12 November 2014

පරිගණක ඉංජිනේරුවෝ

මට අද වැඩ කරගෙන යන වෙලාවේ නිකමට වාගේ හිතුනේ පරිගණක ඉංජිනේරුවෙක් කිව්වහම මිනිස්සු පුදුම දේවල් ගොඩක් හිතාගෙන ඉන්නේ කියලා. කොටින්ම මිනිස්සු හිතන්නේ පරිගණක ඉංජිනේරුවෙක් කිව්වහම පරිගණකයේ ඇණයක් ඇණයක් ගානේ ඉදලා දන්න කෙනෙක් ය කියලා.

ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඕන කෙනෙක්ගේ ඔලුවට එක පාරටම එන්නේ පාලම් හදන ගොඩනැගිලි හදන කෙනෙක් කියලා.එතකොට ඕන කෙනෙක් මුලින්ම අහන්නේ "කොහේ බිල්ඩිමක්ද/පාරක්ද/පාලමක් ද හදන්නේ" කියලා. පරිගණක ඉංජිනේරුවෙක් කියලා කිව්වහම චුට්ටක් විතර කල්පනා කරලා අහන්නේ "කොම්පියුටරයක් හදන්න පුලුවන්ද ?" කියලා. කම්පියුටරයක් හදනවා කියන්නේ එක එක කෑලි ගෙනත් එකලස් කරලා හදන එක නෙමේ. IC කෑල්ලේ පාස්සලා හදන්ඩ පුලුවන්ද කියලා. එහෙම කරන්න පුලුවන් නං අළුත් කම්පියුටර් වර්ගයක් හදලා විකුණ ගන්ඩ බැරුව යෑ. :)

තව එකක් තමා පරිගණක ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඔපිස් ගිහින් කරන්ඩ ඕන වැඩ මොනවද කියලා අහනවා. සොෆ්ට්වෙයාර් හදනවයි කියලා උත්තර දුන්නහම ඊලඟට අහන්නේ "ෆොටෝෂොප් වගේ මයික්‍රොසොෆ්ට් ඔපිස් වගේ සොෆ්ට්වෙයාර් හදන්න පුලුවන්ද?" කියලා. කණ්ඩායමක් එකතු වෙලා ඒ ජාතියේ ඒවා හදන්ඩ බැරි කමක් නෑ. ඒත් මිනිස්සු හිතන්නේ ඒ වගේ එකක් තනියම හදන්ඩ පුලුවන් ඇති කියලා.

හොඳම වැඩේ තමා කාගේ හරි කොම්පියුටරේක මොකක් හරි අවුලක් ආවොත් ඒකට ක්ෂණික උත්තරයකුත් බලාපොරොත්තු වෙනවා. හරි හමන් උත්තරයක් දෙන්න බැරි උනොත් ඒ අය හිතන්නේ එච්චර වැඩ බෑයි කියලා.

ඔය වගේ වැඩක් මට හම්බ උනොත් මම කරන්නේ එක එක ටෙක්නිකල් වචන ගොඩාක් දාලා ලොකු උත්තරයක් දෙනවා. ඒක අනිවාර්යෙන්ම තේරුම් ගන්ඩ බෑ කියලා හිතුනහම ඒ අය සද්ද නොකර ඉන්නවා.ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් වැඩක් නං ඉක්මනින් කරලා දානවා එහෙමත් අමාරු වැඩක් නං පස්සේ හිමිහිට දන්න කෙනෙක්ගෙන් අහලා, එහෙම නැත්නම් ගූගල් වලින් හොයලා ඒ කොම්පියුටරේ හදලා දානවා.

එතකොට දෙගොල්ලන්ටම ප්‍රශ්නයක් නෑ නෙහ්.. අනික අපි කියලා හැම ප්‍රශ්නෙටම උත්තරේ කට පාඩං කරගෙන ඉන්ඩ කියලා යෑ...හික්ස් :)

11 comments:

  1. ඒක නම් පට්ට‍යැ. මම මෙසේම කරමියැ

    ReplyDelete
  2. මම නම් හිතන්නෙ බං මෙහේ සමහර අය ඔය ‘පරිගණක ඉංජිනේරුවෝ‘ කියල භාවිත කරන එකම වැරදියි.

    ReplyDelete
  3. DDT ++++ it is the truth. Most of them are programmers not engineers. That is why this is not accepted by the IESL Sri Lanka..

    ReplyDelete
  4. මදුරුවා කිව්ව වගේ ඉංජිනේරු යෙදුම පරිගණක වලට යෙදීම ලංකාවේ ප්‍රාෙයා්ගික නෑ. නියම අදහස නෙමෙයි එන්නේ..

    ReplyDelete
  5. මෘදුකාංග ඉංජිනේරුව නං ටිකක් ගැලපේ තමා ඒත් ඔය කියන විදියට ඒක නිකං හරක් මස් එක්ක මාස්මෙලොස් කරනව වගේ මෙලෝ ගැලපීමක් නෑ...
    අනේ මංද

    ReplyDelete
  6. ඕක ඔය ඉංජිනේරු කියන නම දාගන්න කරපු වැඩක්ද කොහෙද.

    ReplyDelete
  7. කතාව හැබෑව............ ඔන්න මම නම් අයේ පරිඝණක ඉංජිනේරුවෙකුගෙන් කිසිම දෙයක් අහන්නෑ.......... ෂුවර්...........

    ReplyDelete
  8. ow appa ahuwata melo atamagalayak danne na maha lokuwata kare IT kiyanawa heh ( :) )

    ReplyDelete
  9. ම්ම් ඔතන ප්‍රස්නයක් තියනවා තමා. පරිගණක ඉංජිනේරු කිව්වට කැම්පස් එකේදි වැඩිපුරම නැඹුරුවක් දෙන්නේ මෘදුකාංග පැත්තට. මෘදුකාංග ඉංජිනේරු කිව්වොත්නම් හරි. හැබැයි රස්සාවට ගියාට පස්සේ මේ ඉන්ජිනේරුවොයි අනිත් ආයතන වලින් එන ප්රෝග්‍රමර්ස්ලයි එකම ගොඩේ. ගොඩක් වෙලාවට ඒ ආයතන ඉන්ජිනේරුවොන්ගෙන් හරි හමන් වැඩක් ගන්නේ නැහැ. නිකන් අපරාදේ...

    ReplyDelete
  10. Software engineer කියන එක පාවිච්චි කරන්න බැහැ. එහෙනම් පරිගනක භාශා බොහොමයක් ගැන හසල දනුමක් තියෙන්න ඕන. තව Hardware එක්ක direct communicate කරන්න තරම් දැනුමක් ඕන, අවම සුදුසුකම්. මොකකින් හරි එක ලැන්වෙජ් එකක් ඉගෙන ගනිපු ගමන් අපෙ අය හිතන්නෙ ඉන්ජිනියර් කියල. ඉන්ජිනියර් කියන පොස්ට් එකත් බාල්දු වෙනව ඒකෙන්.

    ReplyDelete
  11. MEKANAM BUN PARAVALVALA PASTER GHANNA TARAM VATINAVA

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.