13 November 2014

අපේ මලයා සහා ගමේ පළවෙනි දොස්තර

අද මම වැඩට ගියේ නෑ.. අද නිවාඩුවක් දැම්මා. ඒ වෙන මොහොකටවත් නෙමේ. අපේ මලයගේ උපාධිප්‍රදානෝත්සවය යෙදිලා තියෙන්නේ අද.

ඒ නිසා අපි කට්ටියම උදෙන්ම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ගියා. අපේ මලයා ලෑස්ති කරලා තිබුන වෑන් එකේ තමයි කට්ටියම ගියේ.

ශාලාවට ඇතුල් වෙන්න අවසරපත් දෙකක් විතරයි තිබුනේ. මායි අපේ උන්දැයි කලින් ඉදලම හිතාගෙන උන්නා අම්මලා උත්සවේට ගිහිං එනකන් අපි දෙන්නා එලියෙන් ඉන්නවයි කියලා. ඒත් අපි දෙන්නටත් අවසරපත් දෙකක් ලැබුන නිසා එලියට වෙලා ඉන්ඩ උනේ නෑ.අපි දෙන්නත් උපාධි ශාලාවට ගියා.

මේ උපාධි උත්සවේ කොටස් දෙකකට තිබුනේ. පලවෙනි කොටස වෛද්‍ය පීඨයේ අයටයි ශාස්ත්‍ර පීඨයේ අයටයි උපාධි දුන්නා. ඉතිරි පීඨ වල අයට උපාධි දෙන්නේ ඊලඟ කොටසට.

අපේ මලයා කැළණිය සරසවියේ වෛද්‍ය විද්‍යා උපාධිධාරියෙක්.ඒ වගේම තමයි අපේ මලයා තමා අපේ ගමෙන් බිහිවෙච්ච පළවෙනිම වෛද්‍යවරයා.

ඒ කොයි වෙතත් අපේ ගෙදර අයට අද සෑහෙන සතුටු දවසක්. විශේෂයෙන්ම මට සෑහෙන සතුටු දවසක්. මොකද මට කියලා කුරණි වලින් මනින තරම් සහෝදරයෝ ඉන්න එකක් යෑ.. ඒ නිසා මගේ හිතට ලොකු සතුටක් දැනුනු දවසක් අද. ඒ නිසාමයි මේ බ්ලොග් සටහනත් ලියා තියන්ඩ හිතුවේ.

අපේ මලයා මොන උපාධිය ගත්තත් මට නම් තාම දැනෙන්නේ එදා වගේම මාත් එක්ක රණ්ඩු වෙච්ච මාත්තෙක්ක හිනා වෙච්ච මාත්තෙක්ක බැනගත්තු එකාමයි කියලා.

ඔය පහලින් තියෙන පින්තූරේ ඉන්නේ අපේ මලයා.පේනවනේ හෙන ගැම්මෙන් ඉන්නේ කියලා... පුඃ :)
උදේ ඉදලා එහාට්ට මෙහාට්ට දුවලා හරිම මහන්සියි. ඒත් ඉතින් අදම පොඩි සටහනක් බ්ලොග් එකේ දාලම ඉන්නවා. එහෙනං මං යනෝ.. ජය වේවා !

18 comments:

  1. කාටද ආඩම්බර. ඕන් මලයණ්ඩිටයි අයියණ්ඩිටයි දෙන්නටම අපේ සුබපැතුම්.

    ReplyDelete
  2. මලයට උණුසුම් සුභ පැතුම් කිව්ව ඕං..
    රටට වැඩදායි වෛද්‍යවරයෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා

    ReplyDelete
  3. බොහෝම හොඳා.. බොහෝම හොඳා...
    මලයා ගමේ පලවැනි වෙදැදුරු. අයියා ගමේ පලවෙනි ලෙඩාදෑ.. :D

    ReplyDelete
  4. පළවෙනි බබා උඹගේ වෙයිද?? හැක්..

    ජය වේවා මලයා දොත්තරට..

    ReplyDelete
  5. දොස්තර උන්නහේට ජයෙන් ජයම වේවා...
    හැබැයි මම කීව කියල කියාං අය්යෙ
    ගිනි කන්නෙක් නං වෙන්ටෙපා කියල
    හිහිහිහිහිහි

    ReplyDelete
  6. සුබ පැතුම් මලයට....ඔයා එතකොට ගමේ පලවෙනි ඉන්ජාද? අපරාදේ දෙන්නට එලියට වෙලා මල් කඩන්න තිබුන චෑන්ස් එක නැති උනා නේද? :p

    ReplyDelete
  7. බොහොම සතුටුයි.

    ReplyDelete
  8. මල්ලිට සුභ පැතුම් .. අමමලට ගොඩක් සතුටු ඇති ... අයියටයි මල්ලිටයි ජයවේවා ..!

    ReplyDelete
  9. මල්ලි දොස්තර මහත්තයට සුබ පැතුම් !!

    //මායි අපේ උන්දැයි// ඇයි අනේ එහෙම කියන්නෙ. අපේ නෝනා කියලවත් කියන්ට කෝ. උන්දැ කිව්වම හරි නෑ හරි නෑ වගේ නෙ. :)

    ReplyDelete
  10. දොස්තර මලයට අපෙනුත් සුභ පැතුම්.. ජය ශ්‍රී!

    ReplyDelete
  11. හදවතින්ම සුබපතනවා. හදේ ගැස්ම නලාවෙන් අහන ඒ හදේ ගැස්ම කියන කතාවත් අහන වෛද්‍යවරයෙක් වෙන්න කියල කියනවා.

    ReplyDelete
  12. මධුරංග මුලින් ම සුභ පතනවා මල්ලීට සුභ අනාගතයකට වගේ ම රටේ ජනතාවට වැදගත් සේවයක් කරන්න ලැබේවා කියලා....

    දෙවැනියට ඔබට ස්තූතියි කියන්න ඕනේ මේ පෙන්නපු මනුස්සකමට... සහෝදර බැදීමට....

    තුන්වෙනියට කැළණිය විශ්ව විද්‍යාලයට ස්තූති කරන්න ඕනේ.. ඇත්තට ම මේ කමෙන්ටුව දාන මමත් අද මෙතැන ඉන්නේ විදුලකර හින්දා තමයි....

    ReplyDelete
  13. ඔන්න මලයට අපෙනුත් උණුසුම් සුබ පැතුම්..

    ReplyDelete
  14. පුංචි දොස්තර මහත්තයට අපෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  15. ජයෙන් ජයම වේවා අලුත් දොස්තර මහත්තැන්ට...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.