18 November 2014

නටන වතුරේ ගෙම්බාගේ සිංඩ්‍රෝමය

ගෙම්බෙක් අල්ලා ජල භාජනයකට දමන්න.ඉන්පසු ජලය සෙමින් රත් කරන්න. ජලය රත් වීමට සාපේක්ෂව ගෙම්බා ද සිය ශරීර උෂ්ණත්වය ඉහල දමා ගනී. තව දුරටත් ජලය රත් කරන විට ඌත් ඊට සාපේක්ෂව සිය ශරීර උෂ්ණත්වය ඉහල දමා ගනී. කෙමෙන් කෙමෙන් ජලය නටන උෂ්ණත්වය කරා එනවිට ගෙම්බාට තව දුරටත් සිය ශරීර උෂ්ණත්වය ඉහල දැමිය නොහැක.

එසේම ඌට රත් වූ ජල භාජනයෙන් පැන යාමට ද නොහැකිය. එසේ වන්නේ ඌ සිය ශරීර උෂ්ණත්වය ඉහල දමා ගැනීමට ශක්තිය වැය කල නිසාවෙනි.

ඔබ සිතන පරිදි ගෙම්බාට මිය යාමට සිදු වූයේ කුමක් නිසා ද ?

බොහෝ දෙනෙකුගේ පිළිතුර ජල භාජනය යන්නයි.

එහෙත් එය නිවැරදි පිළිතුර නොවේ. ගෙම්බාට මිය යාමට සිදු වූයේ අවශ්‍ය විටෙකදී තීරණ ගැනීමට තිබූ නොහැකියාවයි. අපි හැමෝටම අප ඉන්නා තැන අනුව අප ඇසුරු කරන මිනිසුන් අනුව වෙනස් වීමට සිදු වේ.

ඒ ඒ තත්වයන් වලට හුරු වීම හෝ ඒ ඒ තත්වයන් වලට මුහුන දීමට සිදුවේ.එසේම ඒ ඒ තත්වයන් වලදී අපිට අවශ්‍ය කරන තීරණය ගැනීමට අප අමතක නොකල යුතු ය.

අදාල තීරණය ගැනීමට සුදුසු අවස්ථාවේදි අදාල තීරණය ගැනීමට මතක තබා ගත යුතු ය.

---------------------------------------------------------------------
මේක මට ඊ මේල් එකකින් ආපු කතාවක්. වටියි කියලා හිතුන නිසා ටික වෙලාවක් අරගෙන සිංහලයට පරිවර්තනය කලා. මේ ඊ මේල් පණිවිඩයේ මාතෘකාව තිබුනේ THE BOILING FROG SYNDROME කියලා. මම ඒක එහෙම්මම සිංහලයට දැම්මා. :)

16 comments:

  1. උඩින් කියපු පරික්ෂණය ප්‍රාණගාතයක් නේද?? හැක්.. ඔව් තීරණ ගැනීම ඉතා වැදගත්. ඒකනේ මම කිසිම තීරණයක් නොගන්නේ.. හැක් අයියෝ මල මගුල.. මේ ටෙම්පලේට් එක වෙනස් කරහං යකෝ කොල්ලෝ.. මනමාලයෝ.. ඔටුවෝ.. මඩුවෝ..

    ReplyDelete
  2. හහ් හහ් හා.... මේල් එකකින් නේද?
    මේ කතාන්දරය තිබුනෙ මාසයකට දෙකකට කලින් රාවය පත්තරේ. රචකයා ගාමිනි වියන්ගොඩ. මේකෙන් කියන්නෙ ජනාධිපති පරාජයකිරීම සහ ඊට පෙලගැසීම.

    ගෙම්බ කියන්නෙ රට! රට ගමන් කරන විනාශයේ මාර්ගයෙන් ඉවත්කිරීම (මහින්ද පැරදවීම) තමයි රත්වූ වතුර හැලියෙන් පැනීම! ඉතිං ඇයි පරක්කු වෙන්නෙ?

