11 November 2014

දහතුන

බටහිර ජාතින්ගේ විශ්වාසයට අනුව දහතුන අසුබ අංකයකි. මෙයට හේතුව කිතු දහම හා බැඳී පවතී. ජේසු තුමන් සිය ගෝලයන් සමග සහභාගී වූ අන්තිම රාත්‍රී භෝජනයට පැමිණි සංඛ්‍යාව දහතුනකි.

ඒ ජේසු තුමා හා ගෝලයන් දොලස එකතු වීමෙනි. මේ රාත්‍රී බෝජන සංග්‍රහයෙන් පසුව ජේසු තුමාව ජුදාස් නම් සිය ගෝලයා විසින් පාවා දුන් නිසා ඔවුන් දහතුන යන සංඛ්‍යාව අසුබ ඉලක්කමක් යැයි සලකති.

මේ නිසාම ඔවුන් සුබ කාරණාවලදි දහතුන භාවිතා කරන්නේ නැත. අංක තහඩුවට දහතුන යෙදෙන වාහන මිලදී ගැනීමටද ඔවුන් මැලි වේ. එසේම සමහර සුපිරි පංතියේ හෝටල් වල දහතුන් වෙනි කාමරයක් පවා දකින්නට නොලැබේ.

වර්ෂයක කිසියම් මාසයක දහතුන් වෙනි දිනය සිකුරාදා දිනයක යෙදේ නම් එය දහතුන ඉලක්කමේ අසුබබව තවත් වැඩි කරන්නකි. ඒ නිසා එදින සුබ කටයුතු ඇරඹීමෙන් වැලකීමට ඔවුන් වග බලා ගනී.

නෝර්වේජියානු පුරාවෘත්තයකට අනුව දෙවිවරු දොලහක් සහභාගී වූ උත්සවයකට තවත් ආරාධනා නොකල දෙවි කෙනෙක් පැමිණ උත්සවය සංවිධානය කල දෙවිවරුන් සේරම මරා දැමූ බව සඳහන් ය. මේ නිසා ඔවුන් ද දහතුන අසුබ ඉලක්කමක් යැයි සිතති.

මීට අමතරව දහතුන අසුබ ඇයි කීමට කාරණා බොහෝමයක් බටහිර ජාතීන් අතරේ පවතී.

----------------------------------------------------------------------
ප.ලි. - කාලයක් ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ ලිපියක් සුද්ද බුද්ද කරලා සම්පූර්ණ කලා. කෝට්ටේ රාජධානිය ගැන ලියන්න තිබ්බ ඉතුරු ලිපිය ඉක්මනින්ම ලියන්නම්.

14 comments:

  1. එතකොට 9 ගැන මොකද කියන්නේ????

    ReplyDelete
  2. Hotal kamara kathawa hema Ratakama wage thiyenawa kiyala dannawa lankawedi wahana ankaya 13 lokuwata hithnawa, Germanye nam ekagena loku selakillak newge.Mage athdekeem, Asurukarana/ekata weda karana aya athara nam mata hamuwela ne. (thawath ayata wena Athdekeem thiyenna puluwani) (Ranjan)

    ReplyDelete
  3. මේක මදුරංගගෙ දහතුන් වෙනි පෝස්ට් එකද? හෙහ්.. හෙහ්.. අපේ රටෙත් වාහන වලට නම් ඔය දහ තුනේ කේස් එක ටිකක් තියෙනව නේද? අපි ඒ ලෙවල් කරල ගෙදර ඉන්න දවස් වල මගේ යාලුවෙක් ගත්ත CM බයික් එකක් *13- 7312.. අවුරුදු දෙකකට වැඩිය අපි ඔක්කොම පට්ට පලු යන්න පැදල ගත්තටත් වැඩිය රුපියල් දහ දාහකට මුස්ලිම් මුදලාලි කෙනෙකුට දුන්න.. හෙනයක් වත් උනේ නම් නෑ..

    ReplyDelete
  4. එතකොට 13 වැනි සංශෝධනේ? :-D

    ReplyDelete
  5. ලංකාවටත් 13 දැන්නම් අසුබයිලු..

    ReplyDelete
  6. හිකිස්.. හොටෙල් වලත් 13 කාමරේ නැතිලුනේ..

    පොඩි කාලෙ නානකොට නාන බාල්දි ගාණ ගනිනවා නොවැ. ලිද ලග තනියෙන් නාන්න බය කාලේ මම හරිම ඉක්මනට 9 සහ 13 ඉක්මනට පන්න ගන්නවා.. නැත්තං හොරට ගණිනවා..

    මාත් හලි ලොල් බං !

    ReplyDelete
  7. සමහර විශ්වාස ඔය දියුණුයි කියන ජාතින් අතරත් අටුවම් බැහැල තියෙනවා ඒක ඇත්ත..

    ReplyDelete
  8. ඒ වුණාට 13 කීවට හැම දේම නරක් වෙලා නෑඍනෙ..
    පේනවනෙ ලංකාවෙ 13

    ReplyDelete
  9. අනේ මන්දා.... 13 අසුබයි කිව්ව‍ට අසුබ වුණු කෙනෙක්ව නම් තාම හම්බුණ් නෑ!
    හැබැයි...9 නපුරුයි කියන එක නම් ඇත්ත වගේ!!

    ReplyDelete
  10. 9 නපුරුයි කියන කතාව අහලා තියෙනවා. ජර්මන් භාෂාවෙන් ඒකේ තේරුම 'නෑ' කියන එකලු. සමහර රටවල හොඳ නැහැ කියන්නේ වෙන, වෙන ඉලක්කම් නේ.

    ReplyDelete
  11. කුරුටු ගෑ ගී පවුර :
    ඒක නං දන්නේ නෑ..

    Anonymous :
    ඒකනේ.. සමහරු හිතන්නේ 13 අසුබයි කියලා.

    කල්‍යාණ මිත්‍ර :
    ඔය සේරම හිතේ තියෙන ලෙඩ නෙව. නැතුව ඔය අංකයකින් කරන්ඩ පුලුවන් දෙයක් නෑ..

    කුරුටු ගෑ ගී පොත :
    මම මුකුත් නොකියමි..හික්ස් :)

    ReplyDelete
  12. Dinesh :
    ඔවු ඔවු ඔවු.. අසුබ වේගෙන එන්නේ..

    sAm (සෑම්) :
    ලොල් නේන්නං.. ඔහොම එකෙක් හම්බ උනාමයි.. :)


    දේශක යා :
    ඒ කතාව හරි... !

    ReplyDelete
  13. Mahesh Rathnayaka :
    ඔවු.. ලංකාවේ 13 සුබ වෙච්ච කට්ටියකුත් ඉන්නවා..හික්ස් :)

    රූපේ :
    9 අසුබ උන කෙනෙක්ව හම්බ වෙලා තිබේ ද ?

    Podi Kumarihami :
    නමය නපුරු කියන කතාව මාත් අහලා තියේ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.