ධනය කරල තිය‍ෙන්නෙ. දැන් එහේ කොළඹටත් වැඩිය දියුණුයි ! හරිය.

      Delete
  10. නියමයි.
    එහෙනං බලමුකො මොනරාගල පැත්තෙ අලුත් තොරතුරු කියල.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. කියන්නංකෝ එහෙනම්..

      Delete
  11. අනුන්ගේ පානිං එළිය බලන්නට උපන් එකෙක්.. වරෙන්කෝ බලන්න මොණරාගල. අපිත් ඉන්නේ සියඹලාන්ඩුව හරියේ හරිය..

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒ පැත්තටත් ඇවිදින් යන්ඩ බැරුව යෑ..

      Delete
    2. පලාතේ එන්න එපා. අපිට හෙන් වල වැඩ තියෙනවා.

      Delete
    3. ඔවු බොට 'හෙන්' ලත් එක්කනං මොකක්හරි වැඩක් ඇති තමයි හේන් කොහොම වෙතත්.

      Delete
    4. ඉරි කෑල්ලකට යාළුකං අමතක කරන වැනියෙක් උඹ. හැක්..

      Delete
  12. මලයට රාගම හම්බවෙන්න තිබ්බෙ. අම්මප මෙහෙමත් අයියල, අපේ එකත් ප්‍රර්ථනා කලේ මහ පාරකින් ඈතට වෙන්න තියන තේ වත්තකට මාව විසි වෙන්ඩ කියල.

    ReplyDelete
    Replies
    1. ශා... අන්න මල්ලිලා. අපේ එකාට හම්බ උන නිසා තමයි යන්නේ. තැන්තං ඌ ඉල්ලන්ඩ හිටියේ රාගම

      Delete
  13. පුරේට හම්බ වුනා නම් අපි ඉන්නවා..
    දවසක එන්න අටමස්ථානේ වදින්න.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.
      ඒ පැත්තෙත් එන්නම්..

      Delete
    2. ඔව් මෙන්ඩට පුළුවන් ඹධූ ආවම අටමස්ථානේ දෙන්න එක්ක වැදල ගල් බෝතලයක් තනියම වදින්න

      Delete
    3. වෙලට හම්බඋනානං අපි ඉන්නව.
      දවසක එන්න හාල යන්න. :D

      Delete
  14. බොට තියෙන්නෙත් මට වගේම ආසාවල් බොල. සොයුරාට අපේ සුබපැතුමුත් එක් කරන්න. අහල පහලට නොවෑ ඇවිත් තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බොලාගේ ගමත් ඒ අහල පහල දෑ ?

      Delete
  15. මේකෙ රිපල්යි කරන්න පුලුවන් විදියට හදපු එකන්ම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔවු.. සම්පූර්ණයෙන්ම ටෙම්ප්ලේට් එක වෙනස් කලා.

      Delete
  16. මං නං මාසෙකට දෙකකට සැරයක් යනෝ ඒ පැත්තෙ.. පහුගිය දොහෙත් ගෙහුන් කුඹුක්කන් ඔයේ නාල හෙම ආවා.. අපේ ලොකු අක්ක දීග දීලා ඉන්නෙ මොණරාගලට නොවැ.. මොනාහරි උදව්වක් හෙම ඕන්නං කියහං.. අපිටත් බැරියැ පස්සෙං පහු බේත් ඩිංගක්වත් ගන්න යනකොට හම්බෙන්න.. ඕන් එහෙනං ජය ශ්‍රී! කිව්ව..

    ReplyDelete
    Replies
    1. ශා.. මරුනේ
      එහෙනම් වෙලාවක අපි දෙගොල්ලන්ට සෙට් වෙන්ඩ බැරුව යෑ..

      Delete
  17. යකඩො ...මූට ගිහිපු චූන් එකක් !
    ඒ දරුව යන්නෙ රස්සාවක් කොරන්න නේද. ඔය ළමය මෙතන සවාරි ගහන්න ලැහැස්ති වෙන්නෙ.

    අලුත් දොස්තරමහත්තයගෙ පළවෙනි පත්වීමට අපෙනුත් සුබපැතුම්.

    ReplyDelete
  18. මල්ලිගේ චාන්ස් එකෙන් අයියාටත් වාසියි වගේ

    ReplyDelete
  19. මම කුරුණෑගල... උඹ නිකමටවත් එන්න එපා මේ පැත්තේ..( කුරුණෑගල කියන්නේ පැරණි රාජධානි හතරක් තිබුන පළාතක්( කුරුණෑගල, යාපහුව,දඔදෙනිය, පඬුවස්නුවර)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.