    [ඔන්න මධුරංග මලයත් දැං දේශපාලන බ්ලොග්කාරයෙක්!]

    ReplyDelete
  3. හ්ම්.................... මධුරංග නියම න්‍යායක්..... අැත්තට ම අදයි අැහුවේ... හරි වැදගත්...

    අපිට හැමදේකම සීමාවක් තියෙන්න අවශ්‍යයි.. තීරණයක් ගන්න අවශ්‍ය විට ඒක ගන්න ඔ්ෙන්... නැති වුණාම අපිට අවශ්‍ය තීරණය ගන්න සුදුසු වෙලාව අපි අතින් ගිලිහෙනවා..... ඒතෙක් නොසිටිය යුතුයි... සාමාන්‍ය ජීවිතයට විතරක් නෙමෙයි හැම දේකට ම වැදගත්......

    ReplyDelete
  4. නියම වෙලාවෙදි නිවැරදි තීරණ ගන්න එකනං ලොකු වැදගත්කමක් තියෙන දෙයක්.

    ReplyDelete
  5. ලිං මැඩියන්ට ඔය ප්‍රශ්න නැත

    ReplyDelete
  6. වතුර නටන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි ගෙම්බෝ දිය කෙළ කෙළ හිටියේ..
    කාලීන මාතෘකාවක්..
    රාජ් ගේ කොමෙන්ටුව හා ඒ සමානවම ප්‍රා ජේ ගේ කොමෙන්ටුවත් අගෙයි.

    ReplyDelete
  7. හිහික්...
    කියවද්දිම මට තේරුණා මේක නං ඔලුව අතගාල ටොකු ඇනිල්ලක් කියල...
    හිහි

    ReplyDelete
  8. රාජ් දන්නේ නැතිවට මධුරංග හොද දේශපාලන බ්ලොග් කරුවෙක් තමයි. හැබැයි ඇනෝ කෙනෙක් හැටියට තමයි වැඩට බහින්නේ. එක පාරක්නං අහු උනා. ඒත් අපි කිහිප දෙනෙක් තාම මේකා පොඩි එකානේ කියලා ඒක ප්‍රසිද්ධ කලේ නැහැ.

    ReplyDelete
  9. නිවැරද තිරණ නිවැරදි කාළයට ගතයුතු බව උගන්වන කතාවක්...

    ReplyDelete
  10. ඇත්ත ඇත්ත අපේ තීරණ තමා අපේ ජීවිතය

    ReplyDelete
  11. ගෙම්බානෝ සදානෝ :D

    ReplyDelete
  12. අපි ගන්න තීරණ මතයි අපේ පැවැත්ම රදා පවතින්නේ.. හොද න්‍යායක්..

    ReplyDelete
  13. ඒකනම් කදිම උදාහරණයක්, උපහැරණයක්, ජීවනාවබෝධයක්. ඒ කියන්නෙ දේසේ හැටියට වාසේත් එතරම්ම උචිත නෑ.

    හෙහ්! එහෙම බලපුවාම හෙල උරුමෙත් ගෙම්බෙක් නෙවෙයි!!

    ReplyDelete
  14. නියම වෙලාවෙදි නියම තීරණ ගන්නවනං උඹ මේ බ්ලොගේ ටෙම්ප්ලේට් එක මීට කලින් වෙනස් කරන්න ඕනෑ.කීදෙනෙක් කී සැරයක් කියල තිබ්බත් උඹ ඒක ගණනකට ගත්තෙ නෑනෙ.

    ReplyDelete
  15. ගන්න සමහර තීරණ නොගෙන බැහැ..ඒත් ගත්ත කියල ඇති වැඩකුත් නැහැ.

    ReplyDelete
  16. කථාව කෙටි උනාට හොඳ ගැඹුරු අරුතක් තියෙනවා...නූතන දේශපාලනයටත් බද්ධ කරන්න පුලුවන් වගේ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.